මාකදුරේ මධුෂ්ගෙන් ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයේ තොරතුරු එලියට..

May 7, 2019 at 3:00 pm | lanka C news
මාකදුරේ මධුෂ්ගෙන් ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයේ තොරතුරු එලියට..

රහස් පොලිසිය විසින් ප්‍රශ්න කරමින් සිටින පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ගේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ගැන ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇතැයි ආරංචි මාර්ග වාර්තා කරයි.

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයට අදාල මෙතෙක් හෙළි නොවූ තොරතුරු සම්බන්ධයෙන් මෙම ප්‍රශ්න කිරීම් දීර්ඝ ලෙස සිදුකරන බවද සදහන්ය.

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් දැනටමත් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

දුෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා විසින් හෙළි කරන ලද්දේ මාකඳුරේ මධූෂ් ඩුබායි සිට මෙම ඝාතන කුමන්ත්‍රණයට සහාය වූ බවයි.

88,060 Viewers

One Comment to “මාකදුරේ මධුෂ්ගෙන් ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයේ තොරතුරු එලියට..”

  1. රුවන් says:

    Monwada අනේ .මරනවා කිව්වට මරලා nehane.
    වරදක් කරලා නැතිනම් ,වරද karauwekda?

    Den මුස්ලිම් අන්තවාදී අල්ලලා පහුවදා නිදහස් කරන්නේ ..සිංහලයන් සිංහලයන් udadagena මරන්න දක්ෂයි

Main News