මළ සිරුරක් වැවක පාවේ…

December 29, 2019 at 2:03 am | lanka C news
මළ සිරුරක් වැවක පාවේ…

කිලිනොච්චිය කණ්ඩාවලෙයි ප්‍රදේශයේ පිහිටි වැවක මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් තිබී සොයාගත් බවට කිලිනොච්චිය පොලීසිය පැවසීය.

කණ්ඩාවලෙයි ප්‍රදේශයේ පිහිටි ඌරියාන් කුලම් වැවට අදාල පුද්ගලයා මසුන් ඇල්ලීමට ගොස් ඇති අතර පසුව එම පුද්ගලයා ආපසු නොපමිණීමෙන් පවුලේ ඥාතීන් හා ප්‍රදේශවාසීන් විසින් වැවේ සොයාඇත්තේ අදාල වැවේ කිඹුලෙකුද සිටිනා බැවින් අදාල කිඹුලාගෙන් ප්‍රහාරයක් හෝ සිදුව ඇත්දැයි යන සැකය හේතුවෙනි.

නමුත් පැය 4 ක පමණ කාලයක් සොයා හමු නොවීමෙන් අසල පිහිටි කිලිනොච්චිය ආරක්ෂක සේනූ මූලස්ථානයට අයත් කඳවුරක සෙබලුන් පිරිසක් පැමිණ අතුරුදහන් වූ පුද්ගලයාගේ මළ සිරුර වතුරේ ගිලී තිබී සොයාගනු ලැබීය.

මේ අතර මළ සිරුර ගොඩට ගැනීමෙන් පසුව එහි සිටි තවත් පිරිසක් පවසා ඇත්තේ මසුන් ඇල්ලීමට ගිය එම පුද්ගලයාට කිඹුලා පහරදීමට පැමිණීමේදී කිඹුලාට බියෙන් පිහිනීමට ගත් උත්සහයකදී දියේ ගිලී මියි ගොස් ඇති බවටය.

මෙසේ මිය ගොස් ඇත්තේ කණ්ඩාවලෙයි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 41 ක් වයසැති සුබ්‍රමණියම් නවනීදන් නැමත්තෙකු වන අතර ඔහු දියේ ගිලීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර මළ සිරුර පශ්චාත මරණ පරික්ෂණය වෙනුවෙන් කිලිනොච්චිය රෝහලේ තැන්පත් කොට ඇති බවටද කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

45 views
Main News