මහ වැස්සෙන් රත්නපුරට ගංවතුර.. නාය යාමකින් තිදෙනෙක් අතුරුදන්..

June 4, 2021 at 8:40 am | lanka C news
මහ වැස්සෙන් රත්නපුරට ගංවතුර.. නාය යාමකින් තිදෙනෙක් අතුරුදන්..

රත්නපුර ඇල්ල දේවාලය අසල නායයාමක් හේතුවෙන් පුද්ගලයන් තුන් දෙනෙකු අතුරුදහන් වී තිබේ.

එම ප්‍රදේශයේ පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම නායයාම සිදු වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියි.

මෙම සිදුවීම අද අළුයම් කාලයේ සිදුවී ඇති බවද ඔවුන් නිවේදනය කරයි.

ප‍්‍රදේශයේ ඇතිව තිබෙන අධික වර්ෂාව හේතුවෙන් කළු ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇති වෙමින් තිබෙන බවද එම මධ්‍යස්ථානය කියා සිටී.

14,330 views

One Comment to “මහ වැස්සෙන් රත්නපුරට ගංවතුර.. නාය යාමකින් තිදෙනෙක් අතුරුදන්..”

  1. අවධානම ගැන දැන්වත් හිතන්න says:

    රාජකාරී කටයුතු ඉවර කරලා ගෙදර එද්දි දැක්කා ගම්පහ – ජා ඇල පාරේ ගම්පහට කිට්ටුව ලී මෝලක් ගාව හාමුදුරුවරු කිහිප නමක් ගංවතුර බලනවා. තරුණයන් කිහිප දෙනෙකුත් හිටිය. සාමනේර හාමුදුරුවන් ගංවතුරෙ නානවා තවත් කුඩා දරුවන් එක්ක. ලොකු උන්නාන්සෙට වගේ වගක් නෑ.. දෙගොඩතලා යන ඒ වතුරටම තමා ගම්පහ රෝහලේ සියළු වතුරත් එකතු වෙන්නෙ. කොරෝනා වතුරෙන් බෝ නොවුනත් උනත් , සංචරණ සීමා කඩ කරලා එහෙම ඇවිදින්න හොඳ නෑ. ගමකට උනත් වසංගතය බෝ වෙන්න පුළුවන්. මේ වෙලාවේ වත් මිනිස්සු සෞඛ්‍ය අංශ කියනදේ ගැන හිතන්නෙ නැහැනෙ අප්පා..