‘මහ මැතිවරණය අත්හිටුවනු’ සජිත් පිලෙන් මාරාන්තික උපවාසයක් අරඹයි.. මාරාන්තික කොරෝනාවෙන් ආරක්‍ෂාවට මුඛවාඩමක්ද පලදී..

April 22, 2020 at 10:40 am | lanka C news
‘මහ මැතිවරණය අත්හිටුවනු’ සජිත් පිලෙන් මාරාන්තික උපවාසයක් අරඹයි.. මාරාන්තික කොරෝනාවෙන් ආරක්‍ෂාවට මුඛවාඩමක්ද පලදී..

පැවැත්වීම සඳහා දින නියම කර ඇති පාර්ලිමේන්තු මහ මැතිවරණය වහාම කල් දමන ලෙස ඉල්ලමින් සමගි ජනබලවේග මහ මැතිවරණ අපේක්ෂකයකු මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

මෙසේ උපවාසයක් ආරම්භ කර ඇත්තේ එම පක්ෂයෙන් මොනරාගල දිස්ත්‍රික්කය සඳහා තරඟ වැදීමට නාමයෝජනා භාරදී ඇති ඉන්දික විජයබණ්ඩාර අත්තනායක මහතායි.

මොණරාගල නගරයේ ඔරලෝසු කණුව පාමුල මාරාන්තික උපාසයේ ඔහු යෙදී සිටියි.

කොරෝනා පැතිරීම හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින සෑම දිළිඳු පවුලකටම මාසිකව රුපියල් විසිදාහක් ලබාදීම, පාසල් හා විශ්වවිද්‍යාලය විවෘත කිරීම කොරෝනා වසංගතය සම්පූර්ණයෙන්ම අවසන් යැයි වෛද්‍යවරුන් විසින් ලිඛිත නිර්දේශයක් ලබා දෙන තුරු අත්හිටුවීම, ගොවීන්ට අවශ්‍ය බීජ පොහොර කෘමි නාශක ඇතුළු සියලු දේ නොමිලේ ලබාදීම ඔහුගේ සෙසු ඉල්ලීම් වෙයි.

මෙම ඉල්ලීම් ඉටු කරන බවට රජයේ වගකිව යුත්තෙකු පොරොන්දු වන තුරු උපවාසය අත්නොහරින බව ඔහු සඳහන් කරයි.

මෙම මාරාන්තික උපවාසයේ යෙදෙන පුද්ගලයා මාරාන්තික කොරෝනා වෛරසයෙන් ආරක්ෂාව සඳහා මුඛ ආවරණයක්ද පැලද සිටී.

319 views

68 Comments to “‘මහ මැතිවරණය අත්හිටුවනු’ සජිත් පිලෙන් මාරාන්තික උපවාසයක් අරඹයි.. මාරාන්තික කොරෝනාවෙන් ආරක්‍ෂාවට මුඛවාඩමක්ද පලදී..”

  1. New Allah says:

    Me New Allah, I can see every thing,but sorry, I cannot stop Corona Virus.
    For this Idiot who goes on hunger strike, get some snakes like Cobras, Kraits, PitVipers etc release.near the bugger in the night
    Next morning bugger dead or missing , running back home

  2. Chatura putha says:

    රටේ පවතින වත්මන් තත්වය ගැන හෝ අවබෝධයක් නැති මෙවැනි හිස් මිනිසුන් එකතු වන්නේද හිස් ප්‍රලාප දොඩවන සජිත් සමගය​.එක අත්තේ වසන්නේ එකම වර්ගයේ කුරුල්ලන් බව මෙයින් සනාථ වේ. මේ මෝඩයා ගෙදර යව එක සජිත්ගේ කාර්‍යයකි.ඔහු එය නොකරනවා කියන්නේ සජිත් මූටත් වඩා මෝඩයෙකි.

Main News