මළ මීනී බාගෙට පුච්චයි.. මීනී කෑලි බල්ලන් බලලූන් පාර පුරා ගෙන යයි..
July 13, 2017 at 12:40 pm | lanka C news
යාපනය අච්චුවේලී පූතූර් ප්‍රදේශයේ පිහිටි අවධිමත් සුසාන භූමි නිසා ප්‍රදේශයේ ජනතාව සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ පා ඇති හෙයින් විසඳුම් ඉල්ලා වැසියන් පිරිසක් විසින් පූතූර් ග්‍රාමීය ශාලාව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කරනු ලැබීය.
ප්‍රාදේශීය සභා මගින් සුසාන භූමි ගම්මාන මැද පිහිට වීම නිසාවෙන් ගම් කිහිපයක ජනතාවට විවිධ වූ ෂෞඛ්‍ය ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇති හෙයින් සිය ගැටලුවට විසඳුමක් උතුරු පලාත් සභාව මින් ලබා දෙන තුරු සිය සත්‍යග්‍රහය ඉවත් නොකරගන්නා ලෙසට එම වැසියන් කියා සිටියහ.
සත්‍යග්‍රහය සංවිධානය කල සමාජ සාධාරණත්වය සඳහා වූ බහුජන සංවිධානයේ සභාපති ටී.තනුජන් කියා සිටියේ, ‘මේ වන විට මේ සුසාන භූමි නිසා අපිට ඉන්න හිටින්න බැරි වෙලා තියෙන්නේ ගෙවල් වල වහලේ මිණි අලු ගෙවත්තේ වගාවන් වල මිණී අලු පාරක යන්න බැහැ මිණී ගඳ සුසාන භූමියේ පිලිස්සීම කවදාවත් විධිමත්ව කරන්නැහැ හැමදාම බාගෙට තමයි මළ සිරැරු පුලුස්සන්නේ පුලුස්සන කොට අලු පාවෙන එක නවත්තන්න මේ වන තුරු කිසිම පියවරක් ගෙන නැහැ මළ සිරුරු පුච්චන කොට ඒ දුමාරය තමයි අපි ආශ්වාශ කරන්නෙ පොඩි ළමයින්ටත් විවිධ රෝග මේ නිසා.
අනිත් බරපතලම කාරණේ තමයි සුසාන භූමියේ පුච්චලා ඉතිරිවන මළ සිරුරු කොටස් පහුවදාට එක එක ගෙවතු වල පාරවල් වල බල්ලො බල්ලු අරන් ගිහින් දානවා ඒවා කුණු වෙනවා දැන් කාලයක් තිස්සේ මේ ගැටලුව කිව්වත් කිසිම කෙනෙක් විසඳුවෙ නැහැ දැන් මේ සත්‍යග්‍රහය නවත්තන්නේ මේ සුසාන භූමි එක්කෝ ඉවත් කරන්න ඕන නැත්තම් මේකට විධිමත් පියවරක් ගන්න ඕන එතකම් අපි මෙතනම ඉන්නවා’ යනුවෙනි.
– වන්නි රොමේෂ් මධුෂංඛ