මහ ගං වතුරේ ගසාගෙන ගිය මෝටර් රථය හා රියදුරු ප්‍රදේශවාසීන් බේරාගනී..

December 8, 2019 at 5:30 pm | lanka C news
මහ ගං වතුරේ ගසාගෙන ගිය මෝටර් රථය හා රියදුරු ප්‍රදේශවාසීන් බේරාගනී..

කිලිනොච්චිය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධාරාණිපාත වර්ෂාවෙන් ඇති වූ ජල ගැලීම් වලදී සැඩ පහරකට හසුව ගසාගෙන ගිය කාර් රථයක් හා එහි රියදුරු ප්‍රදේශවාසීන් විසින් බේරාගැනීමට පියවර ගෙන ඇත.

කිලිනොච්චිය වඩ්ඩකච්චි රාමනාදපුරම් ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් සිටි කාර් රථයක් වාන් ජල සැඩ පහරකට ලක්ව ගසාගෙන ගොස් රියදුරුද සමග පාලමක සිරවී තිබූ අතර එම අවස්ථාවේදීම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසී තරුණයින් විසින් කාර් රථයේ සිරවී සිටි රියදුරු පළමුව බේරාගෙන ඇති අතර පසුව මෝටර් රථයද බේරාගනු ලැබීය.

කාර් රථයේ රියදුරු බේරාගැනීමෙන් අනතුරුව කිලිනොච්චිය මහරෝහලට ඇතුලත් කල අතර රියදුරුට එතරම් බරපතල නොවන බවටද වාර්ථාවෙයි.

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මාර්ගයන්හි ධාවන කටයුතුවල නිරත වන රියදුරන්ට ඇතුලු සියලු දෙනාට අවධානයෙන් ගමන් කරන ලෙසටද ආපදාකලමනාකරන නිලධාරීන් දැනුම් දී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

33,173 Viewers

2 Comments to “මහ ගං වතුරේ ගසාගෙන ගිය මෝටර් රථය හා රියදුරු ප්‍රදේශවාසීන් බේරාගනී..”

  1. Kaush says:

    What wonderful news.. People gather and help each other irrespective of ethnicity or religion when another person is in trouble… I hope our narrow minded politicians sees this

    • Victor says:

      Some politicians may be narrow minded. The worse problem is that they drum up racism to keep us separate so that they have a cause to fight for and stay in power and enjoy the perks that come with it. We should expose their dirty deeds no matter what ethnicity they are from. Never vote for such selfish pigs.

Main News