මහ වැහි ඇදහැලේ.. ප්රදේශ රැසක ජලගැලීම්.. කොළඹ පාරවල් යටවේ..
September 7, 2017 at 12:40 pm | lanka C news
ඇදහැලෙමින් පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග ගසක් ජලයෙන් යටවී තිබේ. මේ හේතුවෙන් නරගයේ බොහෝ ස්ථානයන්හි දැඩි වාහන තදබදයක් ඇතිව ඇත.
කොළඹ රත්නපුර ප්රධාන මාර්ගය අවිස්සාවේල්ල පුවක්පිටියේදී හා ඇහැලියගොඩදී ජලයෙන් යටවීම නිසා ගමනාගමනය අසීරු වී ඇති අතර කොලොන්නාව, කැලණිය, වත්තල ඇතැම් ප්රදේශ ජලයෙන් යටවී ඇති බවද වාර්තා වෙයි.
රත්නපුර දිස්ත්රික්කයේ ස්ථාන කිහිපයකම පහත් බිම් ජලයෙන් යටවී ඇත.