මහ පරිමාන මෝල් හිමියන් තිදෙනෙකුගේ දිනක ලාබය කෝටි දහයයි…

June 17, 2022 at 3:50 pm | lanka C news
මහ පරිමාන මෝල් හිමියන් තිදෙනෙකුගේ දිනක ලාබය කෝටි දහයයි…

පසුගිය කන්න වල දී වී අඩු මිලට ගෙන අද වන විට සහල් කර විකිණීමෙන් මහා පරිමාණ සහල් මෝල් තිදෙනකු දිනකට රුපියල් කෝටි දහයක ලබන වන බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති මුදිත පෙරේරා මහතා පෙන්වා දෙන්නේ එම මෝල් හිමියන් මේ දිනවල වෙළඳපොළට නිකුත් කරනු ලබන්නේ පසුගිය කන්න වලදී මිලට ගත් වී තොග බවත් ඔවුන් එම වී කිලෝවක් මිලට ගෙන ඇත්තේ රුපියල් 60ක පමණ මිලකට බවත්ය.

එමෙන්ම ඉකුත් මහ කන්නයේදී මොවුන් වී මිලදී ගෙන ඇත්තේ කිලෝවක් රුපියල් 110 ට බවද හෙතෙම සඳහන් කළේය.

දැනට රජයේ පාලන මිල යටතේ සහල් අලෙවි කළ ද මොවුන් තිදෙනාට සහල් කිලෝවකින් රුපියල් 50 ක ලාභයක් ඇතැයිද හෙතෙම කියා සිටී.

49,648 views

8 Comments to “මහ පරිමාන මෝල් හිමියන් තිදෙනෙකුගේ දිනක ලාබය කෝටි දහයයි…”

  1. සිරා says:

    හරියට බදු ගෙවනවානම් කොච්චර ලාභ හෙව්වත් ගැටලුවක් නෑ

    • King Bull says:

      ලාභය සාධාරන අගයක් නෙමෙයි . බද්ද ගෙවන්නෙත් අපි නේද ?

  2. සනත් ඉතාලිය says:

    මේක දැක්ක ගමන් මතක් උනෙ සෑර් පත් උන ගමන් හාල් මෝල් වලට පැනල හාල් කඩ වලට පැනල පැන්සොන් ගිය කාකි කට්ටිය ලව්ව තග දම්මල මුලු ලෝකෙටම හාල් දෙන්න දීපු ටෝක්ස්.අන්තිමේ හාල් කිලෝවක් කන්න ගන්න එකත් නිවුස් එකක් වෙන මට්ටමට ගෙනත් තමා නාඩගම කෙලවර කලේ.යන්න කලින් තව මොන විගඩම් නටාද ?

  3. 3% ට බය බයියා. says:

    ආදායම් බදු නිලධාරීන් මර නින්දේ .

  4. සහොදරය says:

    හාල් මෝල් හිමියන් 3ට බය ආන්ඩුව කොහොම ද රටක් පාලනය කරන්නෙ

  5. Lalla says:

    ඒ අය ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෝ. විජාතිකයින් ඇවිත් කොච්චර ලාභ ගත්තත් කට නොහරින ලාංකිකයන්ට ඇයි අපේ රටේ අය ගැන ඊර්ෂ්‍යාව. ඔව්හු රැකියා උත්පාදනය කරන අය.බදු ගෙවන්නන්. පඩංගු දේශපාලුවන් වගේ හොරු නොවේ.

  6. Gamarala says:

    මේවට බදු ගන්නේ නැද්ද?

  7. Sri Lankan says:

    They are earning millions of profit per day. No problem if it is reasonable. The most important thing that they should understand is none of them can consume at least one kilogram of rice per day.

Main News