මහ බැංකුවේ ඉන්නේ මහා හොර තක්කඩි.. විගණකාධිපති, මහබැංකු අධිපති සංදර්ශණකරුවන් වෙලා..- මුදල් ඇමති

February 6, 2017 at 12:00 pm | lanka C news
මහ බැංකුවේ ඉන්නේ මහා හොර තක්කඩි.. විගණකාධිපති, මහබැංකු අධිපති සංදර්ශණකරුවන් වෙලා..- මුදල් ඇමති

‘ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමි සහ රජයේ විගනකාධිපති ගාමිණී විජේසිංහ ජනතාවට දකින්නටවත් කතා කරන්නවත් ඉදිරිපත් නොවිය යුතුය. මන්ද ඔවුන් ආයතනවල ප්‍රධානින්. ඔවුනට පඩි ගෙවන්නේ ජනතාවයි. මට ඕන එගොල්ලන් ලවා අද වැඩේ අද කරගන්නයි. නැතිව ඒක හෙට කර ගැනිම නොවේ. ඒත හදිසියේම මේ දෙදෙනා මාධ්‍ය සංදර්ශනකරුවන් බවට වෙලා’ යයි මුදල් අමාත්‍ය රවි කරුණානයක මහතා සති අන්ත සන්ඩේ ටෛම්ස් ඉංගිරිසි පුවත් පත සමඟ කල සම්මුඛ සාකච්ඡාවේදි පවසා ඇත.

එහිදි පුවත්පත ඇසු පැනයකට පිලිතුරු දෙමින් මුදල් අමාත්‍යවරයා පැහැදිලි කර ඇත්තේ තමා යටතේ පවතින ආයතනවල ගැටලු තිබුනත් හැමවිටම ඇමතිවරයා හැටියට ඔවුන්ව ආරක්ෂා කරන බවත් විශේෂයෙන්ම රේගු දෙපාර්තමේන්තුවේ ‘මට මොන ප්‍රශ්න තිබුනත් ඔවුන් ඔහුන්ගේ රාජකාරිය හරිහැටි ඉටුකරනවා’ යනුවෙනි.

එහෙත් මහ බැංකුව සම්බන්ධව බැලීමේදී නව අධිපතිවරයෙකු හිටියත් ඔහුගෙන් පුද්ගලිකව ප්‍රශ්නයක් මට නොවුනත් මහබැංකුවේ ඉන්න හොර තක්කඩි රැල නිසා කිසිවක් කරගැනිමට නොහැකි බවත් මේ සියල්ලෝම හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ කාලයේ සිට ඉන්න අය බවත් මුදල් ඇමතිවරයා වැඩි දුරටත් කියා ඇත.

152 views