මහ බැංකු අධිපති ඉල්ලා අස්වන බව ජනපතිට දන්වයි.. මුල්‍ය මණ්ඩලයේ ප්රබලයෙන් දෙකකුත් අස්වෙන බව කියයි..
December 10, 2016 at 9:20 am | lanka C news
වත්මන් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට උවමනා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දන්වා දී ඇති බව රජයේ ඉහල පෙලේ ආරංචි මාර්ග සදහන් කරයි.
පවතින තත්වය යටතේ තමන් මහ බැංකු අධිපති ඉල්ලා අස්වීමට වඩාත් කැමති බව කුමාරස්වාමි මහතා දන්වා තිබුණද විධිමත් අධ්‍යයනයකින් පසු ඔහු මහ බැංකු අධිපති ධුරයට පත් කල බව පවසා ඇති ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස් නොවන ලෙස ඔහුගෙන් ඉල්ලා ඇතැයිද වාර්තා වෙයි.
රජයේ මුල්‍ය මණ්ඩල සාමාජිකයින් වන නිහාල් ෆොන්සේකා, ක්‍රිෂාන්ත පෙරේරාද මහ බැංකු අධිපතිවරයා සමගම ධුරයන්ගෙන් ඉල්ලා අස්වීමට අවශ්‍ය යයි දන්වා ඇත.
Sir. You better gracefully resign before it’s too late.
කිය කිය ඉන්නෙ මොකටද, අස්වෙන්නකො. ප්‍රශ්නයක් නෑ තව වෙන හොර හෙන්චයියො ටිකක් දාගනියි තවත් ටිකක් පඩිත් වැඩි කරල.