මාකදුරේ මධුෂ්ගේ සහායත් ගෝටාභයට.. ?

October 14, 2019 at 10:17 pm | lanka C news
මාකදුරේ මධුෂ්ගේ සහායත් ගෝටාභයට.. ?

එක්සත් ජාතික පෙරමුණේ මඩ කප්පිත්තන් විසින් ඉදිරි දිනකදී මාකදුරේ මධූෂ් ඇප මත නිදහස් කරවාගෙන ඔහුගේ ද සහය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන බවද ප්‍රකාශයක් කරවාගනු ඇති බව ජාතික නිදහස් මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති නිකවැටියේදී පැවති රැලියේ දී ඔහු තවදුරටත් කියා සිටියේ අබ්දුර් රාසික් නමැත්තා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දෙන බව සඳහන් කළ ද ඔහුගේ සහාය කිසිවකු ඉල්ලා සිටීමක් හෝ ඒ සඳහා සාකච්ඡාවක් හෝ සිදු කර නැති බවයි.

70% විජයග‍්‍රහාහී ඡුන්ද ප්‍රතිශතයක් ආසන්නයේ සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙරට ඕනෑම පුරවැසියකු ජන්දය දිය හැකි බවත් එසේ නොමැතිව අන්තවාදීන් සමග සාකච්ඡා කර ඔවුන් තම කඳවුරට එක්කර ගැනීමේ ක්‍රියාවලියක් සිදු නොවන බවද ඔහු කියා සිටියේය.

පරාජයෙන් වියරු වැටී සිටින 24% අපේක්ෂකයාගේ කණ්ඩායම විවිධ ආකාරයේ මඩ යාන්ත්‍රණය ඉදිරි දින කිහිපයේදී තවත් උත්සන්න කරනු ඇති බවත් එවන් තත්ත්වයකදී මාකඳුරේ මධුෂ් පවා රක්ෂිත බන්ධනාගාරයෙන් ඇපමත නිදහස් කරවා ගෙන ඔහු ද යොදාගෙන වීඩියෝවක් මගින් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දෙන බව ප්‍රකාශ කිරීමේ ඉඩක් ඇතැයි ද පැවසුවේය.

52,615 Viewers

10 Comments to “මාකදුරේ මධුෂ්ගේ සහායත් ගෝටාභයට.. ?”

  1. වීරයා says:

    නයි කයි ද රෝස් පාං කිව්වලු.

  2. Buddhist says:

    \Meka aluth deyakda Gota ne Kudu mudalaliwa rakke – Duminda Silva rakke kawda – Baya-Gota neda.

  3. ranjan says:

    Unp මිතුරන් දෙදෙනෙක් –20
    1 )මචං මේ දවස්වල මං දානව රාජපක්ෂලාට කුණුහරුපෙනුත් බැනල අපහාස කරල පෝස්ට් හිටු කියල .
    2 )ඒ මොකටද බං
    1 )එහෙම කරාම මට හරි ජොලියක් දැනෙනව .මට හිතෙන්නෙ මම මහ වීර වැඩක් කරාය කියල .
    2 )ඉතිං උබට ඇති වැඩක් නැහැ නේ .
    1 )මොකද ,නැත්තෙ මට සල්ලි හම්බ වෙනවා
    2 )එහෙනං කමක් නෑ ,මිනිස්සුන්ටනම් ඕවයින් වැඩක් නෑ ,බඩට වැදිල නේ තියෙන්නෙ .

  4. simion says:

    ඉදිරි දිනවලදී බලාපොරොත්තුවන්න…ගෝටාට සහාය දක්වන්න එන මේ කෂ්ඨියගේ නම් ටිකත්….අශේන්ගේ අනුග්‍රහයෙන්, සිරිකොත මුද්‍රණාලයේදී පෝස්ටර් ටික මුද්‍රණය වෙමින් පවතින බව ඉතා සතුටින් දන්වමු….අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන ඇලෝසියස්, පාස්කරලිංගම්, වෙලේ සුදා, කරුණා අම්මාන්ගේ ගෑණී, සොත්ති උපාලිගේ පව්ලේ අය, සහ පාතාලකාරයෝ ඔක්කෝම එවුන් ….

  5. sirimal says:

    ප්‍රේමදාස මහතා චන්දෙ ඉල්ලුවේ දුප්පතාගේ හිතවතා සහ මහජන සේවක ලෙස . හැබැයි ජනධිපති වුනගමන් තමන් ශ්‍රීමත් වුනා විතරක් නොවෙයි තම පියා වත් ශ්‍රීමත් රිචඩ් රණසිංහ කලා.

  6. amaris aiya says:

    මටත් මතකයි ඒ දවස්වල, ශ්‍රීමත් ප්‍රේමදාස උතුමාණන්ගේ සමයේදී, ඒ තුමාගේ වන්දණීය, පූජණීය, සදාදරණීය පියාණන් වන ශ්‍රීමත් රිචඩ් රණසිංහ උතුමාගේ පොටෝ එකක් පත්තරේක දාලා තිබුනා, මුදලි ඇඳුමක් අන්දවලා, නැමි පනාවක් හිස් මුදුනේ ගහලා, හිටං…ඒ තුමා මම හිතන්නේ දකුණු පලාතේ කොස්ගොඩ වලව්වේ හිටපු මුදලි තුමෙක්…

  7. කොණ්ඩ කැවුමා says:

    දැනට වටේ ඉන්න එවුන් දිහා බැලුවම මදුෂ් සහය දෙනව කිව්වත් අවුලක් නෑ

  8. aniwa says:

    Jaya wewa Gota sir and Madush sir. Madush sir can do the ministry of foreign affairs really well.

  9. sathya says:

    No doubt, Madush is one of Gota’s disciples.

Main News