මහ මැතිවරණය පවත්වන්නේ ජූනි මාසයේ.. ශ්‍රේෂ්ඨාධිකරණයටත් උඩින් රනිල් කියයි…
November 17, 2018 at 1:20 pm | lanka C news
පාර්ලිමේන්තු මැතිවරණයක් එළැඹෙන ජූනි මාසයට කලින් පැවැත්වීමට අවශ්‍ය යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීම සදහා සියලු පක්ෂ සමගින් සාකච්ඡා කරන බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ පවසයි.
ඔහු මේ බව සදහන් කර ඇත්තේ අරලියගහ මන්දිරයේදී විදෙස් මාධ්‍යවේදීන් හමුවේදී අදහස් පල කරමිනි.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු විසුරුවා මහ මැතිවරණයක් මේ වන විටත් කැදවා එය උපරිමාධිකරණයේ විභාග වෙමින් තිබියදී හිටපු අගමැතිවරයා විසින් කරන ලද මෙම ප්‍රකාශය විවාද සම්පන්න වෙයි.
අධිකරණය විසින් ජනාධිපතිවරයාගේ තීරණය අනුමත කලහොත් මැතිවරණ ක්‍රියාවලිය එතැන් සිට සක්‍රිය වෙයි. නැතොත් මැතිවරණයක් පැවැත්වීම සදහා ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් අන්‍ය ප්රතිපාදනද ඇත.
එසේ තිබියදී අගමැතිවරයා මහ මැතිවරණයක් ජූනි මාසයේ පවත්වන බව කීමට අධිකරණ තීන්දුව ගැන වේලාසන අන්‍යාකාරයෙන් මත පල කිරීමක් සේ සැලකිය හැකිය.
කෙසේ වෙතත් පළාත් සභා පනත කඩිමුඩියේ සම්මත කරද්දී අවකට අගමැති වික්‍රමසිංහ කියා සිටියේ තුන් මාසයක් ඇතුළත පලාත් සභා මැතිවරණය පවත්වන බවයි. වසරකට වඩා ඉක්ම ගොස් ඇතත් අදටද මැතිවණය නැත.
රනිල් කරු එකම කාසියේ දෙපැත්ත
වැඩි පුර දොඩවන්නේ නූගත් පුද්ගලයින්ය.
As usual, Ranil is playing for time.
better go overseas and return in June in time for the elections.
When there is a crisis you always ran away.