මළ ගෙවල්වල යන්න විදිහක් නෑ.. මිනිස්සු බීලා බනිනවා..

October 20, 2021 at 12:02 am | lanka C news
මළ ගෙවල්වල යන්න විදිහක් නෑ.. මිනිස්සු බීලා බනිනවා..

පොහොර ප්‍රශ්නය නිසා තමන් රාත්‍රී හතෙන් පසු මළ ගෙවල්වල යාම නතර කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

පවතින දේශපාලන තත්වය තුල ආණ්ඩුවට එරෙහිව එල්ල වන මහජන චෝදනා තමන් ඇසෙන බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

එනිසා රාත්‍රියේ මළගෙදරකට ගියහොත් පොහොර ප්‍රශ්නය ජනතාව බීලා බනින බවත් ඔවුන්ගෙන් බැනුම් අහන්නට වන බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.

රසායන පොහොර සමග වගා කරන්නට පුරුදු වී සිටින ජනතාව ක්‍ෂණිකව වෙනස් කළ නොහැකි බවද කී ඔහු ආණ්ඩුව කළේ සරම මහන්නට පෙර කලිසම ගැලවීම වැනි කටයුත්තක් බවද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ බදුල්ල හාලිඇළ ප්‍රදේශයේ දී පැවති වැඩසටහනක් ඉන් අනතුරුව මාධ්‍ය අමතමිනි.

29,632 views

13 Comments to “මළ ගෙවල්වල යන්න විදිහක් නෑ.. මිනිස්සු බීලා බනිනවා..”

  1. Guti Kana Moona says:

    Banala berunoth athi, moota thiyenne gutikana moonakne. Marana gewal wala yanakota helmet ekak daagena,body armour ekakuth andanam sawukyata gunai!

  2. 3% ට බය බයියා. says:

    ඉදිරියේ දී ගුටි .පොහොර ප්‍රශ්න විසදිය හැකි එකම ක්‍රමය ජේවිපි ආණ්ඩුවක් පත් කිරිමෙන් පමණයි

  3. ඔයගොල්ලන්ට බැනල නවත්වන එක ලොකු දෙයක්

  4. වකුගඩු රොගයෙන් මියයන අසරණ මිනිස්සු බෙරගන්න ගන්න ගත් තිරනයක් ,වර්ශයකට 5000 පමන මියයනවා ,පිලිකා රොගයෙන් ද එසෙමයි. සතියකට වරක් සරිරයෙ ලේ මරු කරන රොගින් ද සිටිනවා ප්‍රශ්නය වී ඇත්තෙ ජන්මාද්‍ය තුලින් ජනතාව දැනුවත් වි නොමැති කමයි

    • LalithM says:

      ඒකට හේතුව තත්ත්වය බාල වෙනත් විෂ අපද්‍රව්‍ය සහිත පොහොර භාවිතය. පොහොරත් අනිත් දේ වගේ තමා. වැඩිය කොමිස් දෙන බාල පොහොර ගෙන්වනවා.ලෝකයේ වෙනත් බොහෝ රටවල මේ තත්ත්වය නෑ.උසස් ප්‍රමිතිය සහිත පොහොර අවශ්‍ය ටිකයී. මිල ටිකක් වැඩියි.ශාඛවලට අවශෝෂණය ඉහලයි.

      • ආන්ඩු ගනනාවක් මෙරටට ගෙන්වා ඇත්තේ බාල පොහොරද ? වකුගඩු රොගය හැදෙන්නේ ඉක්ශ්නිකව නොවෙයි .පොහොර වලට වඩා විදමක් ගිහිල්ලා තිබෙනවා බෙහෙත් වලට ඒ වගෙම ඒ මිනිස්සු දුක්විඳමින් සිටිනවා එහෙම නම් අදියෙ මෙන් රසායනික පොහොර යොදන්නෙ නැතිව ගොවිතැන කරන එක හොන්යි නෙද? අපි කුඩා කාලෙ ගොයම් සමග වල්පැලැටයක් උනෙ කිරින්දි පමනයි එවා අතින් උගුලා දැම්මා නුමුත් වල් පැලැටි වලට වෙනම දියර බෙහෙත් දැම්මෙ නැත

  5. මැදමුලනෙ මුත්තා says:

