මහ වැසි, තද සුලං.. ගස් කඩා වැටි මාර්ග අවහිරයි.. විදුලිය බිද වැටීම්..

September 27, 2021 at 6:20 pm | lanka C news
මහ වැසි, තද සුලං.. ගස් කඩා වැටි මාර්ග අවහිරයි.. විදුලිය බිද වැටීම්..

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශලට (26) දින පස්වරුවේ සිට දැඩි සුලං තත්ත්වයක් පවති.

දැඩි සුලං තත්ත්වය ගිනිගත්හේන, නෝටන්බ්‍රිජ් , වටවල සහ හැටන් යන පොලිස් බල ප්‍රදේශවලට දැඩි බලපැමක් ඇති කර ඇති අතර , පවතින දැඩි සුලං තත්ත්වය නිසා අධි බලැති විදුලි රැහන් පද්ධති වලට විදුලි රැහන් කඩා වැටිම නිසා විදුලි රැහන් එකිනෙක පැටලිමෙන් හැටන් ඇතුළු ප්‍රදේශ රැසක විදුලි බලය වරින් වර ඇණ හිටිමට ලක් වෙයි.

පවතින දැඩි සුලං තත්ත්වයත් සමග ගස් සහ අතු කඩා වැටිමේ අවධානමක් පවතින නිසා ඒ පිලිබදව සැලකිමත්ව කටයුතු කරන ලෙස  නුවරඑලිය ආපදා කලමණාකරන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඇද හැලෙන අධික වර්ෂාව  සහ දැඩි සුලං තත්ත්වය හේතුවෙන් හැටන් කොළඹ ඒ 07 ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකින්ම ප්‍රධාන මාර්ගය ගස් සහ පස් කදු වැටිමෙන් රථ වාහන ගමනා ගමනයට තරමක බාධා පැමිණ  ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ස්ටැඩන් වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට විශාල ගසක් (27) දින උදැසන කඩා වැටිම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතුට වලට බාධා පැමිණ තිබු අතර ,කඩා වැටුණු ගස එම වතු යායේ වතු කම්කරුවන් එක්ව කපා ඉවත් කිරිමෙන් අනතුරුව එම මාර්ගයේ ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කර ඇත.

– හැටන් රංජිත් රාජපක්ෂ

26,152 views

6 Comments to “මහ වැසි, තද සුලං.. ගස් කඩා වැටි මාර්ග අවහිරයි.. විදුලිය බිද වැටීම්..”

  1. ගෞම් ඊයාරාජ් says:

    මේ රට කන එවුන්ට වැහි නැති හරි ,වැස්සත් එක්ක හරි හෙණ ගහපං .

    • Amdan says:

      යකෝ මේකට වෙනවැඩක් නැද්ද මේකෙම කොට කොට ඉන්ඩ ගවුම් ඊයරාජ් කියන එකා හරින් ප්‍රනාන්දුගේ සම්බන්දීකරන නිළධාරියෙක් කියල තමා ආරංචි. මුගෙත් ඇට පොඩි නිසා ගෙදරින් පන්නලද දන්නේ නෑ .

    • Saman says:

      යකෝ එහෙම හෙන වදිනවනම් අපුච්චල රාජිතයල මැරුනු තැන් වල රූස්ස ගස් වැවිල .

  2. Jagath says:

    විෂ්ණු විංසතිය පටන් අරන්

  3. Kalu Albot says:

    Jagatho, Meka Wishnu winsathiya nemeyi, Raajaaksa Winsa — Naha naha, Raajaaksa Vinnehiya!

  4. 3% ට බය බයියා. says:

    සොබාදහම විනාශ කරන නායකයන් ඉන්න රටක සොබාදහම විසින් දඩුවම් ලැබෙනු ඇත .

Main News