මහ සෙනෙවි කිවුවාට සුළු සෙබලෙක්වත් නොවෙයි.. රාජිත ප්රකාශය අස් කර නොගනී.. සමාව නොගනී.. කණගාටුවවත් පල නොකරයි..
May 10, 2017 at 10:40 am | lanka C news
රාජිත සේනාරත්න ඇමතිවරයා විසින් නොසරුප් ලෙස ඇමති ජෝස් සෙනෙවිරත්නට බැණ වැදීම සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනීම සම්බන්දයෙන් ශ්රීලනිප ඇමතිවරුන් අතර යම් කණස්සල්ලක් ඇති කරවා ඇති බව වාර්තා වෙයි.
රාජිත සේනාරත්න මහතා කැබිනට් ප්රකාශක ධුරයෙන් ඉවත් කල යුතු යයි ශ්රීලනිප ඇමතිවරුන් සාකච්චා කලද අවසානයේ තවත් කැබිනට් ප්රකාශකයෙක් පත් කිරීමන් පමණක් ප්රශ්ණය අවසන් කර ඇත.
අඩුම තරමේ ඇමති රාජිත විසින් ඇමති ජෝන් සෙනෙවිරත්නගෙන් සමාව ගැනීමක් හෝ කණගාටුව පල කිරීමක් සිදු කර නැත.
මෙම මත ගැටුම ඇති වූයේ ඇමති සරත් ෆොන්සේකාට නව තනතරක් දෙන්නේ යයි ඇමති රාජිත විසින් කැබිනට් හමුවේදී කල ප්රකාශය ඇමති ජොන් විසින් ජනාධිපතිවරාගේ මතය එය නොවන යයි කියමින් බැහැර කිරීමයි.
නමුත් ජනාධිපතිවරයාද මේ වන විට සරත් ෆොන්සේකා මහතාට දෙන නව තනතුර සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමට කමිටුවක් පත් කර ඇත.