මහ වර්ෂා, මහ සුළං ශ‍්‍රී ලංකාව ඉදිරියේ.. දැඩි අනතුරු ඇගවේ…

May 14, 2021 at 4:40 pm | lanka C news
මහ වර්ෂා, මහ සුළං ශ‍්‍රී ලංකාව ඉදිරියේ.. දැඩි අනතුරු ඇගවේ…

ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දැනට පවතින වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය අද (14) දිනයේදීත් තවදුරටත් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

මෙම තත්වය හේතුවෙන් දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40ත් 50ත් දක්වා වැඩිවිය හැකි බවත් විශේෂයෙන්ම උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සුළගේ වේගය ක්ෂණිකව පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැකි බවත් එම නිවේදනයේ සදහන් කර ඇත.

මෙම නිවේදනයට අනුව දිවයින පුරා අහස වලාකුලින් බරව පවතින අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. එසේම දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්ද කරයි.

පසුගිය පැය විසි හතරත කාලය තුළ දිවයිනේ බොහෝ පළාත්වලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර කලු, කැලණී, නිල්වලා, ගිං, අත්තනගලු ඔය සහ මා ඔය යන ගංගා පිටාර ගැලීම සිදුවෙමින් පවතින අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර අවදානම් නිවේදන නිකුත් කර ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කොළඹ, කලුතර, කෑගල්ල, රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සදහා නායයාම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත. පසුගිය පැය විසි හතර තුළ වර්ෂාපතනය මිලිමීටර් 150 ඉක්මවා ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, නෙලුව, ඇල්පිටිය, බද්දේගම, තවලම, ගාල්ල සහ යක්කලමුල්ල කලුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, අගලවත්ත, වලල්ලාවිට, මතුගම,දොඩංගොඩ, ඉංගිරිය සහ බුලත්සිංහල සහ මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවදානම් කලාප වල ජීවත් වන ජනතාව ආරක්ෂක ස්ථාන කරා ඉවත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිවේදනය කර ඇත.

තව දුරටත් වර්ෂාව පැවතුනහොත් නායයාම් අවදානම් කදුකර ප්‍රදේශවල නායයාම, පස්කන්ඩි කඩාවැටීම, පහත් බිම් සහ ගංවතුර අවදානම් ප්‍රදේශවලට ගංවතුර අවදානම ඇතිවිය හැකි හානි අවම කර ගැනීම සහ අකුණු අනතරු අවම කර ගැනීම සදහා කටයුතු කිරීමට අවධානය යොමු කළ යුතුය.

විශේෂයෙන්ම පවතින කොවිඩ් වසංගත අවදානම හේතුවෙන් ගංවතුර තත්වයක් ඇති වුවහොත් එම තත්වය පාලනය කරගනිමින් ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම කටයුතු කරන ලෙසත් ඇතිවිය හැති අවදානම් තත්වය පිලිබද නිරන්තරයෙන් ජනතාවගේ අවධානය යොමු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

පවතින කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා පිළිබදව දැනගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයෙන් විමසන ලෙස තවදුරටත් ජනතාවට දැනුම් දේ.

– Janaka Handunpathiraja

48,144 views

17 Comments to “මහ වර්ෂා, මහ සුළං ශ‍්‍රී ලංකාව ඉදිරියේ.. දැඩි අනතුරු ඇගවේ…”

  1. වයි දිස් කොලවෙරි says:

    බුද්ධාගම නියාමනය කරණ පනත දැන් කෙටුම්පත් කරමින් පවතී. ඒක ගෙනාපු ගමන් ඔයිට වඩා විපත් සිදු වීමට නියමිතයි. ඒක ගේන නායකයින් වස් වැදී විනාශ වීමට නියමිතයි.

    • ශාසනයේ චිරස්ථිතිය උදෙසා says:

      දුශ්ශීල පැවිද්දන්ගෙන් ශාසනය බේරාගන්නවට ඇයි ඔච්චර අකැමති ?

      • Isuru says:

        Are you the righteous one to decide who is right and wrong? this act is going to have severe consequences to the country! Don’t challenge Dhamma OR ELSE!

