මළ සිරුරු දෙකක් වෙරලට ගොඩගසයි..

November 28, 2021 at 5:30 pm | lanka C news
මළ සිරුරු දෙකක් වෙරලට ගොඩගසයි..

යාපනය වැල්වැටිතුරෙයි පොලිස් වසමේ මනල්කාඩු ප්‍රදේශයේ පිහිටි මුහුදු වෙරලට ඊයේ (27) මළසිරුරු දෙකක් ගොඩගසා තිබියදී සොයාගත් බවට පොලීසිය පවසයි.

වැල්වැටිතුරේ ප්‍රදේශ ධීවරයින් පිරිසක් විසින් වෙරලට ගොඩගසා තිබූ මළසිරුරක් හමුවී ඒ පිළිබඳව පොලීසියට දැනුම් දීමෙන් පසු පොලීසිය අදාල ප්‍රදේශයට ගොස් පරික්ෂා කර පැයකට පමණ පසුව තවත් මළ සිරුක් එම ප්‍රදේශයේම වෙනත් ස්ථානයකට ගොඩ ගසා තිබී පොලිසිය විසින් සොයාගනු ලැබීය.

කෙසේ වෙතත් සොයාගත් මළ සිරුරු දෙකම හඳුනාගැනීමට නොහැකි තත්වයක පවතින අතරම මියගොස් ඇත්තේ අවුරුදු 40 ත් 45 ත් අතර වයස්හි පසුවන අය බවටද හඳුනාගෙන ඇත.

එමෙන්ම උතුරු පලාතේ මෙතෙක් අතුරුදහන් වූ ධීවරයින් පිළිබඳව තොරතුරුක් නොමැති හෙයන් ඉන්දීය ධීවරයින්ගේ සිරුරුදැයි යන්න සෙවීම සඳහා නාවික හමුදාව හරහා ඉන්දීය වෙරලාරක්ෂක නිලධාරීන්ටද දැනුවත් කිරීමට පියවර ගන්නා බවටද වැල්වැටිතුරෙයි පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

23,215 views

One Comment to “මළ සිරුරු දෙකක් වෙරලට ගොඩගසයි..”

  1. Silva says:

    බෝට්ටුවේ තිබුනු ගෑස් සිලින්ඩර පුපුරලාලු.

Main News