මහ බැංකු හොරකමට නායකත්වය දුන්නේ අගමැතියි.. අදද අගමැති හා ඇමතිවරුන් හොරකම් කරන්න තරගයට ක‍්‍රම සොයනවා..

February 1, 2019 at 3:50 pm | lanka C news
මහ බැංකු හොරකමට නායකත්වය දුන්නේ අගමැතියි.. අදද අගමැති හා ඇමතිවරුන් හොරකම් කරන්න තරගයට ක‍්‍රම සොයනවා..

මහ බැංකුවේ බැදුම්කර හොරකම අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් නායකත්වය දී මෙහෙයවා උපදෙස් දී කරන ලද්දක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

පටන් ගත් වෙලේ සිටම ජනාධිපතිගේ ඇස වසා හොරකමක් තක්කඩිකමක් කරන්න අගමැතිවරයා උත්සාහ කල බවත් එය ඔහුගේ ජන්ම පුරුද්ද බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැතිකමත් සෙසු පිරිසට ඇමතිකම්ද ලබා දී ඇත්තේ හොරකම් කිරීම සදහා කොටස් ලෙස බවත ඔහු සදහන් කරයි.

අදද අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ඇමතිවරුන් හොරකම් කිරීම සදහා තරගයට ක‍්‍රම සොයමින් සිටින බවද දිසානායක මහතා කියයි.

ඔහු මෙම අදහස් පල කලේ ශ‍්‍රීලනිප කොළඹ දිස්ත‍්‍රික් කාර්යාලය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.

47 views
Main News