මළත් එජාපය අතහරින්න ශ්රීලනිපය බෑමයි කියයි.. ඒකාබද්ද-ශ්‍රීලනිප සාකච්චා බිද වැටේ…
November 29, 2017 at 9:20 am | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ද විපක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග කිරීම සදහා වන සාකච්චා තීරණාත්මක ලෙස බිද වැටීමකට ලක්ව ඇති බව වාර්තා වෙයි.
ඒකාබද්ද විපක්ෂය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දන්වා ඇත්තේ තව දුරටත් සාකච්චා පැවැත්වීමට අවශ්‍ය වන්නේ නම් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වීමේ තීරණය ගන්නා ලෙසයි.
නමුත් එක්සත් ජාතික පක්ෂය සමග පවත්වාගෙන යන හවුල් ආණ්ඩුවෙන් ඉවත් වීම සදහා කනිසිසේතම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සූදානමක් නැති බව එම පක්ෂ තොරතුරු වාර්තා කරයි.
මේ තත්වය මත නැවත වතාවක් දෙපාර්ශවය අතර සාකච්චා නොපැවැත්විය හැකි බවද වාර්තා වෙයි.
ඒකාබද්ද විඵක්‍ෂය මේ වන විටත් සියළු දිස්ත්‍රික්කයන්හි තරග වැදීම සදහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ලෙස ඇප මුදල් තැන්පත් කරමින් සිටිති.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද තීරණාත්මක ලෙස කියා සිටියේ එක්සත් ජාතික ඵක්‍ෂ ආණ්ඩුවෙන් ඉවත් නොව තාක් ඒකාබද්ද විපක්ෂය ශ්‍රිලනිපය හා හවුලේ තරග නොකරන බවත් මේ වන විටත් පොහොට්ටුව ලකුණින් තරග කිරීම සදහා සියළුෑ කයෙුතු සූදානම් කර ඇති බවත්ය.
කෙසේ වෙතත් පක්ෂයක් ලෙස අවසන් තීරණය ජනාධිපතිවරයා මේ දිනවල යෙදී සිටින කොරියානු සංචාරය නිමවා පැමිණි පසු සාකච්චා කර දන්වන බව සාකච්චා සදහා පත් කර ඇති ශ්‍රීලනිප කමිටුව ඒකාබද්ද විපක්ෂ නියෝජිතයන්ට දන්වා ඇත.
එකතු වුනොත් පොහොට්ටු පර වෙයි. කොන්දක් නැති, එජාපයේ කටු ලෙවකන ශ්රිලනීපෙ එක්ක එකතු වුනොත් අපේ ඦන්දෙ පොහොට්ටුව ට නැත…
2014 දෙසැම්බරේ පළමු වතාවට පාවා දීලා දෙවන වතාවට 2015 අගෝස්තුවෙත් පාවා දුන්නට පස්සේ ආයෙත් පාවා නොදෙයි කියල හිතන්නේ කොහොමද?
සිරිසේනට නැවතත් රැවටෙනවාට වඩා දිවිනසා ගැනීම අගනේය. ඔහු පසු පස යන සියලු දෙනාට අත්වන ඉරනම සියදවි හානිකරගැනීමයි.
ඒ බෑ කියන එළුවන්ට පැන්ෂන් ගියාම යාහමින් කන්න තණකොළ ගාලකුත් සුදානම් කරගෙන යන තැනකට යන්න දැන්ම සුදානම් වී සිටින්න කියමු.අනෙක මේ හිවල්ලු අපිට කොහොමටත් අවශ්‍ය නැත.
It’s shame that the talks broke down.The JO should have dragged talks on until the last minute.
මෛත්‍රී පරම්පරාවෙන්ම යූ එන් පී කාරයෙක්..
ඉස්සර එක ැලෑවක අලියෙක් මැරිලා ඉන්නවා දැකපු නරියෙක් අලි කුණ කන්න බල බල ඉන්නකොට අලියාගේ අධෝමුඛය විවෘතවෙලා තියෙනවා දැකලා එතැනින් ඇතුල වෙලා අලි කුණ කකා ඇතුලටවෛලා ඉන්නකොට අර ඇතුල් වෙච්ච සිදුර වැහිලා නරියා දන්නෙත් නැතිව කෙහොම හරි නරියා කුණ කකා ඉන්නකොට මහා වර්ෂාවක් ඇවිත් අලිකුණ මුහුදට ගසාගෙන ගිියාලු. නරියා මේ බවක් දන්නේ නෑ. නරියා ඇතුලට වෙලා කකා හිටියලු. ඉතිරි ටික කියන්න ඕන නෑනෙ.
එලම කතාව , ඒත් මේක තාමත් උන්ට තේරේවිද … තේරුම් ගියත් ඒකට අනුගත වෙලා ගමන වෙනස් කරාවිද, නෑනේ…
හවුලේ කැඳත් එපා!
පොදුජන පෙරමුණ තනියෙන ආවොත් ජය නියතයි.
These discussions are important to show that we have given all the options a chance; every avenue needs to be sought to deliver a handsome defeat to the UNP for having ruined our country. Even Pirabaharan was given this chance by MR while all preparations were underway to meet the eventual result. That’s another good reason as to why Sri Lankans love MR.
Congratulations for being REAL OPPOSITION !
Let SLPF to split. Make new tradition by defeating UNP-SLFP. It will give enormous strength to country.