මහ මැතිවරණයට එජාපය නඩු යන්නේ නෑ.. රජයට කොරෝනා මඩින්න සහාය දෙන්න..- රනිල් එජාප අපේක්ෂකයන්ට දන්වයි..
May 17, 2020 at 6:48 pm | lanka C news
පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරා ඇති නඩු සම්බන්ධයෙන් අදහස් පළ නොකරන්නැයි ඒ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා තම පක්ෂ අපේක්ෂකයන්ට දන්නවා තිබේ.
මේ වන විට රට තුළ පැතිරී ඇති කොරෝනා වෛරසය වැලැක්වීමට රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙලට සහාය පළ කරමින් එහි අඩුපාඩු පෙන්වා දීම පමණක් සිදු කරන්නැයි ද ඔහු සිය අපේක්ෂකයන් දන්වා තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණව සම්බන්ධයෙන් නඩු පැවරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර නැති බවත් සතියකට දෙවරක් තමන් විසින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පලකරන අදහස් සමාජගත කරන ලෙසත් පක්ෂ නායකයා තම අපේක්ෂකයන්ට දැනුම් දී ඇත.
අපි යන්නෑ නඩු,
යන උන් වෙයි කුඩු.
අත කපන්න බැරි නම් මට ඉබින්නවත් දෙන්නකො.
You cannot ever trust this slimy old fart. Everything he does has some hidden agenda which is favourable to him.
That’s why he is still in the political game.
ඩීල් එකක් දාගෙන වගේ.