මහ මැතිවරණය පොහොට්ටුවෙන්.. 2/3 ජයක් අනිවාර්යයි..

December 1, 2019 at 6:48 pm | lanka C news
මහ මැතිවරණය පොහොට්ටුවෙන්.. 2/3 ජයක් අනිවාර්යයි..

ඉදිරි මහා මැතිවරණයෙන් පසුව තුනෙන් දෙකක බලය සහිත පොහොට්ටුවේ ආණ්ඩුවක් පිහිටුවන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි මැතිවරණයෙන් පොහොට්ටුව තුනෙන් දෙකක බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීම කිසිවෙකුට වැළැක්විය නොහැකි බවයි.

කඩවත කැනෝලා උත්සව ශාලාවේ දි පැවැති ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු මහර ආසන බල මණ්ඩලයේ දී රණතුංග මහතා මේ බව සදහන් කළේ ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඇති කර ගත් ගිවිසුමේ කුමක් සදහන් වුව ද ඉදිරි මැතිවරණය තරග කළ යුත්තේ පොහොට්ටුව ලකුණින් පමණක් බව සිය පෞද්ගලික වීශ්වාසය බව පැවසු රණතුංග මහතා ජනතාව ඉල්ලන ජයග්‍රාහි ලකුණ පොහොට්ටුව බව ද අවධාරණය කළේ ය. මේ සම්බන්ධයෙන් පක්ෂ නායකත්වයෙන් ඉල්ලිමක් කිරීමට අපේක්ෂා කරන බව ද රණතුංග මහතා මෙහිදි කීවේ ය.

මෙහි දි වැඩිදුරටත් අදහස් දැක් වු රණතුංග මහතා මෙසේ ද කීවේ ය.

“ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති ලෙස බහුතර ජනතාවගේ කැමැත්තෙන් පත්වුණා. අපි අලුත් ආණ්ඩුවක් පත් කර ගත්තා. නමුත් අපිට බහුතරය නෑ. බහුතරය නැතත් අපි අපේ ආණ්ඩුවට අන්තවාදීන්ගේ සහාය ගන්නේ නෑ. ජාතික ආණ්ඩු ගහලා නැවත මේ රටේ ජනතාව රැවැට්ටුවේ නෑ. අපි වැඩ කරන්නේ මේ රටේ ජනතාව ලබා දුන් ජනවරමට අනුව යි. ඒ ජන වරමට පටහැනි කිසිවක් කරන්න අපි සුදානම් නෑ. ඒ ජන වරම අපි දිවි හිමියෙන් රකිනවා.

අපි ලැබු ජයග්‍රහණයේ තිරය පිටුපස මෙහෙයුම්කරුවා බැසිල් රාජපක්ෂ මහතා යි. 2015 ජනාධිපතිවරණ පරාජයේ දි එහි වගකීම බාරගන්න කිසිවෙකු සිටියේ නෑ. ඒ වගකීම බාරගත්තේ බැසිල් රාජපක්ෂ මහතා යි. ඔහු එදා රටින් පිටව ගියා ම හැමෝම ඔහු ට බැන්නා. නමුත් එතුමා නැවත ලංකාවට ඇවිදින් අපිට කීවේ මම නැවත මහින්ද මහත්තයව රටේ නායකයා කරවන බවයි. පොහොට්ටු පක්ෂය හදමින් ඒ සදහා බැසිල් රාජපක්ෂ මහතා කළ මෙහෙය අපිට කිසිසේත් අමතක කරන්න බෑ.

මේ ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩලයෙන් ම රටේ ජනතාවට සහන රැසක් ලබා දුන්නා. පසුගිය ආණ්ඩුව ජනතාව  මත පටවා තිබුණු අධික බදු බර ඉවත් කරන්න කටයුතු කළා. සමහරු කිව්වේ මේ බදු කවදාවත් ඉවත් කරන්න බෑ කියලයි . ආණ්ඩුව බලාගෙන ඉන්නවා මේ ලබා දුන් බදු සහනවල වාසිය ජනතාවට සෘජුව ම ලැබෙනවා ද කියලා. කවුරු හරි ඒවා ට බාධා කරනවා නම් ඒ අය ගැනත් අපි නිසි පියවර ගන්නවා.

ලබන පෙබරවාරි මාසයේ දි අපි අනිවාර්යෙන්ම ආණ්ඩුව විසුරුවනවා. ඉන් පසු පැවැත්වෙන මහා මැතිවරණයේ දි අපි තුනෙන් දෙකක බහුතර ආණ්ඩුවක් හදනවා .

ඒ ආණ්ඩුව අපි හදන්නේ පොහොට්ටුවෙන් . ශ්‍රීලනිපය සමග අප එළඹි ගිවිසුම මොකක් වුණත් අපි ඉදිරියේ එන සියලු මැතිවරණ තරග කළ යුත්තේ පොහොට්ටුව ලකුණින් බව මගේ පෞද්ගලික විශ්වාසයයි. අපි ඒ ගැන අපේ නායකයා සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.

