මහ බැංකු මුල්‍ය මණ්ඩල ලේකම් ඉවත් කරලා.. එය පැරණි බැංකු මංකොල්ල වැසීම හා තවත් අලුත් මහ බැංකු කොල්ලයක ආරම්භයයි..

September 19, 2021 at 8:40 am | lanka C news
මහ බැංකු මුල්‍ය මණ්ඩල ලේකම් ඉවත් කරලා.. එය පැරණි බැංකු මංකොල්ල වැසීම හා තවත් අලුත් මහ බැංකු කොල්ලයක ආරම්භයයි..

බැඳුම්කර ජනාධිපති කොමිසම, ඊටීඅයි ෆිනෑන්ස් ඉන්වෙස්මන්ට් විගණනය, වෝහාරික විගණන මුල්‍ය විනය සම්බන්ධයෙන් සුවිශේෂී වූ විගණනයන් වෙති. මෑත කාලයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සිදු වූ දැවැන්ත වංචා – දුෂණ – අක්‍රමිකතා සම්බන්ධයෙන් නිර්භීත හා අදීන ලෙස කටයුතු කළ සහකාර අධිපති කේ.එම්.ඒ.එන්. දවුලගල මහත්මිය මුල්‍ය මණ්ඩල ලේකම් ධූරයෙන් ඉවත් කර ඇත. එය මහ බැංකුවේ ‘මහා මුල්‍ය අපරාධ වසා ගැනීම සඳහා වන පළමු පියවර වනු ඇති අතර තවත් වරක් අලුත් මහ බැංකු කොල්ලයක ආරම්භය වනු ඇතැයි මන්ත්‍රීණි රෝහිණී කවිරත්න පවසයි.

අර්ජුන මහනේද්‍රන් විසින් බැඳුම්කර වංචාවට අදාලව සිදු කරනු ලැබූ අනීතික, ලබැඳියාවන් අතර ගැටුම් සහගත සිදුවීම් කොමිෂන් සභා හරහා හෙළිදරව් වූවේ දවුලගල මහත්මිය විසින් සිදු කළ අති විශිෂ්ඨවූත්, නිර්භය වූත් රාජකාරි ඉටු කිරීම් නිසාය. ලංකා බැංකුවේ රෝහිණී නානායක්කාරගෙන් පසුව, ශ්‍රී ලංකා බැංකු කේෂ්ත්‍ර යේ විශිෂ්ඨතම කාන්තාව දවුලගල මහත්මිය යි. ශ්‍රී ලංකා මහ බැංකුවට ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වාදීම ඇතුළු කේෂ්ත්‍රයන් ගණනාවක ඇය සිය විශිෂ්ඨත්වය සලකුණු කර ඇත.

2012 අගතියට පත්වීම

දවුලගල මහත්මිය 2010 – 2012 සමයේ ඊටීඅයි ෆිනෑන්ස් සමාගමට අදාල මුලික කටයුතු සිදු කරනු ලැබූ අවස්ථාවේ එවකට බැංකු නොවන මුල්‍ය ආයතනය අධීක්ෂණය කිරීමේ අංශයේ ප්‍රධානියාය. ඇය ඊටීඅයි සමාගම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ දැඩි නිර්දේශ ගණනාවක් ශ්‍රී ලංකා මුල්‍ය මණ්ඩලයේ සාකච්ඡාවට බදුන් කිරීම එවකට මහ බැංකු අධිපති කබ්රාල් ප්‍රතිකේෂ්ප කළේය. 2012 අප්‍රේල් මස ඇය වෙනත් දෙපාර්තමේන්තුවට මාරු කිරීමෙන් ඊටීඅයි තැම්පත්කරුවන්ට මුදල් අහිමි විය. ඊටීඅයි ආයතනය සතු සම්පත්, දේපල බලසම්පන්ත පුද්ගලයින් අතට අත යටින් පත්වී ඇත.

