මාංලිගට විනය පරික්ෂන..මාලිංග සිටින නිසා සිම්බාවේ සංචාරයට ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය තාම නෑ..
June 26, 2017 at 3:50 pm | lanka C news
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට එරෙහිව විනය පරික්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.
ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර විසින් ක්‍රීඩකයින්ගේ ශාරීරික යෝග්‍යතාවය ගැන කල ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් පල කිරීම ගැන මෙම විනය පරික්ෂණය පැවැත්වෙයි.
මේ අතර මේ මස 30 වැනිදායින් ආරම්භ වන සිම්බාබ්වේ සංචාරය සදහාද ලසිත් මාලිංගගේ නම ඇතුලත්ව ඇති අතර එනිසාම ක්‍රිඩා ඇමතිගේ අනුමැතිය ඊට මෙතෙක් ලැබී නැතැයිද වාර්තා වෙයි.