මහ බැංකුවේ ණය ටි‍්‍රලියනය ඉක්වමා යයි…

July 29, 2021 at 8:40 am | lanka C news
මහ බැංකුවේ ණය ටි‍්‍රලියනය ඉක්වමා යයි…

ශ්‍රී ලංකාවේ බැදුම්කර හා භාණ්ඩාගාර බිල්පත් ණය ප්‍රමාණය රුපියල් ටි‍්‍රලියනය ඉක්මවා ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නවතම වාර්තාව අනුව දැක්වෙන්නේ ශ්‍රී ලංකාව ඒ හරහා රුපියල් බිලියන 1135.5ක් ණය වී ඇති බවය.

භාණ්ඩාගාර බිල්පත් බැඳුම්කර වල අගය රුපියල් ටි‍්‍රලියනය ඉක්වමා ඇත්තේ මෙරට ඉතිහාසයේ පළමු වතාවටයි.

එමෙන්ම මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා වූ කාලය තුළ එක්සත් ජනපදය ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 6.7% කින් අවප්‍රමාණය වී ඇති බවද මහ බැංකුව කියා සිටී.

23,206 views

10 Comments to “මහ බැංකුවේ ණය ටි‍්‍රලියනය ඉක්වමා යයි…”

  1. Banker says:

    Living beyond means. The correct thing to do is to try to match expenses with income and close the gap. Printing money at this rate will end up in a disaster.

  2. Red Line says:

    බටහිර බලවතුන්ට හා මූල්‍ය පතාකයන්ට ලංකාවේ පාලකයන් හා ආණ්ඩු සම්බන්ධයෙන් රතුඉර RedLine කුමක්ද? මානව හිමිකම්ද..යුද අපරාධද..මාධ්‍ය නිදහසද ? නෑ ඒ එකක්වත් නොවේ..ඒ රතුඉර ඔවුන්ට අය විය යුතු ණය වාරික හා පොලී ඩොලර් වලින් ගෙවා දමන සහතිකයයි.
    මෙතෙක් පැවති හැම ආණ්ඩුවක්ම කල ලෙසටම ගෝටා-මහින්ද ආණ්ඩුවද තම මූලික පූජනීය රාජ්‍ය කර්තව්‍යය ලෙස,බටහිර මූල්‍ය ආයතන වලට ගෙවිය යුතු ණය වාරික හා පොලී සතයකුද අඩු නැතිව මදකුදු පමා ‌නොකර ඩොලර් වලින් ගෙවා දමමින් සිටී.වාහන ආනයනය පොහොර ආනයනය අත්හිටුවා,හැම අස්සක් මුල්ලක් අතගා IMF හා World Bank අල්තාර මත දොහොත් මුදුන් තබා පුදන ඩොලර් වලින් බටහිර දෙවිවරුන්ගේ දේව උදහස දුරුවී ඕනෑම දූෂිත,අත්තනෝමතික,මර්ධනකාරී පාලනයකට Green Light දැල්වී මහත් ආනිසංස ලැබෙනබව ඔවුන් දනී.. මානව හිමිකම් චෝදනා,යුද අපරාධද චෝදනා, මාධ්‍ය නිදහස චෝදනා යන අපල දුරී භූත වේ..පිටරට වසන තම දරු පවුුල් වලටද බිලියනයක ඩොලර් පූජාවෙන් (බලගතු බටහිර දෙවිවරැන්ගේ) සෙත ශාන්තිය රැකවරණය උදා වේ.

    • ක්‍රිමිනල් says:

      පෙරදිග රටවල් එහෙම නැද්ද? පෙරදිග චීනයට සින්න වේගෙන එන රටවල් ලැයිස්තුවක් අවශ්‍යද?

      පෙරදිග ඉන්දියාව හොදයිද?

  3. කැලණියේ නයා says:

    අන්ත පසුගාමී ගෝත්‍රික දොස්තර කෙනෙක් වන පාවඩදෙණිය වගේ කෙනෙකුත් ආණ්ඩුවෙ ආර්තික හා ඩිප්ලොමැටික් දේට මැදිහත් වෙනව නම් මෙහෙම වීම පුදුමයක්ද ?

  4. harsha says:

    වෙන්න බෑ. පචයා කට ඇරියොත් කියන්නේ බොරු.

  5. සවි අරික්කාල says:

    ආ….ඕක සුලු දෙයක්.

  6. Ruwani says:

    රට කරවන, කරවපු උන්ගේ බැංකු ගිණුම් බැලුවාම අනිවාර්යයෙන්ම ඔය මුදල හොයාගත්ත පුළුවන්

  7. SL says:

    ඔය ණය වලින්
    – බහුතර රාජ්‍ය සේවකයින්ගේ පින් පඩි ගෙවන්න
    – කිසි තේරුමක් නැති ණයත් එක්ක project proposal ගෙනෙන ඒජන්ට් ලගේ කොමිසන් එක
    – project ok කරන ඇමති සහ ලොක්කන්ගේ කොමිස් පංගුව
    – ඇමතිලා පත්කරන තේරුමක් නැති කමිටු වල පඩි ගෙවන්න වියදම
    – රාජ්‍ය සේවකයින්ට බදු රහිතව බයිසිකල් පවා ගන්න කරපු වියදම

    කියන තාර බර වල් ඇරලා ගත්තම වැඩක් වෙලා තියෙන්නේ 20-30% විතර .ඒ කරපු වැඩෙත් ROI
    අනන්තයේ ……….ඉතින් රටක් හැදෙයි ද

    • A Sri Lankan says:

      True…. we will never learn. Our people have never heard about Post implementation follow up..and review.

  8. KG says:

    Ekaida?? Wait for 4 years..u will be amazed

Main News