මාකදුරේ මධුෂ්ගේ අභියාචනය ඩුබායි අධිකරණය සලකා බලයි.. අද දුන් තීරණය මෙන්න..

April 18, 2019 at 4:40 pm | lanka C news
මාකදුරේ මධුෂ්ගේ අභියාචනය ඩුබායි අධිකරණය සලකා බලයි.. අද දුන් තීරණය මෙන්න..

ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින පාතාල නායක මාකඳුරේ මධූෂ් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් අවසාන තීරණය මැයි මස 02 දා ප්‍රකාශයට පත්කරන බව ඩුබායි අධිකරණය ප්‍රකාශ කර ඇත.

තමන් ශ‍්‍රී ලංකාවට පිටුවහල් නොකරන්නැයි මාකඳුරේ මධූෂ් එරට අධිකරණයට ඉදිරිපත් කර තිබූ අභියාචනය සලකා බලමින් ඩුබායි අධිකරණය විසින් අද මේ බව ප්‍රකාශ කර තිබේ.

ඩුබායි පොලිසිය විසින් පසුගිය පෙබරවාරි මස 05 වැනිදා ත්අඩංගුවට ගන්නා ලද 31 දෙනාගෙන් 23 දෙනෙකු මේ වන විටත් ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇත.

මාකඳුරේ මධූෂ් අපරාධ ක්‍රියා රැසක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට අත්‍යවශ්‍වය සිටින පුද්ගලයෙකි.

161 views

4 Comments to “මාකදුරේ මධුෂ්ගේ අභියාචනය ඩුබායි අධිකරණය සලකා බලයි.. අද දුන් තීරණය මෙන්න..”

  1. sathya says:

    Sri Lankan Police, please submit a file from CID with all cases of Madush

  2. dests says:

    dubai wala madush weradi karala neha madiush nidahas raniya lankawe weradi karala (bank robbery) raniyath nidahas lankawe moko wenne

  3. maha says:

    THOGE AMMaGE HUTTE THINDUVa MOKAKDA YAKOO……????????

  4. Ariyathilaka says:

    “ප්‍රචන්ඩත්වය වපුරන්නාට ස්වභාවික මරණයක් නැත” යනුවෙන් පැරණි චීන කියමකි. ලෝක ඉතිහාසය මේ බව මනාව ඔප්පු කර ඇත. ලෝකයේ බිහි වූ ප්‍රචන්ඩත්වය ගරු කළ සියලු රජවරු, රාජ්‍ය නායකයන්, කැරළි නායකයන්, ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදී නායකයන් සහ අනුගාමිකයන් , ප්‍රචන්ඩත්වය ගරු කළ අපරාධ කරුවන් සියලු දෙනා ම ස්වභාවික මරණයක් උරුම නොවූ බව ඉතිහාසය විසින් ඔප්පු කර ඇත; ධර්මාශෝක රජතුමා ප්‍රචන්ඩත්වය අතැහැර ධර්ම මාර්ගයට පැමිණි බැවින් ස්වාභාවික මරණයක් උරුම වූවා පමණක් නොව ලෝක ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම රාජ්‍ය පාලකයා වශයෙන් ඉතිහාසඥයන්ගේ ගෞරවාදරයට පාත්‍ර විය. ප්‍රචන්ඩ ක්‍රියා වල නියැලුණු රාජ්‍ය නායකයන්, කැරළි නායකයන්, සහ ත්‍රස්තවාදී නායකයන් යම් ජන කොටසකගේ, ජන කණ්ඩායමකගේ සුභ සිද්ධිය වෙනුවෙන් යැයි දේශපාලනික හෝ ආගමික වශයෙන් පෙනී සිට ඇත; ඒ හේතුවෙන් ඔවුන්ගේ ඇවෑමෙන් පසු ද ඔවුන්ට ගෞරව කරන, සිහිපත් කරන පිරිස් නැතිවා නොවේ. අප කියන්නේ ඔවුන් කළ කී දෑ හරි කියා නොවේ. මාකදුරේ මදූෂ් තුට්ටු දෙකේ අපරාධ කාරෙයකි. හෙරොයින් ජාවාරම් කරුවන්ට කිසිදු පොදු යහපත් අරමුණක් නැත; ඔවුන්ට ඇත්තේ තම කුමාර දිවිය ගත කිරීමට කුමන ආකාරයකින් හෝ මුදල් සරි කර ගැනීමය. රට ,ජාතිය, ආගම, සහ වැසියන්ගේ සුභ සිද්ධිය ඔවුන්ට වැඩක් නැත. රටවැසියා අදුරු අගාධයට ඇද දමා තම කාරිය කර ගන්නා කෲර මනසක් ඇති පිරිසකි. පුහු ගාම්භීර කම හිතට ගත් හිස් මිනිසුන්ගේ අසාර්ථක අවසන් ජවනිකාව නිමා වීමට කාලය එළඹ ඇති සේයැ. රට, රජය, ජනතාව හමුවෙහි මදූෂ්ගේ දඩබ්බර කම නිමා විය යුතුය.
    ගෝල බාලයන් බල රහිතව ම විසිර යා යුතුය.

Main News