මහ බැංකු බැදුම්කර නිකුතුව පිරිසිදුයි.. වංචාවක් සිදුව නෑ.. – කෝප් කමිටු බහුතරය තීන්දු කරයි..?
September 16, 2016 at 10:30 pm | lanka C news
පසුගිය වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැදුම්කර නිකුත් කිරීමේදී සිදුව ඇතැයි කියන බිලියන ගණනක මුල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව විසින් කරන ලද පරීක්ෂණණයේදී බෙදුනු තීන්දුවක් ලැබී ඇති බවට මේ සති අන්ත පුවත්පත් කිහිපයක වාර්තා පල කිරීමට සූදානම් වන බව වාර්තා වෙයි.
බැදුම්කර නිකුතුවේදී වංචාවක් සිදුව නැති බව කාරක සභාවේ බහුතරය තීරණය කර ඇති බවත් වංචාවක් සිදු කර ඇති බව සුළුතර සාමාජිකයින් පිරිසක් තීරණය කර ඇති බවත් එම වාර්තාවල සදහන් වනු ඇති බවත් පැවසෙයි.
කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් අප කල විමසීමකදී කෝප් කමිටුව නියෝජනය කර විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු කියා සිටියේ කෝප් කමිටුව තවම කිසිදු අවසන් තීරණයක් ගෙන නැති බවත් විගණකාධිපති වාර්තාව හා මීට පෙර කෝප් කමිටු වාර්තාව පදනම් කර ගනිමින් මෙවර කෝප් කමිටු තීරණය සැකසෙනු ඇති බවත්ය.
කෝප් කමිටුවේ බහුතර පිරිස එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රිලනිප ආණ්ඩුවේ පාර්ශවය නියෝජනය කරන අතර ඉතිරි සුළුතර නියෝජනය විපක්ෂයට ලැබී ඇත.
execalent UNP