අර්ජුන මහේන්ද්‍රන් යටතේ 2015 අගතියට පත්වීම

අර්ජුන මහේන්ද්‍රන් සහ පිරිස විසින් පළමු බැඳුම්කර වංචාව සිදු කිරීමත් සමඟ එහි නිශ්චිත සටහන් ලේඛන ගත කරනු ලැබූවේ දවුලගල යි. 2015 දී අර්ජුන මහේන්ද්‍රන් විසින් ඇය මහ බැංකු ප්‍රාදේශීය කාර්යාල සම්බන්ධීකරණය සඳහා යැයි කියමින් (පූල් එකට) පැත්තකට කරනු ලැබීය.

මහ බැංකුව හා එහි මහජන ධනය කොල්ලකෑමට මහ බැංකු අධිපතිවරුන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සම්බන්ධ බව දැන් ස්ථාපිත කරුණකි. ඉහත සත්‍යය ජනාධිපති කොමිෂන් සභාව හමුවේ කරුණු හෙළිදරව්වන විට නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණය සිදු කරනු ලැබූවේ ද, මෙම නිලධාරිනියයි. වෝහාරික විගණන වාර්තාව සකස් කිරිම සඳහා මුදල් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීම, විගනනය සඳහා ටෙන්ඩර් කැඳවීම, ටෙන්ඩර් පිරිනැමීම ද කලමනාකරණය කර ඇත්තේ ද ඇයයි.

බැංකු කේෂ්ත්‍රයේ සුවිශේෂී පුද්ගල පෞර්ශයක් ද, අනන්‍යතාවයක් සහිත, සුපිළිපන් භාවයෙන්, වෘත්තීය භාවයෙන් ගෞරවයට පත් වූ දවුලගල මහත්මිගේ මුල්‍ය මණ්ඩල ලේකම් ධූරය ඉවත් කිරීම මහ බැංකු මංකොල්ලකරුවන්ලේ මංකොල්ලකාරී අතීතය වසා ගැනීමේ උත්සාහයකි. තවත්, බැංකු මංකොල්ලයකට මාවත විවර කර ගැනීමකි.

ශ්‍රී ලංකාවේ සියළුම කාන්තා සංවිධාන, පුරවැසියන්, රාජ්‍ය සේවකයින් සිවිල් ක්‍රියාකාරීන් ද සමඟ එක්ව මේ අයුක්තියට එරෙහිව හඬ නගන ලෙස මම කාරුණිකව ඉල්ලමි. දවුලගල මහත්මියට සිදු වු අසාධාරණය පිළිබඳ සමාජ මාධ්‍යයේ සටහන් තැබීම, එම සටහන් බෙදා ගැනීමට යුක්ති කරුක සියළුම පුරවැසියන්ට ආරාධනා කරමි.

– midea unit

13,864 views

15 Comments to “මහ බැංකු මුල්‍ය මණ්ඩල ලේකම් ඉවත් කරලා.. එය පැරණි බැංකු මංකොල්ල වැසීම හා තවත් අලුත් මහ බැංකු කොල්ලයක ආරම්භයයි..”

  1. Banker says:

    If this position is so much important then the correct thing to do is bring the appointment and removal under Parliamentary supervision. That’s a system change people voted for..

  2. Mahajana depola gasakana. Horakana ewun ballo balallu wage merila apagatha wenawa

  3. ලේනා says:

    රාජපක්ෂලා දූෂිර්හයි.ඒ උනාට මේ වාගෙ පහුගිය කාලෙ රට කාපු අය කතාකරනකොට රාජපක්ෂලාට වාසියි.මෙයාලා රාජපක්ෂලාගෙ පිල්ලි වෙන්නත් පුලුවන්

  4. සමනලයා says:

    ඔබ තුමියගෙ මේ කතාවෙ කරුණු සත්‍ය නම් සියයට දෙසීයක් එකඟ වෙනවා ….

