මහ මැතිවරණයක් ඉල්ලා යෝජනාවක් සම්මතයි…
November 19, 2018 at 8:40 am | lanka C news
ජනතා පරමාධිපත්‍යයට හිස නමමින් වහාම මහ මැතිවරණයක් පවත්වන්නැයි ඉල්ලා යෝජනාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසන බල මණ්ඩල රැස්වීමේ දී සම්මත කෙරිණි.
රට තුළ මතුව ඇති ව්‍යාකූල තත්ත්වය වහාම මග හරවනු වස් කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන ලෙසට ඉල්ලා උද්ඝෝෂණයක් සහ පෙළපාලියක් ද උඩුගම්පොළ දිපැවැත්වුණි.
පාර්ලිමේන්තුව තුළ ප්රජාතන්ත්ර විරෝධී හිතුවක්කාර හැසිරීමක නියැලෙන කතානායක කරු ජයසූරිය මහතාට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාවක් ද මෙම රැස්වීමේ දී ඒකඡන්දයෙන් සම්මත කෙරිණි.
ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මිනුවන්ගොඩ ආසන බල මණ්ඩල රැස්වීම පැවැත්වුණේ උඩුගම්පොළ රෙජී රණතුංග සමරු සම්මන්ත්රණ ශාලාවේදීය.
ආසන බල මණ්ඩල රැස්වීමෙන් අනතුරුව දහසකට අධික පිරිසක් සටන් පාඨ කියමින් උඩුගම්පොළ මංසන්ධිය වෙත ගොස් මහ මැතිවරණයක් ඉල්ලා උද්ඝෝෂණයේ නියැළුණහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බල මණ්ඩලයේ ලේකම්, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන්, නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
– ප්‍රදීප් අනුර කුමාර
කතානායක කරු මයා වහා ඉල්ලා අස්වෙනු!
හා….හා…. එහෙම යෝජනා සම්මත කරලා මහ මැතිවරණ ඉල්ලන්න එපා. ඉස්සර වෙලාම ජනතා විමුක්ති පෙරමුණෙන් අහන්න.
බලය සදහා කෑදර දූෂිත කල්ලි දෙකක් එකිනෙකාගේ බෙලි කාගන්නා තැනට අර්බූදය වර්ධනය වෙමින් පවතී. බත්පැකට් එකට බස්වල නග්ගාගෙන ඊනියා ජනබලය පෙන්වන මේ දෙපිරිසට ම ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ යුතුය.