    ඔය සෞභාග්‍යයේ දැක්ම කියන ප්‍රතිපත්ති ප්‍රකාශනය ලියල තියෙන්නෙ කෘෂිකර්මාන්තය ගැන කිසිම ප්‍රායෝගික දැනුමක් නැති වියත්මගේ හිටපු උගත්යැයි කියාගත් ගොබිබයො ටිකක්. මුළු ලෝකයේම මුළුමනින්ම කාබනික පොහොර භාවිතා කරන රටවල් නෑ. සංකල්පය හොඳයි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බෑ. අස්වැන්න අඩුයි. ගෙරිකටු පොහොර දැමිමෙ ඉස්සර. දැන් කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය යොදාගන්නවා. කෘෂි විශේෂඥයින් කියන්නෙ රසායනික පොහොර අවශ්‍යයි කියලා. ශ්‍රීලංකාවෙ කාබනික වගාව කරන්න කියන අතරේ, මුං ඉන්දියාවෙන් රසායනික පොහොර වගාකරල නිෂ්පාදනය කළ හාල් ගෙන්නනවා. එතකොට ගොවීන්ටද, මෙි පාලකයින්ටද පිස්සු?. ගෝඨාභය කරන හැම වැඩක්ම අනාගන්නවා. ගැසටි ගහනවා නැවත අවලංගුකරනවා. රසායනික පොහොර නොලැබුනොත්, ලබන අවුරැද්ද වෙනකොට කෘෂි අස්වැන්න විශාල ලෙස අඩුවෙනවා. ගෝඨාභය බලයට ගේන්න ඡන්දෙ දුන්න බහුතරය ගොවීන් සහ කමිකරැවන්. දැන් මහින්දගෙ, ගෝඨාභයගෙ, මහිදානන්දගෙ පඹ⁣යින්ට පහරදෙනවා, ගිණිතියනවා. මෙිව ගොවීන්ගෙ හදවතෙන් මතුවන සැබෑ විරෝධතා. ඒකට JVP එකට හෝ සජිත්ට බැනල වැඩක්නෑ. මැති ඇමතිවරැන්ට ගමිවලට යන්න බෑ. උද්දචිචකම පැත්තක කියල ගොවීන් මුහුණදෙන මෙි ගැටළුවට විසඳුමි හොයපල්ලා. ගොවීන්ට පොහොරටික දීපල්ලා. පොහොර දුන්නත්, නැතත් ඉදිරි ඡන්දයකින් මෙි ආණ්ඩුව අන්ත පරාජයකට ලක්වීම ස්ථිරයි.

  6. Saleem says:

    උඔලට බනින්න අරක්කු බොන්න ඕනේ නැ. හොද සිහියෙන් ඉන්න වෙලාවටත් බොලාව මතක් වෙන කොට කටට අමු කුණු හබ්බ තමා එන්නේ රටට කරගෙන යන විනාශය බලනකොට

  7. Darshana abayakoon says:

    කව්ද දෙය්යනේ කලිසම මහන්න කලින් සරම ගලවපු ගොන් තඩියා?

  8. MD says:

    මේ මොකක්ද අප්පා අහිංසකයයි කියා ගන්නා ගොවියා කියන්නේ අපි අසරණයි ඵදාවේල කන්නවත් සල්ලි නැ කියලා.ඵතකොට කණ පැලෙන්න බොන්ඩ තියෙනවද අප්පා

  9. Athula says:

    ඔහොම යං උඹලට තවම බනිනව විතරයි තව තව සෙල්ලම් ඉස්සරහට , තක්කඩියා නිකන් සුදන වෙන්න හදනවා තොපි හිඟන හොරු අහිංසක විදේශ ශ්‍රමික යින්ගෙන් මංකොල්ල කන සල්ලි ලක්ෂ එක්දහස් දෙසීයක් සාක්කුවේ දාගත්ත උඹ මහින්දටගෙ 2010 මැතිවරණ වලට කන්න දෙන්න කියලා හෙන්චය්යන්ට. මු හිතන් ඉන්නෙ මේවා කවුරුත් නොදන්නවා කියලා. හිරිකිතයි තොපිව..

  10. සතුටුවෙයන් ගහලා පුච්චලා දාපු නැති එක ගැන . මිනිස්සුන්ට කරපු එක හොදක් කියපන් බලන්න .🐕🐕