මහ වැස්සෙන් කිලිනොච්චියේ වැවක් කැඩී යයි…
January 23, 2021 at 2:06 am | lanka C news
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකය යටතේ ඇති 571 වන බලසේනාව යටතේ පාලනය වන 12 වන ශ්රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ඉකුත් බ්රහස්පතින්දා අධික වර්ෂාව හේතුවෙන් හානියට පත් කිලිනොච්චිය, කන්දකුලම් වැව් බැම්ම මහත් පරිශ්රමයක් දරා නැවත පිළිසකර කළහ.
සිද්ධිය සැල වූ විගස ක්රියාත්මක වූ භටපිරිස් වැව් බැම්මේ තර්ජනයට ලක්විය හැකි ස්ථාන පරික්ෂා කර ජලය පිටතට කාන්දු නොවන ආකාරයට වැලි උර අතුරා සකස් කරනු ලැබීය. ගංවතුර හේතුවෙන් ප්රදේශයට ඇතිවීමට තිබු මහා විනාශයක් වළක්වා ගැනීමට භටපිරිස් සමත් වූහ.
මෙම ප්රජාසත්කාරක වැඩසටහන කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ සහ 57 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත 571 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ භටපිරිස් සහ ප්රදේශවාසීන් එක්ව දියත් කරනු ලැබීය.
අධික වර්ෂාව හේතුවෙන් විපතට පත් වූ ප්රදේශය නිරීක්ෂණය කර ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා දිස්ත්රික් ලේකම්වරයා සහ රාජ්ය නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාවට පැමිණ සිටියහ.
– SL Army Media
අපේ සිංහයන්ට අපේ ප්රණාමය.