මහ බැංකු බැදුම්කර මගඩිය රටට සුනාමිය ආපු වගෙයි.. – මහ බැංකු නියෝජ්‍ය අධිපති මුල සිට අගටම හෙලි කරයි.. [Video]

October 10, 2016 at 1:02 am | lanka C news
මහ බැංකු බැදුම්කර මගඩිය රටට සුනාමිය ආපු වගෙයි.. – මහ බැංකු නියෝජ්‍ය අධිපති මුල සිට අගටම හෙලි කරයි.. [Video]

මහ බැoකූවේ බැදුම්කර මගඩිය නිසා රටේ ආර්ථිකයට වුන හානිය සුනාමිය අපේ රටට අවා වගේ බැවින් වහාම මහා බැoකුවේ අධීක්ෂණ මණ්ඩල Monitory Board යුහුසුළු වී මේ තත්ත්වයෙන් රට බේරා ගතයුතු බවත් මේ නිසාම රටේ සමස්ථ පොලි අනුපාත 5% කින් පමණ ඉහළ ගිය බවත් මහාබැoකුවේ හිටපු නියෝජ්‍ය අධිපති වන ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන සමඟ මුල්‍ය විශ්ලේෂකයකු වන ෆාර්ස් විසින් විමසන කරුණු සම්බන්ධ පැහැදිලි කරන ලදි.

හිටපු මහ බැoකුවේ අධිපති අර්ජුන් මහේන්ද්‍රන් විසින් හිතා මතාම තම බෑනාගේ සමාගම වන පර්පච්චුවල් ට්ර්සුරිස් Perpetual Treasuries සමාගමට වාසි වන ආකරයට පොලි අනුපාතිකයන් වෙනස් කරමින් මහා බැoකුවේ ඇති ජනතාව සතු මුදල් තම බෑනාගේ සමාගම වෙත ලබාදීමට කටයුතු කරමින් විශාල වශයෙන් මුදල් හම්බකර ගැනීමට ඉඩ සලස්වා ඇති බවද ඔහු කියා සිටියේය.

මේ කරුණු ගෙන හැර දැක්වූයේ පසුගියදා මහාබැoකුවේ මුල්‍ය නොවන ආයතන අධීක්ෂණය කරන අoශය විසින් අධීක්ෂණ මණ්ඩල Monitory Board වෙත ඉදිරිපත් කිරිමට පිලියල කරන ලද විමර්ශන වාර්තාක් සමාජ වෙබ් ජාල හරහා ජනතාවට යෑම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරිමෙනි.

එමෙන්ම මෙහිදී වැදගත් වනුයේ මාස 15 ක් වැනි කෙටි කලක් තුල එම සමාගම සතු ඉතා කුඩා සම්පත් ස්වල්පයකින් මෙසා විශාල මුදල් ප්‍රමාණයක් හම්බකලේ කෙසේද යන්නයි.

මහ බැoකුවෙන්ම තම මාම විසින් ලාබාදි තිබුණ අවස්ථාවක් උපයෝගී කරගෙන අඩු පොලියකට මුදල් ලබාගෙන 5% පමණ ලාබයක් තියාගෙන එම මුදල්ම නැවත මහා බැoකුව වෙත ලබාදීම කොට විශාල ලාබයක් උපයා ඇති බැව් එම මහා බැoකු විමර්ශන වාර්තාවේ සඳහන් ඇති බැවත් හැකි ඉක්මනින් මෙවෙනි ක්‍රියාකාරකම් තුලින් වෙළෙඳපොලට නරක පූර්වාදර්ශයක් දෙන බැව්න් එය වහාම නතර කල යුතු බවත් ඒ සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පැවත් යුතු බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන බවයි.

මෙය රජයට විශාල පාඩුවක් මෙන්ම් රජය මුදල් ලබාගැනීමේ පොලී අනුපාතය විශාල ලෙස ඉහළ ගොස් දීර්ඝකාලීන භයානක ප්‍රතිඵලය රටේ ආර්ථිකයට හිමි වන බවත් මෙම සමාගම උපයා ඇති ලාබය මිලියන 5200 නොව මිලියන 10,000 ක් බවත් සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ඇතුළු තවත් රජය සතු ආයන කිහිපක මුදල් මේ සඳහා එම සමාගම උපයෝගී කරගෙන රජයේ මුදල් අඩු පොලියට ලබාගෙන වැඩි මිලට රජයට විකුණා ඇති බැව් එම විමර්ශන කණ්ඩායම විසින් සොයාගෙන ඇති බවත්ය.

නව රජයේ බලාපොරොත්තුව ශ්‍රීලංකාව ලෝකයේ මුල්‍යමය කේන්ද්‍රයක් කිරීමට වුවත් මේ අනුව ලෝකය ශ්‍රී ලංකා කෙරෙහි අවිශ්වාස කිරීමට හැකි බවත් මේ වන තෙක් අපේ රට ලබා තිබු ක්‍රෙඩිට් රේටින් තත්ත්වය පහලට වැටිමටත් අනාගතයේ බිහිකිරීමට නියමිත මුල්‍ය නගරයක් වන චීන පෝට් සිටි ව්‍යයාපතිය සම්පූර්ණ ප්‍රතිඵලය ලගාකර ගැනිමට නොහැකි බවත් හිටපු නියෝජ්‍ය මහාබැoකුවේ අධිපති තුමා සඳහන් කරයි.

එම රූපවාහිනි සම්මුඛ සාකච්ඡාව මෙතනින්

44 views

5 Comments to “මහ බැංකු බැදුම්කර මගඩිය රටට සුනාමිය ආපු වගෙයි.. – මහ බැංකු නියෝජ්‍ය අධිපති මුල සිට අගටම හෙලි කරයි.. [Video]”

  1. ranil says:

    කොහොමද මං දීපු ගේම. කාල වරෙල්ලකො බයියො

  2. SGP says:

    Absolutely marvellous discussion by these 2 professional gentlemen. I never trusted these aligned TV channel do some reason. But this is a good one. So many loopholes made by the unprofessionals. I hope this whole discussion could be shared with ground level people in Sinhala and Tamil languages so that the truth is revealed to the public. Thanks you.

  3. Kamal says:

    plese ,write every thing as vedio speaking.Most people cant watch vedios due to time and servers blocking to vedios .please.

  4. Chandrika says:

    where’s Mr Clean…? I want to meet him immediately..

  5. Champa says:

    I agree with Dr. ‘s argument about the authentication of the “leaked document”. But it is no longer a question. The Central Bank hasn’t denied the ownership of the document. If it has a Reference number related to the Central Bank, then it should be a genuine document. Nobody can prepare a document of this nature without having a thorough on-site inspection of this company. It can only be done by Central Bank officials. Therefore, there is no way the Government can dismiss this document as irrelevant.

    It doesn’t matter whether it was in draft form or not, but the facts mentioned therein speak the truth. Even if this document has to go through its proper channels before being published, it can never deny or alter the facts that are already seen by the public. Honourable Wimal Weerawansa has done something really great by divulging the truth about Perpetual Treasuries Ltd by way of this document.

    It is no secret to the country that it was the Central Bank Bond scam that crippled the economy of this country. This is more than enough to demand this government to resign and have fresh elections.

Main News