      • වයි දිස් කොලවෙරි says:

        පනතෙන් ආගමික අධිකරණයක් පිටුවනවා. ඉතා සිල්වත් භික්ශුවක් වුවත්, වැරදියට බණක් කිවුවා කියලා වසර 7ක් දක්වා හිරේ දාන්න සහ ඔහු ඉන්න පන්සල රජයට පවරා ගන්න පුලුවන් මේ අධිකරණයට.

        විනය පිටකයේ අකුරක් වත් කඩපු නැති, කිසිම විනයක් නොකඩපු භික්ශුවක්, බණ දෙසපු ආකාරය අනුව හිරේ දාන පනතක් මේක.

        බුදුන් ශාසනය පිහිටවෙවුවේ අලුතින් කෑලි ගලවන්න වත් එකතු කරන්න වත් ඉඩක් නොතබා. අලුත් කෑලි එකතු කිරීම තුලින් බුද්ධ ශාසනය විකුර්ති කරණ පිරිසට වස් වැදීම අනිවාර්‍යයි. මරණින් පසු නිරය උරුමයි.

    • hewwel says:

      මීමනපලානෙ වගේ එවුන් අල්ලලා පුකට පයින් ගහලා හිරේට දාන්න ඕනේ

      • වයි දිස් කොලවෙරි says:

        බුද්ධ ශාසනයට නැති කෑලි එකතු කරලා ශාසනය විකුර්ති කර නිරි සතෙකු වූ විට, “මීවනපලානේ පන්නන්න හිතාගෙනයි එහෙම කලේ” කියා බේරෙන්න බැරි බව මතක තබාගන්න.

      • ක්‍රිමිනල් says:

        බෞද්ධ ආගමික අධිකරණයක් ආවා කියන්නේ, ඉස්ලාම් ආගමික අධිකරණයක් ඊලගට එනවා කියන එකයි.

        එක රටක් – අධිකරණ 3ක්. ජය වේවා. මීවනපලානේ එලවන්න ගොස් රටට කෙලවීම.

        • hewwel says:

          පුදුම දුරක් පේන්න ගන්නවා තමං කඩේ යන පක්ෂෙ කුජීත වෙලා පැරදුනාම නෙ.

  2. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    ධාර්මික රජුන් රට කරවන විට ලෙඩ දුක් වසන්ගත ස්වභාවික විපත් දුරු වේ කියල ඉස්සර බණ කියපු වහන්සේලා දැන් කෝ

    • 'ටොයියට පුනක්කු ටිකක්' ව්‍යාපාරය says:

      රජ ධාර්මික නිසා තමයි මේ තරමින් හරි බේරිලා ඉන්නෙ. රජු විතරක් නෙමෙයි ජනතාවත් ධාර්මික වෙන්න ඕනෙ. නොවුනොත් ඉස්සරහට බඩු ලැබෙයි තොපිට.

      • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

        බ්‍රෝ.. මරැ මචං මුට මෙහෙම තමා සලකන්ඩ ඔීනේ නාකි හිපාටුවා.

  3. Nimal says:

    Kalin pawathagena ena kisi prasnayak nathiwa thibuna panath wenaskirimata uwamana ai katada onawela thiyenne mokakda yati aramuna

  4. firda says:

    aparada krayinta deviyo dena danuwama. jaathiwadinta vinasaya laga wela

  5. Jagath says:

    ගස්වැල් ටික කපල කපල දාපු ඒවායේ විපාක දැන් සොබාදහම දෙන්න පටන් අරන් තියෙන්නේ. නන්දසේන කරපු දෙයක් රටට.

    • opps says:

      ඇයි ගෂ් කපපු බදියුර්දින් ඌහෙිදයි උඹට අනේ පලයං ලොල්ලෝ

      • Jagath says:

        ඌට ලයිසන් දුන්නේ තොපේ බැරිසිල් කියලා තොට අමතක ද?? පල ගෙම්බා යන්න

  6. Jagath says:

    ඌට ලයිසන් දුන්නේ තොපේ බරිසිලා කියලා අමතක ද? ගොන් බෛයියා

Main News