මහ මැතිවරණය මාර්තු.. පලාත් සභා මැතිවරණ නෑ..- ආණ්ඩුකාර

September 23, 2019 at 5:30 pm | lanka C news
මහ මැතිවරණය මාර්තු.. පලාත් සභා මැතිවරණ නෑ..- ආණ්ඩුකාර

එළඹෙන ජනාධිපතිවරණ සමයේදි දිනන අපෙක්ෂකයා ගැන කතා නොකර සහ ජාතික දේශපාලනය පිලිබදව අවධානය යොමු නොකට තමන්ට ඡන්දය දුන් ජනතාව වෙනුවෙන් මැතිවරණ කාලයේදි එම ජනතාවට උපරිම සේවයක් සිදු කරන ලෙස නුවරඑලිය දිස්ත්‍රික්කයේ පලාත් පාලන ආයතන නියෝජිතයන්ගෙන් මධ්‍යම පලාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා ඉල්ලා සිටියා.

ආණ්ඩුකාරවරයා එ බැව් කියා සිටියේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ අලුතින් ස්ථාපනය කරන ලද පලාත් පාලන ආයතන නියොජිතයන් සහ නුවරඑලිය  දිස්ත්‍රික්කයේ කැලි කසල ප්‍රතිචක්‍රිකරණය පිලිබදව ගැටළු පවතින නගර සභා සහ ප්‍රාදේශිය  සභා නියොජිතයන්ට බලපාන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම හැටන් අජන්තා හෝටලයේ පැවති විශේෂ රැස්විමකදිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මධ්‍යම පලාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා කියා සිටියේ ජනාධිපතිවරණය මුලින්ම පැවැත්වෙන බවත්, ඉන් අනතුරුව ලබන වසරේ මාර්තු මාසය වන විට  මහ මැතිවරණයක් පැවැත්විමට නියමිත බවයි.

පවතින මැතිවරණ ක්‍රමය මත පලාත් සභා මැතිවරණයක් පැවැත්විය නොහැකි තත්ත්වයක් පවතින බවත්, එම මැතිවරණ ක්‍රමය  වෙනස් කර පලාත් සභා මැතිවරණයක් පැවැත්විමට තවත් දිගු කාලයක් ගත වන බවයි.

පලාත් සභා මැතිවරණයක් යලිත් පවත්වන තෙක් පලාත් පලාන ආයතන නියෝජිතයන්ට විශාල වගකිමක් ඇති බවත්, එම වගකිම නිසි ලෙස ඉටු කරන ලෙස මධ්‍යම පලාත් ආණ්ඩුකාර වරයා පලාත් පාලන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.

හැටන් දික්ඔය නගර සභාව , මස්කෙලිය , නොර්වුඩ් , ආගරපතන , කොටගල ප්‍රාදේශිය සභා වල කැලි කසල ප්‍රතිචක්‍රිකරණය පිලිබදව වර්තමානයේ පවතින ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් කඩිනමින් විසදුම් ලබා දිමට කටයුතු කරන බවද මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා කියා සිටිය.

තවද එම පලාත් පාලන ආයතන වල පවතින හදුනගත් වෙනත් ගැටළු සම්බන්ධයෙන්ද තමන් වෙත වාර්තාවක් ලබාදෙන ලෙස මධ්‍යම පලාත් ආණ්ඩුකාර කිර්තිකෙන්නකොන් මහතා  පලාත් පාලන ආයතන සභාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියා.

මෙම විශේෂ සාකච්ඡාවට මධ්‍යම පලාත් පලාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහාතා ඇතුළු මධ්‍යම පලාත් සභාවේ නිලධරින් රැසක් සහභාගි වි සිටියා.

– හැටන් රංජිත් රාජපක්ෂ

49 views

3 Comments to “මහ මැතිවරණය මාර්තු.. පලාත් සභා මැතිවරණ නෑ..- ආණ්ඩුකාර”

  1. Buddhist says:

    Ai mu apaw paga deela amathila SLFP ekeata ekaw karanna hadanawada. Mun wage evun ratin pannanna oni.

  2. UNP GAL IBBA says:

    නඩුත් ආංඬුවේ බඩුත් ආංඬුවේ හොරුත් ආංඬුවේ බය තරම චංඳවලට මුං වගේ අහිඟුණ්ටික ආංඬුවක් ලංකා ඉතිහාසයටම ආවමයි මේ වගේ මීහරක්ට චංඳය දෙන මලත් චූඇන්පී කියන හරක්ටම හොඳයි????

  3. vishnu says:

    මූ මොන පඟර නැට්ටෙක්ද

Main News