මහ බැංකු සීමාවන්ට පයින් ගසා රාජ්‍ය-වාණිජ බැංකු ඩොලරය කළු කඩ අරී.. 172-175 දක්වා මිලකට විකුණයි.. පවුම රුපියල් 225 පනී… යුරෝව 200යි..

September 21, 2018 at 3:21 am | lanka C news
මහ බැංකු සීමාවන්ට පයින් ගසා රාජ්‍ය-වාණිජ බැංකු ඩොලරය කළු කඩ අරී.. 172-175 දක්වා මිලකට විකුණයි.. පවුම රුපියල් 225 පනී… යුරෝව 200යි..

රටේ ඇති වී තිබෙන ඇතිවී තිබෙන අයහපත් ආර්ථික තත්වය හමුවේ දිනෙන් දින ම ඇමරිකානු ඩොලරයේ අගය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

ශ්‍රී ලංකා මහ බැංකුව නියම කර ඇති මිලට වඩා ඇමරිකානු ඩොලරය සිතූ සිතු මිළගණන් වලට රටේ වාණිජ බැංකු විසින් අලෙවි කරනු ලබයි.

රාජ්‍ය හා වාණිජ බැංකු විසින් රුපියල් 170 සිට 175 දක්වා මිලකට ඩොලර් අලෙවි කරයි.

වෙළඳපොලේ පවතින උග්‍ර ඇරිකානු ඩොලර් හිඟය නිසා සිතූ සිතූ මිල ගණන්වලට පෞද්ගලික ආයතන විසින් ද අලෙවි කිරීමට පට ගෙන ඇත.

මීට සාපේක්ෂව ලොව බ්‍රිතාන්‍ය පවුමක මිල 225 ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති අතර යුරෝ මිල රුපියල් 200 ඉක්මවා අලෙවි වීමට පට ගෙන ඇත.

111 views

7 Comments to “මහ බැංකු සීමාවන්ට පයින් ගසා රාජ්‍ය-වාණිජ බැංකු ඩොලරය කළු කඩ අරී.. 172-175 දක්වා මිලකට විකුණයි.. පවුම රුපියල් 225 පනී… යුරෝව 200යි..”

  1. බන්ඩා says:

    වානිජ බැංකු ඩ‌ොලරය කලු කඩ‌ෙි මිලට විකුනනවා නම් වැඩි දවසක් න‌ොගිහින් අප‌ෙ‌ුු වැනි වැනි අපනයනය කරන මධ්‍ය පරිමාන සමාගම් වල පැවැත්ම සඳහා උපයන විද‌ේස විනිමය කලු කඩ‌ෙ‌න් විකුනන්න ව‌ෙ‌නවා.

  2. බන්ඩා says:

    වානිජ බැංකු ඩ‌ොලරය කලු කඩ‌ෙි මිලට විකුනනවා නම් වැඩි දවසක් න‌ොගිහින් අප‌‌ෙ‌් වැනි වැනි අපනයනය කරන මධ්‍ය පරිමාන සමාගම් වල පැවැත්ම සඳහා උපයන විද‌ේස විනිමය කලු කඩ‌ෙ‌න් විකුනන්න ව‌ෙ‌නවා.

  3. Gamini says:

    දැන් තේරෙනව නේද 1970-1977 කාලයේ සිරිමාවොගෙ දේශීය නිෂ්පාදන ආර්ථිකය හරි කියල…යැංකි රජා 1977 බලයට ඇවිල්ල විවෘත ආර්ථිකය ගෙන්හල්ල රටයි, ජාතියයි, ආගමයි නැතිකලා..

    • KP says:

      70-77 ක්‍රමය තමයි හරි ඒ කාලේ. ඇත්තටම, ඒක ඊට අවුරුදු 10කට කලින් පටං ගත්තනං තමයි හරියටම හරි. ඒත් වැරදුනේ නායකත්වයේ කුහක කම් නිසා. ජනතාවට එකක් කියන ගමන් තමන්ට සහ පවුලේ අයට වෙන විදිහකට සැලකුම් ලබා ගත්ත නිසා මිනිස්සුන්ට ඒ ක්‍රමය එපාම වුනා. ඒක ජාතික අභිමානය වැඩි වෙන විදිහට නෙවෙයි ක්‍රියාත්මක වුනේ. ජනතාවට දැනුන පීඩනය දරා ගන්න සරිලන හේතුවක් පෙ⁣නුනේ නැ. මේ ඔක්කොම නිසා ජේ ආර් ට පුළුවන් වුනා ඒ කාලෙ ගැන මතක්කර කර, ජනතාවට ඒ දැනෙන බය පාවිච්චි කරලා අවු 17ක් බලයේ ඉන්න.

      • විදේශිකයෙක් says:

        70 – 77 ක්‍රමේට යන රටක් බලන්න ඕනනම් බලන්න කියුබාව දිහා. එක එදා ඉඳන්ම ගියේ සංවුර්ත ආර්ථික ක්‍රමයට. කියුබාවේ ජනගහනය මිලියන 10ක් පමණවේ. (අපෙන් භාගයයි) ඇමරිකාවට ආසනයේ පිහිටි ඉතාමත් සම්පත් බහුල රටක්. නමුත් අදටත් ඒකපුද්ගල ආදායම අපේ ගාන ආසන්නයේමයි. විවුර්ත ආර්ත්තිකයන් ඇති රටවල් ලෙස ඇමරිකාව, බ්‍රිතාන්‍,ය චීනය, ජර්මනිය, සිංගප්පුරුව ආදී රටවල් ඉතා සශ්‍රීක වීමටත් අපි එසේ නොවීමටත් හේතුව වසර 30 පමණ වූ යුද්ධය (1978 – 2010). මෙයින් රට බරපතල ලෙස අගාධයකට ඇදගන ගොස් ඇත. දැනට විනාශ වීම ඇතිවී ඇත්තේ දෙපිළක බෙදී දේශපාලනය කිරීමයි. ප්‍රධාන පක්ෂ දෙකම එකතු වසර 10ක් වත් ගැටුමකින් තොරව යහපාලනයක් ගෙනගියහොත් මේ රට නැවතස් සශ්‍රීක කල හැක.

  4. LION voice says:

    sakkili eelam YAMAPALANAYA DIRTY RESULTS…….thank all the yamapalanaya voters..

Main News