මහ වැස්සෙන් ජල විදුලිය උඩටම…

August 5, 2022 at 2:10 am | lanka C news
මහ වැස්සෙන් ජල විදුලිය උඩටම…

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම ජලාශ ආශ්‍රිත ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි හතරක්ද මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 6යි අගල් 10ක් පහලින් පවතින බවත්ය.

මේ වන විට මෙම ජලාශවල ජලය උපයෝගි කර ගෙන විමලසුරේන්ද්‍ර, කැනියන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය යන ජල විදුලිබලාගාරවලින් උපරිම ලෙස ජල විදුලිය නිපදවිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පැවසිය.

– මනුර සුදත් සෙල්ලහේවා

6,038 views

4 Comments to “මහ වැස්සෙන් ජල විදුලිය උඩටම…”

  1. bandara says:

    හගුරන්කෙත මහනුවර පාරේ නම් විදුලිය දැන් දවස් 2ක් නෑ. මේ පැත්තේ විදුලිබල මණ්ඩලය සතියට දවසක් වගේ වැඩ කරන්න කැමති.

  2. Amda says:

    දැන් ඉතින් අර CEB ඉන්ජ කාලකන්නි වතුර අරියිද කියල බලන්ඩෝ

  3. aanamaduwe maanavadu says:

    ado oya inna naaki thattayanwa gahala pannala unlanga ethi kema mutti saha anikuth kana bona devaltika oya
    kanna nethuwa inna duppath ayata deepallaban, pin lebei. hora ganayanta dunnoth lebei thota paw.

  4. Kumudika says:

    කරුණාකර මේ සියලුම ජලාශ වල බැමි ආරක්ෂා කරන්න හමුදාව යොදවන්න අරගල කාරයන් ,ජවිපෙ,කුරුතුගාමියෝ මේ දවස්වල වැස්සට පතුරු යන්න බනිනවා විදුලිය දැන් ඉතින් මුංට (ජනතාවට)ලැබේවි මුන් අරගලය අමතක කරාවි කියාල.ජෙප්පෝ ප්‍රමුඛ බ්ලැක් හැට් සංවිධානය(බටහිර ඔත්තු සංවිධානයකි) මේ වේ ලි විනාශ කරන්න ඉඩ තියෙනවා

Leave a Comment

Main News