මහ බැංකුවේ විගණන වාර්තා බොරු.. අර්ජුන මහේන්ද්‍රන්ගේ නම කැත කරන්න හදනවා..

February 14, 2017 at 10:00 am | lanka C news
මහ බැංකුවේ විගණන වාර්තා බොරු.. අර්ජුන මහේන්ද්‍රන්ගේ නම කැත කරන්න හදනවා..

අර්ජුන මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපතිවරයාව සිටි කාලයේදී ඔහු කළේ යැයි කියන විය හියදම් ගැන පැවැත්වුණු අභ්‍යන්තර විගණන වාර්තාව සාවද්‍ය වාර්තාවක් බවට ඔප්පු වූ බවත් එම වාර්තාව වත්මන් අධිපතිවරයා විසින් අනුමත කිරීම පවා ප‍්‍රතික්ෂේප කළ බවත් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ විශ‍්‍රාමික නිලධාරී ජගත් කාරියවසම් මහතා සදහන් කරයි.

පුවත් පත් නිවේදනයක් නිකුත් කරමින් කාරියවසම් මහතා මෙසේද සදහන් කරයි.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ විගණන අධ්‍යක්ෂවරිය විසින් සකස් කළේ යයි කියන අභ්‍යන්තර විගණන වාර්තාවක් විවිධ වෙබ් අඩවි සහ සමාජ ජාල ඔස්සේ ප‍්‍රකාශයට පත්වීමත් සමගම එළිදැක්වූ මාධ්‍ය හරඹය සහ එයට එක් වූ තවත් නොයෙකුත් අටුවා ටීකා අපි පසුගිය දින කිහිපයේම අත් වින්දෙමු.ඊනියා විගණන වාර්තාවට පසුබිම් වු සත්‍ය කතාව මෙසේය.

අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ‍්‍රී ලංකා මහ බැංකු අධිපතිධූරයෙන් ඉවත් වූ වහාම ඔහුට විරුද්ධව කල්ලි ගැසී සිටි මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු කිහිප දෙනෙක් අලූතින් පත්ව ආ අධිපතිවරයාව නොමග යවමින් අර්ජුන මහේන්ද්‍රන් මහතා අධිපතිව සිටි කාලයේ ඔහු කළේ යයි කියන විය හියදම් ගැන අභ්‍යන්තර විගණනයක් ආරම්භ කළහ.

එහි ප‍්‍රතිඵලයක් වශයෙන් හිටපු අධිපතිවරයා නිල වශයෙන් ඔහුට හිමි හා ඔහු වෙනුවෙන් දැරිය යුතු විය හියදම් මහ බැංකුවේ ප‍්‍රතිපත්ති හා පටිපාටින් උල්ලංඝනය කරමින් කළ බව සනාථ කරමින් මාධ්‍ය මගින් ප‍්‍රකාශයට පත් කර වූ ඊනියා විගණන වාර්තාව මහ බැංකුවේ අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂවරිය විසින්ම පිළියෙල කරන ලද්දකි.

විගණන වාර්තාව වත්මන් මහ බැංකු අධිපතිවරයා වෙත ඉදිරිපත් කළ පසුව අනිකුත් දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් සමග සාකච්ඡුා කිරීමෙන් අනතුරුව එය සාවද්‍ය වාර්තාවක් බවට ඔප්පු වූ අතර වත්මන් අධිපතිවරයා විසින් එකී වාර්තාව අනුමත කිරීම පවා ප‍්‍රතික්ෂේප කරන ලදී.ඒ අනුව අදාළ වාර්තාව කිසිදු අනුමැතියකින් තොරවූ සාවද්‍ය ලිපි ගොනුවක් ලෙසට අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂවරිය භාරයේම පැවතිණි.

පසුගිය වකවානුවේ මාධ්‍ය මගින් අනාවරණය කළ ආකාරයට අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂවරිය ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බරපතළ මුදල් වංචා කිහිපයකටම වගකිව යුතු තැනැත්තියකි.මහ බැංකුව වෙතින් ව්‍යාපාරික පන්තියේ විදේශ සංචාර සදහා මුදල් ගෙන සාමාන්‍ය ගුවන් ගමන් යමින් ලක්ෂ ගණනක් මහ බැංකුවට වංචා කිරීම සේවක අර්ථ සාධක අරමුදලේ මහ බැංකුවේ අධිකාරීත්වය දරමින් සිටි කාලයේ සේවක අර්ථ සාධක අරමුදල සිය සහෝදරයාගේ සමාගමේ ආයෝජනය කර රුපියල් බිලියන ගණනක් රජයේ මුදල් වංචා කිරීම ආදී බරපතළ චෝදනා ඒ අතර පවතී.

ඉහත වංචා සම්බන්ධව මාධ්‍ය මගින් අනාවරණය කිරීමෙන් පසුව වූ කැළල වසා ගැනීම සදහා අවධානය වෙනතකට යොමු කිරීමේ අරමුණින් විගණන අධ්‍යක්ෂවරිය සාවද්‍ය අභ්‍යන්තර විගණන වාර්තාව මාධ්‍යයට මුදා හැරීමට අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහි මහ බැංකුවේ සිටින නිලධාරීණ් කිහිප දෙනෙකුද මේ කටයුත්ත සදහා යොදා ගැනුණු බව සියලූ දෙනාම හොදින් දන්නා කරුණකි.

තමන්ගේ සැ`ගවුණු පටු පෞද්ගලික අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමට අන්ත දුෂිත නිලධාරීන් විසින් කරන්නා වූ මෙවන් ද්වේශ සහගත ක‍්‍රියා හේතුවෙන් වනුයේ පවත්නා යහ පාලන රජය අපහසුතාවයට පත්වීමය.එවන් ක‍්‍රියා වළක්වා ඒවාට වරදකරුවන් සොයා නිසි ක‍්‍රියාමාර්ග ගැනීම වත්මන් අධිපතිවරයා විසින් කළ යුත්තකි.

– දිනමිණ

0 views

One Comment to “මහ බැංකුවේ විගණන වාර්තා බොරු.. අර්ජුන මහේන්ද්‍රන්ගේ නම කැත කරන්න හදනවා..”

  1. පොඩිMAN says:

    ආ දිනමිණ වාර්තාවක්නේ.

Main News