මහ වැහි ඇදහැලේ.. ගාල්ලේ ගංවතුර.. ජනතාව ඉවත් කෙරේ.. අධිවේගයට සීමා පැනවේ…
September 5, 2017 at 3:50 pm | lanka C news
නිරිත දිග බෑවුමට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යට වී තිබේ.
ගාල්ලේ සිට අම්බලන්වත්ත, බද්දේගම, මාපලගම මාර්ග ජලයෙන් යටවී ඇති අතර කරාපිටිය නගරය හා රෝහලට අවට ප්‍රදේශද ජලයෙන් යටවී ඇත.
මේ අතර මාදු ගග ස්ථාන කිහිපයකින් පිටාර ගැලීම නිසා අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව ඉවත් කිරීමට ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර තිබේ.
මේ අතර අධික වර්ෂාපතනය නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවයන වන සියළු වාහනවල ප්‍රධාන ලාම්පු දල්වා ධාවනය කරන ලෙසත් වේගය උපරිමය පැයට කිලෝමීටර් 60 සීමාවේ පවත්වා ගන්නා ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය ඉල්ලා සිටී.
මුළු රටම රක්ෂණය කරලා තියෙන්නේ.. අපදාවක් වුනොත් වන්දි ගෙවනවා..
හදිසි ආපදාවකින් හෝ වෙනත් ක්‍රමයකින් නිවස විනාශ වුවහොත් රක්ෂණ ක්‍රමය යටතේ රුපියල් ලක්ෂ 25 දක්වා වන්දි ලැඛෙනවා. ඉතිරි මුදල පමණයි රජයෙන්
rajitha
We are running into the miserable third year!
වෙනස සැපද?
Cursed by god.