මහ මැතිවරණයේ ලකුණ පොහොට්ටුවයි.. වෙන ලකුණු එපා.. ශ‍්‍රීලනිප ඩිලාන් පුටුවට පයින් ගහයි..

December 10, 2019 at 12:00 pm | lanka C news
මහ මැතිවරණයේ ලකුණ පොහොට්ටුවයි.. වෙන ලකුණු එපා.. ශ‍්‍රීලනිප ඩිලාන් පුටුවට පයින් ගහයි..

රටම දන්නා හඳුනන පොහොට්ටුව ලකුණ වෙනුවට මහමැතිවරණයේදී වෙනත් ලකුණක් හඳුන්වා දීම සුදුසු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

ලාංඡනයක නමින් පක්ෂයක් හඳුන්වන වෙනත් කිසිම පක්ෂයක් ලෝකෙ නැති බවත් එකම පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත් ඔහු පැවසීය.

ඒ තරමටම ජනප්‍රිය වී ඇති පොහොට්ටුව ලකුණ ඉවත් කරන්නේ කුමන පදනමකින්ද ඔහු ප්‍රශ්න කළේය.

පොහොට්ටුවෙන් තරග කළ ද අනෙක් පක්ෂවලට අසාධාරණයක් නොවන ලෙස කටයුතු
කළ යුතු බවත් ඒ සඳහා සාකච්ඡා කළ යුතු බව ඔහු කියා සිටියේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

38 views

8 Comments to “මහ මැතිවරණයේ ලකුණ පොහොට්ටුවයි.. වෙන ලකුණු එපා.. ශ‍්‍රීලනිප ඩිලාන් පුටුවට පයින් ගහයි..”

  1. UD says:

    මේ ජනතාව ප්‍රතික්ෂේප කරපු අයනේද? ඇයි මේ අයට තැනක්…

    • නිලම්බරේ says:

      මේ ගොයියා බටහිර රූකඩයකි..මේකට ඕනෑ ගෝඨාභයට 2/3ක් ලැබීම වැළැක්වීමයි.

  2. saman says:

    We too agree, PUTUWA belonged to a party headed by Chandrika ,secretary was D.M.Jayarathne, if contested there can be unexpected legal and other issues similar to those created by HITAN in 2015. MR done all the hard work but MPs elected supported to HITAN. In addition the national list was stolen by him.
    Please contest under the symble of POHOTTUWA. The lessons learned are enough. RA WATUNA WALE DAWAL WATENNA EPA

  3. Politics says:

    Dear JVP members ,,
    I am also a strong JVP some time back , but can you find that policy with them now.
    We know the JVP Supporters at the village level are good people and please change your party and support Pohottuwa the main Sinhalese party to defeat extremism.

  4. අංකූරා says:

    ප්‍රතික්ෂේප වීම සාපේක්ෂයි !, මෙයාට අඩු ජනතාවක් කැමතියි !!, වැඩි ජනතාවක් අකමැතියි !!!.

  5. Prashan Premaratne says:

    පුටුව ලකුණින් ගියාම, මෛත්‍රීට හා මහින්දට සමනයකත්වය ලැබෙනවා. එතකොට, සජිත් ප්‍රේමදාසට අගම්තිකම ලබාදීමට විදේශ කොන්ත්‍රාත් මත මෛත්‍රී එකන්ගවෙනවා. අන්තිමට, මහින්ද මහත්තයට අගමැතිකම තිය විපක්ෂ නායක කමවත් 2015 වගේ ලැබෙන්නේ නැහැ. පොහොට්ටුවෙන් ඉල්ලුවොත් සම්පුර්ණ බලය මහින්ද මහත්තයට ලැබෙනවා. ජාතික ලයිස්ටුවටත් රටට ගැලපෙන ය පත්කරන්න පුළුවන්. මතකනේ මෛත්‍රී බදියුදීන්ට යේම ඇමතිකම දුන්න. පොහොට්ටුවෙන් ඉල්ලුවේ නැත්නම් දයාසිරිට කුරුනේගලින් චන්දය දිනන්න බැහැ .

  6. Politics says:

    We should see Sira not getting the membership next time

  7. ඩපයා says:

    මහා මැතිවරණයෙන් පස්සේ මුව සදහටම ගෙදර යැවිය යුතුමයී

Main News