මහ බැංකු ප‍්‍රකාශයෙන් පසු රුපියල තවත් කඩා වැටේ..

July 4, 2021 at 11:20 am | lanka C news
මහ බැංකු ප‍්‍රකාශයෙන් පසු රුපියල තවත් කඩා වැටේ..

ශ්‍රී ලංකාව දැවැන්තම විනිමය අර්බුදයකට මුහුණ දෙමින් සිටින බවත් මෙවැනි අවස්ථාවක මහ බැංකුව විසින් කළ යුත්තේ සත්‍ය සැඟවීම නොව නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීම යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ අර්ථ ශාස්ත්‍රඥයෙකු වන ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා අවධාරණය කරයි.

සාමාන්‍යයෙන් මහ බැංකුවේ අධිපතිවරයෙකුගේ ප්‍රකාශයෙන් පසුව රුපියල කඩා වැටෙන්නේ නොමැති නමුත් මහ බැංකුවේ අධිපතිවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශයෙන් පසුව රුපියල තව තවත් කඩා වැටුණු බව හෙතෙම සඳහන් කරයි.

“මහ බැංකුවේ අධිපතිතුමාගේ ප්‍රකාශයෙන් පස්සේ අපි බලාපොරොත්තු වෙන්න ඕන අපේ විනිමය වෙළෙඳපොළ යථාතත්ත්වයට පත්වේවි කියල. නමුත්, සිදුවුණේ කළු කඩය කියන අවිධිමත් විනිමය වෙළෙඳපොළේ ඇමරිකානු ඩොලරයක් රුපියල් 220 ක් දක්වා ඉහළ නැග්ගා. මහ බැංකුවේ අය හිතාගෙන ඉන්නව නම් මෙරට විනිමය අර්බුදයක් නෑ. මේක කිහිප දෙනෙකු විසින් එකතුවෙලා කරන කුමන්ත්‍රණයක් කියලා. ඒක වැරදියි.“

මේ නිසා, මහ බැංකුවක් සත්‍යවාදී විය යුතු බවත් වෙළෙඳපොළ තොරතුරු නොසඟවා පැවසිය යුතු බවත් එවිට වෙළෙඳපොළ තුළ තිබෙන අනවශ්‍ය බිය නැතිවී යන බවත් විජේවර්ධන මහතා සඳහන් කරයි.

එසේම, පවතින තත්ත්වය අනුව රුපියල තව තවත් කඩා වැටේයැයි උපකල්පනය කළ හැකි බවද හෙතෙම කියයි.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය පැහැදිලි කරමින් ඔහු YouTube නාලිකාවක් සමග පැවැත්වූ සම්පූර්ණ සාකච්ඡාව මෙසේය.

105,872 views

11 Comments to “මහ බැංකු ප‍්‍රකාශයෙන් පසු රුපියල තවත් කඩා වැටේ..”

  1. CEYLONCONNECTT says:

    0000000හිටපු උන් දැන් කියන කථාවල වටිනාකම බිංදුවවේ. 0000000

  2. ලලන්ත says:

    ලක්ෂ්මන් සීයේ දැන්වත් ඔතනින් බැහැල ගිහිල්ලා ටිකක් හොදා ගත්තොත් නරකද?

    ගන්දස්කාරේ බැහැ සීයේ…………………!

  3. රාජන් says:

    ප්‍රශ්න අසමින් ප්‍රශ්න විග්‍රහ කරන අය ලෙඩ්ඩු, ප්‍රශ්න වලට උත්තර සපයන අය උගත්තු – ධම්මික පෙරේරා
    W A විජේවර්ධන මහතාටත් ඒක අදාලයි. රටේ විනිමය වෙලඳපොල සහ විදේශ සංචිත අවදානම් තත්වයක තියෙන්නෙ කියලා ගමේ තේ කඩේ මුදලාලිත් දන්නවා. ඒක තවත් විග්‍රහ කරන්න දෙයක් නෑ. ගොඩඑන විදිය කියන්න

    • SKF says:

      ගොඩ එන විදිය අහගෙන අපි පුළු පුළුවන් හැටියට ගොඩ එමු

  4. Basil lamayata sweep jackpot eka labuna! Waraya Nagaraya Basilge sakkuwata awata passe, giyapara Rajahorapaksa anduwata wada hondata Basilta $$$$ sakkuwe daganda puluwan para thamai hadala dunne.

  5. රජරට බයියා says:

    ජනාධිපති තුමනි,

    ජ්‍යෙෂ්ඨ අර්ථ ශාස්ත්‍රඥයෙකු වන ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා ටික කාලයකට මහ බැංකුවේ අධිපති කරන්න. මෙතුමා ප්‍රායෝගික ආර්ථික විද්වතකු බවයි පේන්නේ.

    • N.Wimaladasa says:

      I view that W.A Wijewardena of ex-Central Bank Officer is not that fit such position to restructure of Central Bank . All in all his policies are based on neoLiberal Economics anf its guidelines.He will ruin Island Economy. We do not permitted or Open give an opportunities to such persons to enter into Central Bank policy makers ? Economy will be ruined further that his steps of vision of politics-economic.

  6. කැලණියේ නයා says:

    හෙළ යක්ක රාවන මල්ලිලා වීල්බැරෝවල පන්දාහෙ කොල පුරවන් හාල් කිලෝවක් සැමන් ටින් එකක් ගන්න යනකොට කියහල්ල දියසෙන් සෝන්ග් එක.

  7. මැදමුලනෙ මුත්තා says:

    මහබැංකුවෙ වර්තමාන අධිපති වයෝවෘද්ධ ලක්ෂ්මන් උන්නැහේට නමි මෙි ගැටළුවට මුහුණදෙන්න බෑ. ඒ උනාට මෙි යෝදයත් “වියත්මග” ට කඩෙි ගිය එකෙක් නේ. අයින් කොරලත් බෑ. නොකරත් බෑ. කැඳත් ඔනැ, රැවුලත් ඔනැ. දැන්වත් ඉල්ලා අස්වෙලා පිනක් දහමක් කරගත්තොත් නරකද?

  8. david milibanda says:

    Economy eka agadayata adala danne Basil ge uwamanawatada ?????????????