මහ විපතින් 122ක් මරුට.. 150කට වඩා අතුරුදන්.. 29-30 යලිත් මහ වැසි එයි..

May 28, 2017 at 10:40 am | lanka C news
මහ විපතින් 122ක් මරුට.. 150කට වඩා අතුරුදන්.. 29-30 යලිත් මහ වැසි එයි..

රට පුරා ඇති වූ දැඩි වර්ෂාවෙන් ඇති වූ ආපදා තත්වයෙන් මිය ගිය ගණන 122ක් බව රජයේ නිල වාර්තා සදහන් කරයි. තවත් පුද්ගලයින් 98 දෙනෙකු අතුරුදහන් බව ආපදා කලමණාකරන මද්‍යස්ථානය පවසයි.

නමුත් දිස්ත‍්‍රික් ලේකම්වරුන් පවසන්නේ පුද්ගලයින් 150කට වැඩි පිරිසක් අතුරුදහන් බවයි.

ආපදා තත්වය නිසා ලක්‍ෂ පහක පමණ පිරිසක් අවතැන්ව සිටින බවද ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය කියා සිටී.

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ 29-30 දෙදින තුල දිවයිනේ බස්නාහිර, දකුණ සබරගගමුව ඇතුළු නිරිත දිග කලාපයට දැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවයි.

266 views

6 Comments to “මහ විපතින් 122ක් මරුට.. 150කට වඩා අතුරුදන්.. 29-30 යලිත් මහ වැසි එයි..”

  1. ඇත්ත says:

    2005 අංක 13 දරන ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය අනුව ව්‍යසන තත්ත්වයක් ප්‍රකාශ නොකරන්නේ ඇයි. ආපදා පාලනයට නීති තිබියදී ඒ නීති ක්‍රියාත්මක නොකරන්නේ කලු සුද්දන් ලංකාවේ මෙතරම් බලවත් නිසාද?

  2. බන්ඩය්යා says:

    මේ වන විට අැමැත්තන්ගේ සැප කාර් සඳහා කෝටි සියයකට වැඩි මුදලක් වෙන් කර අැති යහපාලන රජය අවතැන් වූවන් ගක්ෂ පහට රු. කෝටි 4.5ක් වෙන් කර අැති බව කියය්. ඒ කියන්නේ එක් අවතැන්වූ අයෙකුට රැ90/-ක් වෙන්කර අැති බවය්.

    • Alapaluwa says:

      මෙයට නිසි පිළිතුරනම් එදා අපේ කැළණිතිස්සරජු පිළිපැදී ක්‍රියාව කළයුතුයිමයි නමුත් වෙනස් ආකාරයකට.එදා මුහුද ගොඩ ගැලුවිට කැළණිතිස්ස රජුගේ දියණිය විහාරමහාදේවිව රුවක්සදා පහාකර හැරියා එ මක්නිසාද අහිංසක හිමිනමක් උතුරණ තෙල්කාටාරමකදමා අපවත්වීම කරවපු බැවින්. මෙදා මේසා විශාල වතුරක් පැමිණ ජනජීවිත විනාස කරමින් රට අන්ත දුගී තත්වයකට පත්වන්නේත් සහා පවතින්නේ මේ රටේ අධම පාලකයන්ගේ දුෂිත පාළනය හේතු කොටගෙනයි.එදා ඒ කැළණිතිස්ස රජු දියිණිය රුවක් සදා පාකර යැවුවට අද එසේකිරීමට මේ ඉන්න අමන පොන්න රජු ඉදිරිපත්වන්නේ නැත එය සක්සුදක් සේ පැහැදිලියිය අයින් නොවන මේ පොන්න රජු එසේ කරාවිද කියා. නමුත් කරන්න තිබෙන්න ඒ වෙනුවට හැකි ඉක්මණට මේ දුෂයා පාදඩයන් පාළන බලයෙන් ඉවත්වීමයි. රට විනාස කරණ බුදුදහම නැතිකරණ කාලකන්ණි නරුමයන් වහාම පාලනයෙන් දැන්වත් ඉවත්විය යුතුයි නැතිව තවදුරටත් මෙවැනි විදියට රට ගෙනගියහොත් දුෂ්‍ය පාලනයෙන් මෙයට වඩා අන්ත විනාස මුකයකට රට ඇදවැටෙනබව අපි කවුරුත් අමතක නොකරයුතුයි.

  3. Chamara says:

    Rataka ayahapatha rajakaranawita swabavika vipath nithara siduwenawaa. Me budunge desaye gawagathana karana aya wadiyen vyapthawanawita me pinbimata oroththudenna baha. Jathiwadaya agamwadaya pathuruwana hambayo araksakaramin ewata piliturudena bauddayin hirageta ganiddi me maha polowa iwasanne naha. Me hamz swabavika vipathakma enisai. Paarabauthika patthai me.

  4. මහව මුනින්ද්‍ර says:

    මේවා සිදුවෙන්නේ පාලකයන්ගේ පාපය මිනිසුන්ගේ කරපිටින් යාම නිසා .මෙවැනි දේ රජකාලේ සිදුවෙනවිට රජා රජකම අතහැරියා ඔවුන් විශ්වාස කළා එහෙම කලේ නැතිනම් තමුන්ට අර මැරිච්ච මිනිසුන්ගේ ශාපය වැදිලා තමනුත් වලපල්ලට යාවි කියල .,මේ රට කොටින්ට බටහිරයට පාවල දුන්නට දෙවියන් කෝපවෙලා ,අපේ හාම්දුරුවන් අත්අඩංගුවට ගන්නවා සිංහල බෞද්දයා පෙලනවා සුලුජාතිකයන් උඩින් තියනව එකේ ශාපය පාලකයන්ට වදිනවා .මේවගේ දේවල් නිසා පාලකයන්ට මරණිය රෝග සෑදේනවා ඔවුන් ගේ මනස ලෙඩ කරනව හොඳක් වෙන්නේ නෑ .පාලකයෝ දෙන්නටම තම තනතුරු අතහරින්න කාලය හරි කියල තමා මේ කියන්නේ .එහෙම නැතිඋනොත් මිට වඩා ස්වබාවික විපත් මේ වසර අවසාන වෙන්න ඉස්සර වෙන්න පුළුවන්

    • sunimal says:

      කතාව සහතික ඇත්ත ..යමපාලනය දේශපාලනයෙන් ඉවත් වීමට කාලය හරි

Main News