මහ දවල් මහ බැංකුව කැඩුවා.. කෝටි ගාණක් හොරකම් කලා.. එජාපය ආණ්ඩුවේ හොදනම නැති කලා..

June 25, 2018 at 12:00 pm | lanka C news
මහ දවල් මහ බැංකුව කැඩුවා.. කෝටි ගාණක් හොරකම් කලා.. එජාපය ආණ්ඩුවේ හොදනම නැති කලා..

එජාපය සමග එක්ව කිසිදා ජනාධිපතිවරණයකට නොයන බවත් ශ්‍රිලනිපයේ පිහිටෙන් අවුරුදු 21කට පසුව බලයට පැමිණි එජාපය ආණ්ඩුවේ හොඳ නාමය කෙලෙසා ඇති බවත් බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ වෙන්නප්පුව ශ්‍රීලනිපයේ ආසන බලමණ්ඩල රැස්වීමකට සහභාගි වෙමිනි.

“මහ දවලේ මහා බැංකුව කඩලා, කෝටි ගණන් මුදල් හොරා කාලා, 2015දී දුන් ජනවරමේ විශ්වාසය නැති කළේ මේ එක්සත් ජාතික පක්ෂය කියන එක පැහැදිලියි. අවුරුදු 21ට පස්සේ අපේ ජනාධිපතිතුමාගේ පිහිටෙන් ආණ්ඩුවක් අරගෙන මේ අවුරුදු 21ම ඇරියස් එක ගන්න ගියා මසෙන් දෙකෙන් මේ එක්සත් ජාතික පකෂය. ඒ නිසා තමයි මේ ආණ්ඩුවේ හොඳ නම කෙලෙසිලා තියෙන්නේ. ඒක තමා ඇත්ත කතාව. ඒ පාපකර්මයට මේ ආණ්ඩුවක් හදන්න ගිය, ආණ්ඩුවක් ආරක්ෂා කරන්න ගිය, ශ%s ලංකා නිදහස් පක්ෂයටත් කර ගහන්න වුණ නිසා තමා පක්ෂයටත් මේ හානිය වෙලා තියෙන්නේ.

අපි කවදාවත් එක්සත් ජාතික පක්ෂයත් එක්ක ජනාධිපති කෙනෙක් හදන්න එන්නේ නෑ. අපිට රෙද්දක් ඇඳගෙන එහෙම යන්නත් බෑ. අපි අතර තියෙන්නේ ගමන් දෙකක්. මේ පක්ෂය පොඩි මිනිහගේ පක්ෂයක්. වංචාවට දුෂණයට එරෙහිව යන පක්ෂයක්. මේ පක්ෂය තාවකාලිකව බෙදුණත්, තාවකාලිකව කැඩුණත්, මේක නැවත ගොඩනගලා අපේ පක්ෂයේ නායකයෙකු ජනාධිපති කරන එක ස්ථිරයි යැයි පවසීය.

– ada

2 views

12 Comments to “මහ දවල් මහ බැංකුව කැඩුවා.. කෝටි ගාණක් හොරකම් කලා.. එජාපය ආණ්ඩුවේ හොදනම නැති කලා..”

  1. SUNIMAL says:

    සිරිසේන රනිල් දෙන්නම එක කාසියේ දෙපැත්ත මුන්ට රැවටෙන්න එපා

    • Amda says:

      හ්ම්ම්…මේක වෙන කාගෙවත් ආන්ඩුවක් නෙ
      කට්ටක් විසි කලාම වරුවක් බුරයි..

  2. සුදත් says:

    අෙප් සල්ලි වලින් කාලා සද්ද නැතිව ඉන්නෙකා් අයිෙය්.. වද ෙනාදී…

  3. සීගිරි says:

    පරම්පරාගත හොරුන් දූෂිතයන් – බැංකු ෆිනෑන්ස් පොලී සූදුකාරයින්-කුප්‍රකට ව්‍යාපාරිකයන්-දූෂිත රාජ්‍යය නිලධාරින් යන “අශුද්ධ සංධාන” පාලනයේ ඇති මේ රාජ්‍යය ජනතාව පෙලන ජනතා විරෝධි එකකි.
    ජනතාවට අවශ්‍ය තම අභිමතය ක්‍රියාවට නැගෙන ජනරජයකි.
    එය මහින්දටවත් ගෝඨාටවත් රනිල්ටවත් මෙෙත්‍රිටවත් අපට ලබා දිය නොහැක….ඉහත අශුද්ධ සංධානයේ නියෝජිතයන් වන ඔවුන් අතින් කවදාවත් ඉටු නොවන්නකි..
    එය ජනතාවට ලබා ගත හැක්කේ ඉහත සදහන් සියලු “හවුල් හා පුද්ගලයන්” සඳහටම අතුගා දමන පොදුජන විප්ලවයකින් පමණි.

    • sunweera says:

      JVP පරයො විප්ලවෙ රනිල්ට පාවා දුන්න නේ.

    • සිංහල බන්ඩා says:

      උඹ නම් පිස්සු ජෙපි පූසෙක් වගෙය්.

    • IRELAND KUMA says:

      උඹ සීගිරි ගලටත් අපහාසයක්,ලපයගෙ විස්ස ගෙනල්ල දෙමල සංධානෙ එකෙක් ජනාධිපති කරවල ලපයව උප ජනාධිපති කරවපං.උඹලගෙ කැමැත්ත ඒකනෙ.

  4. Gayantha says:

    Ethakota my3 saha anduwai hitapu saha inna slfp karayo babalada. My3 saha ranil ekathuwela thama maha bankuwa sudda karai. Naittan ai arjun karayata deweni saireth pathweema dunne. Pohohottuwai anduwak awahama issellama allala api hirai yawanne oyage pathola hitan.

  5. Shiva says:

    He is trying to fool people after serving UNP for 3 years and obtained government positions for individual benefits. In spite of two Cope reports and Bond Commission report Colombo majority elite and Company directors voted for UNP and SLFP but ordinary people voted against corrupt government and UNP failed every where except Colombo

  6. vishnu says:

    අනේ මට හරි දුකයි උඹේ ඔය මුනත්තහඩුව
    ඊළඟ මැතිවරණයෙන් පස්සෙ දකින්නෙ
    නැති එක ගැන

  7. Konda aasia says:

    meya mokakatada enne…. Dura panime tharagayata wage

  8. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Thamusege janadipati path uneth UNP CHAndawalin tamusewath maitreeta chandayak dunnada? Den kaapu bate paaranawa.

Main News