  5. ගෞම් ඊයාරාජ් says:

    හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසට මහ බැංකු බඳුම්කර වංචාව ඉදිරිපත් වූ මොහොතේ සිට ජනාධිපති කොමිෂන් සභාව, වෝහාරික විගණනය දක්වා සියලු ම පරීක්ෂණ කටයුතු සඳහා වෘත්තීයමය වගකීම රැදී තිබුණේ, කේ.එම්.ඒ.එන්.දවුලගල යටතේ ය. බැඳුම්කර වංචාවට අදාළ ලිපි ගොනුවල සටහන් වෙනස් කිරීමට එයට සම්බන්ධ පුද්ගලයන් උත්සහ දැරූ අවස්ථාවේ දී එය වලක්වනු ලැබූවේ ද ඇය ය. කබ්බා ආපූ ගමන් කලේ , තමන්ගේ මගඩි ටික වහගන්න ගේම් ගැසීම , අර උත්තමයලා , නඩු ටික ඉල්ලා අස්වන මට්ටමට වැඩ කටයුතු සිද්ද කලා වගේ. මූන් හදන්නේ රට හදන්න නෙමේ , මුන්ගේ පෞද්ගලික අජෙන්ඩා මුදුන් පත් කරගන්න. ක්‍රැහ් තුහ්.

    • Hiran says:

      පල ගොබිල යන්න. ඒව වැලැක්කුවේ සුනිල් හදුන්නෙත්ති. ඒකට තමා උන්දැව ගෙදර යැව්වෙ. දිවුල් තමා.. කාව රවට්ටන්නද මෙහෙම බොරු කියන්නේ..

    • රතුඑලියේ අතන says:

      යකෝ…. මු දන්නා දේවල් … ඔක්කොම බලන් හිටිය වගේ බොරු ලියනවා. ඔය ගෙනි මහම උද්දච්ච ගේනි. ඔක්කොම බකල් කරන්නේ ඔය ගැනී.

  6. sam says:

    Where were you with similar comments when your party was involved in the biggest ever bank robbery of the country? Now all of a sudden you have become a better person who is very concerned about the country. We all have to listen to you now.

    Please go and get a cold shower to wash your past sins away.

    • Citizen says:

      Typical Sri Lankan… Attack the Messenger and ignore the message… Try to answer the core issue…

      • sam says:

        So, you are someone who you believe everything everyone says, are you? Questioning the ulterior motives of some cunning person who pretends to be doing all good is a bad thing, Is it? Yes, I am a typical prod Sri Lankan who is lucky enough to be born with no affiliations to any other foreign country. If you are so concern about all the past wrongdoings that went on in our country then you will have to spend the next ten years without sleeping and looking at them. Good luck. I am at the belief that there is nothing perfect in this world and you have to select the least bad that is in the best interest of the country. It is crystal clear to me. I am not going to be fooled by this propaganda bullshit that will harm our country in the end that we had experienced many many times before.

  7. Jagath says:

    69 ලක්ෂෙට පුන්නක්කු තියෙනවා ජනවාරි වල ඉදන් කන්න 😄

    • හේනේ මාමා says:

      දැන් ඔයාලා කන ඒවම එයාලත් කන්නද හදන්නේ? පව් නේ. කමක් නෑ දෙග්ල්ලො පරිස්සමෙන් බෙදාගෙන කන්න ඕන හොඳේ.

  8. රෝහිණී අක්කා ගේ ලොකුමාමා අර්ජුන් අමතක වෙලාද ඔයාලාගේ කාලේ නොවැ මහ බැංකුවට කෙලියේ රනිල් බබාත් එක්ක එකතු වෙලා දැන් නම් ඔයාගේ කතාව බබා හුකුං වගේ?????????

  9. Amda says:

    කතාව ඇත්ත…ඒත් මෙයා නිසා එතුමියට දේශපාලන ලේබල් ඇලවීම අනුමත කරන්න බෑ.. එතුමිය නිර්පාක්ශික රජයේ නිලධාරියෙක්.

  10. Kalu Albot says:

    Maha Bankuwa gana kathaa karanna epaa. Dan eka Rajapaksa Samaagame Bankuwa! Kabba thamayi manijarayaa. Uge Account eka dan Loka Bankuwe!!