– ප‍්‍රදීප් අනුර කුමාර

29,307 Viewers

12 Comments to “මහ මැතිවරණය පොහොට්ටුවෙන්.. 2/3 ජයක් අනිවාර්යයි..”

  1. Amda says:

    හරි හරි ….අර කූඩැල්ලෙක් වගේ එල්ලිලා ඉන්න සිරිසේන පාර්ශවයෙන් ගැලවෙන්න ඔක්කොටම කලින්

    2015 දිනුවට පස්සෙ මහින්දට ගරහනකොට … අපි කිව්වා ඔය ශ්‍රිලනිපය නැතුව අපිට පුලුවන් කියල…………….කරා

    ජනාධිපතිවරනයට එක එක නම් දානකොට අපි කිව්ව අපිට ගෝඨාභව දෙන්න ..නැත්නම් වෙන කාටවත් චන්දෙ දෙන්නෙ නෑ කියල……………..කරා

    පාස්කු ඉරිදා සිද්ධියෙන් පස්සෙ අපිට ගහල අපිටම කොකා පෙන්නනකොට කිව්ව……..තාමත් 70% ට වැඩි ජන බලය පෙන්නමු කියල…………………….කරා

    දැන් ඉතින් අර කූඩැල්ලගෙන් ගැලවුනෙ නැත්නම් හරියන්නෙ නෑ…..උපාය මාර්ගිකව ඌව සබන් ගාලා හලන්න

    • Rata Wenuwen says:

      නෙලුම් පොහොට්ටුව පිපෙන්නේ මඩේබැව් පොඩි එකත් දන්නවා නැතුව කකුල් කැඩුනු පුටුවේ වත් අරක අතගාන අත් අල්ලවත් නොවේ ප්‍රසන්න මහතයෝ, ඔබට සහා අප සැමට පොහොට්ටු පාක්ශිකයන්ට ජයෙන් ජය වේවා.

      • sayumi says:

        අපේ ගෝඨාභය මැතිතුමා ශ්‍රීලනිපය සමග අත්සන් කල ගිවිසුමට අනුව මැතිවරණෙදි පොහොට්ටුව හා ශ්‍රීලනිපය එක්ව පුටුව ලකුණින් තරඟ කිරීමට තීරණය කරලා ඉවරයි. ඇයි අපි ඒකට විරුද්ධ වෙන්නෙ?
        පක්ශ පාට බේද නොබලා අප සියලු දෙනාම එක්වී රට වෙනුවෙන් එතුමා ගත් තීරණයට හිස නමමු. අන් මත ඉවත ලමු. සිංහලයා භේද වුනොත් බහුතරය නොලැබී යාවි. නැට්ට විසින් බල්ලාව නටවන ආණ්ඩුවක් හදාගෙන බකන් නිලන්න වේවි. මතක තබා ගමු.
        “සමගිය බලයවේ”! අපේ රට වෙනුවෙන්
        වාද බේද පසෙකලා සමගි වෙමු. අති බහුතරයකින් මැතිවරණයත් ජයගමු !!!

    • සිංහල බන්ඩා says:

      සිරිසේන කියන්නේ ශ්‍රිලනිප නෙවෙය්. එහි වර්තමාන බාර කරැ. මට නම් පොහොට්ටුව ද පුටුවද කියන එක වැඩක් නහැ. මම චන්දෙ දෙන්නේ ගෝටා ටය්. නමුත් අර ‘කැපුවත් කොල හරක්’ වගේ ශ්‍රිලනිප ක්‍රියාකාරීන් ඉන්නවා. ගෝටා ට ඒ අයගේ සහාය අවශ්‍ය යය්. ප්‍රසන්න වගේ අය ඒබව අමතක නොකල යුතුය්.

  2. Suneth says:

    ඔක්කොම හිතන්නේ එහෙම එන එක හොඳයි කියන එක තමයි. ජයවේවා!

  3. kolla says:

    joke noda inna bro mahinda 57% aragenath seat 140i 😀 52% aran kohe seat 150k gannada 😀

  4. උදැල්ල අතට ගමුය👀 says:

    චන්දය දුන්නේ රට ගැනම හිතලාය
    වැඩ කරලා පෙන්නුවොත් බේරේය
    කටින් බතල නොහිටා වැඩ කරමුය
    හදාගන්ට ඇඟ උදැල්ල අතට ගමුය

  5. Yackandandah says:

    අපිනම් ඔයාලට 2/3 ගන්න දෙන්නේ නැහැ
    පේනවානේ දැන් පොලීසියට කරනදේ

    • කිරිමෙල් says:

      නෑ ඔය ගොල්ල තුනම ගත්ත නේ. අැපල් විකුණන්නෙත් ඒක කියලලු නේද?

  6. Dp says:

    ලොකු කතා නැතුව වැඩ කරන්න .කෙලින් වැඩ කරන නායකයෙක් ඉන්නවා දැන්.වැඩ කරනවානම් ජනතාව අවශ්‍ය දේ කරයි

    • Rata Wenuwen says:

      ඔන්න සිරිසෙනා සුලඟ එනවලු, අන්තිමේදී රෙද්දත් උඩ ගිහින් බඩු සැට් එකත් පෙන්නගෙන පල්ලම් බහින්න තමයි සිද්දවන්නෙ..
      මල කෝලම් ආයේ ඉපදෙනව්ලු, යම ලොව තමයි ඉපදීම ලඟදීම

Main News