මහ පරිමාණයෙන් කුඩු බෙදු දෙදෙනෙක් අල්ලයි..

February 8, 2019 at 5:30 pm | lanka C news
මහ පරිමාණයෙන් කුඩු බෙදු දෙදෙනෙක් අල්ලයි..

කොළඹ සිට ඊසි කෑස් ක‍්‍රමයට දුම්රියෙන් කඩුගන්නාවට හෙරොයින් ගෙන්වා ගෙන එතැන් සිට ත‍්‍රීරෝද රථයක් භාවිතා කරමින් මුළු අරණායක අවට හෙරොයින් බෙදු සැකකරුවන් දෙදෙනෙක් හෙම්මාතගම පොලිසියේ විශේෂ කාර්යංශයට ලැබුණු තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ 07 අත්අඩංගුවට ගත් බව හෙම්මාතගම පොලිසිය පවසති.

මෙම වැටලීමේදි සැකකරුවන් දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අවුරුදු 26 සහ 42 වයසේ පසුවෙන විවාහකයන් වන බවද කියයි. කාලයක සිටම මෙම ජවාරම ඉතා රහසිගතව සිදු කර ඇති අතර අත්අඩංගුවට පත් වු එක් අයෙක් මාවනැල්ල ලංගම ඩිපෝවේ කොන්දොස්තරවරයෙක් වන බවත් අනිත් පුද්ගලයා ඔහුට අයත් ත‍්‍රිරෝද රථයක් ධාවනයේ යෙදෙන රියදුරෙකු බවද පොලිසිය පවසයි. මොවනු වෙළෙදාම මෙන්ම තදින්ම මත්කුඩු වලට ඇබැහි වුවන් වන බවද කියයි.

කඩුගන්නාවේ සිට හෙම්මාතගම හරහා හෙම්මාතගම හොරේවල මාර්ගයෙන් අම්බලකන්ද ප‍්‍රදේශයට සහ අරණායක ප‍්‍රදේශයන් වලට හෙරොයින් කුඩු රැගෙන යන බවට ලැබුණු තොරතුරු වලට අනුව පොලිසිය විසින් මාවනැල්ල හෙම්මාතගම පාරේ අල්පිටිය ප‍්‍රදේශයේ රැකවල්ලා සිට තිබෙනවා. එහිදි හිගුල හරහා අලූත්නුවර මාර්ගයෙන් පැමිණි ත‍්‍රිරෝද රථය හෙම්මාතගම මාර්ගයේ ධාවනයේ නිරත වි ඇත.

අල්පිටිය විහාරස්ථානය අසලදි නිල් පැහැති මෙම ත‍්‍රීරෝද රථය නවතා පොලිසිය පරික්ෂාවට ලක් කර ඇති අතර එය ධාවනය කරන ලද රියදුරා පරික්ෂාවට ලක් කිරිමේදි ඔහුගේ කලිසම් සාක්කුවේ තිබි හෙරොයින් ග‍්‍රෑම් 3 මිලි ග‍්‍රෑම් 100 ක් පොලිසිය විසින් සොයා ගන්නා ලදි. ඔහු අරණායක විමල්වත්ත, අම්බලකන්ද ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකරු අත්අඩංගුවට පත් විමෙන් පසුව ඔහු හරහා ලද තොරතුරකට අනුව සැකකාර ලංගම කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගෙන ඔහු සන්තකයේ තිබි ග‍්‍රෑම් 3 මිලි ග‍්‍රෑම් 220 ක් සොයා ගෙන ඇත. ඔහුද අරණායක අම්බලකන්ද ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම දෙදෙනා කාලයක සිට මෙම ජාවාරම සිදු කර ඇති අතර ඔවුන් අත්අංඩගුට පත් වු බවට ඔවුන්ගේ ගම්වාසීන් දැන ගත් පසු රතිඤ්ඤා දල්වා සිය සතුට පත් කර ඇති බවටද පොලිසියට තොරතුරු ලැබි ඇත. ඒ තරම්ම මොවුන් එම ගම්මාන වල තරුණයන් මත් ජවාරමට ගොදුරු කොට ගෙන ඔවුන්ගේ අනාගතය විනාශ කර ඇති බවටද තොරතුරු වාර්තා විය. මිට පෙරද අවස්ථා ගණනාවකදි අරණායක පොලිසියටද කොටු වි ඇති මොවුන් ප‍්‍රථම වතාවට මෙතරම් විශාල හෙරොයින් ප‍්‍රමාණයකින් කොටු වු පළමු අවස්ථාව මෙය වෙති.

පොලිසිය පවසන්නේ ලක්ෂ තුනකට ආසන්න මුදලක් මෙම මත්කුඩු වලින් මුදල් ඔවුන් උපයන බවටද තොරතුරු ලැබුණු බවයි. පොලිසිය විසින් තවමත් මෙ සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන අතර වැරදි කරුවන් මාවනැල්ල අධිකරණයට ඉතා ඉක්මනින් ඉදිරිපත් කරන බවද කියයි.

– සමන් විජය බණ්ඩාර

17,409 Viewers

2 Comments to “මහ පරිමාණයෙන් කුඩු බෙදු දෙදෙනෙක් අල්ලයි..”

  1. ගන්ජ බන්ඩා says:

    රාජපක්ෂලගෙ කාලෙ ගම් වල හෙරොයින් තිබුනෙ නැහැ. අද හෙරොයින් නැතිමක් නැහැ.

  2. සිංහල බන්ඩා says:

    යහපාලනය ශ්‍රි ලංකාව ලොල්ලො සහ මත් ද්‍රව්‍ය විමානයක් කලා.

Leave a Comment

Main News