මාකදුරේ මධුෂ්ට අතිජාත මැති-ඇමැති 04ක් හෙලිවේ..

February 9, 2019 at 10:18 pm | lanka C news
මාකදුරේ මධුෂ්ට අතිජාත මැති-ඇමැති 04ක් හෙලිවේ..

කුප්‍රකට පාතාල නායකයකු වන සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්‍ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් සමඟ අමාත්‍යවරුන් තිදෙනකු, හිටපු ඇමැතිවරයකු සහ ඔහුගේ පුත්‍රයකු සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු පාතාල මර්දන ඒකකයන් වෙත ලැබී තිබේ.

මීට වසර කිහිපයකට ඉහතදී මාකඳුරේ මධුෂ්, හිටපු ඇමැතිවරයාගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යයට පවා ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණ තිබූ බවද පාතාල මර්දන ඒකකයන් වෙත තොරතුරු ලැබී ඇත.

එසේම ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී වැලිගම ප්‍රාදේශීය සභාව සඳහා මිදිගම බටහිර කොට්ඨාසයෙන් තරග වැදුණු මාකඳුරේ මධුෂ්ගේ ගෝලයකුගේ ආධාරකරුවන් දෙදෙනකු වැලිගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනුණු අතර එම ආධාරකරුවන් දෙදෙනා නිදහස් කරන ලෙසට ඉල්ලමින් ප්‍රබල ඇමැතිවරයකු වැලිගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දී තිබුණේ මධූෂ්ගේ මැදිහත් වීම අනුව බව ද වාර්තා විය.

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින රාජ්‍ය තාන්ත්‍රික ගුවන් බලපත්‍රය හිමි තැනැත්තා කඹුරුපිටිය ප්‍රදේශයේ හිටපු ප්‍රාදේශිය සභා නියෝජිතවරයෙකු බවද මේ වනවිට හෙළි වි තිබේ. එසේම මාකඳුරේ මධුෂ්ගේ දරුවාගේ උපන් දින සාදයට පැමිණ අත්අඩංගුවට ගත් 25 දෙනා අතර කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි මාළු ව්‍යාපාරිකයකු, මෝටර් රථ අලෙවි කිරීමේ නිරත ව්‍යාපාරිකයකු සහ කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ කම්කරුවකු සිටින බවද ආරක්‍ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

තවද මෙම සාදයට මධුෂ්ගේ ආරාධනා ලැබ සහභාගි වූ බන්ධනාගාර නිලධාරීන්ගෙන් එක් අයකු බන්ධනාගාර බුද්ධි අංශයට අනුයුක්තව සේවය කර ඇති බවද වාර්තා වේ.

කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි ඔහුද රිය අනතුරකින් පසු ආබාධිත තත්ත්වය මත සේවයෙන් ඉවත්ව යාමට වෛද්‍ය මණ්ඩල අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින අයෙකු බවද අනාවරණය වී තිබේ.

තවත් නිලධාරියකු 2017 වසරේ නොදන්වා සේවයට වාර්තා කර නැති නිසා හා ඔහුව ද බන්ධනාගාර සේවයෙන් නෙරපා ඇති බව දැනගන්නට තිබේ.

බන්ධනාගාර නිලධාරීන් තිදෙනා අතර සිටින ඉහළම නිලධාරියාද මේ වන විට නොදන්වා සේවයට වාර්තා නොකළ අයකු බවත් ඔහු 2012 ඇති වූ බන්ධනාගාර ගැටුමේ ප්‍රධාන සාක්‍ෂිකරුවකු වීම නිසා සාක්ෂි නොදි මෙරටින් පැන ගිය අයෙකු බවත් වාර්තා වේ. සාදයට පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයකු එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ රාජකාරි සඳහා ගොස් නිවාඩු ගෙන මෙම සාදයට පැමිණ ඇති බව ද සඳහන් වේ.

එසේම මෙම සාදයේදී හෙරොයින්, කොකේන් වැනි විස මත්ද්‍රව්‍ය භාවිත කර ඇද්ද යන්න පරීක්‍ෂා කිරීම සඳහා සිදු කළ රුධිර සාම්පල් පරීක්‍ෂාවේ වාර්තාව ලැබීමට නියමිතව ඇත.

එම වාර්තාවෙන් විස මත්ද්‍රව්‍යයක් ලබා ගෙන ඇති බව සනාථ වුවහොත් ඔවුනට අනිවාර්ය වසර තුනක සිර දඬුවම් ලබාදී ඒ අතර වාරයේ නඩු කටයුත්ත ඉදිරියට පවත්වාගෙන යන බව ද සඳහන් වේ.

නඩු විභාගය අවසානයේදී වැරදිකරුවන් බවට තීන්දු වූවහොත් වඩාත් බරපතල දඬුවම් නියම වන බවද පැවසේ.

– mawbima

51,704 Viewers

Leave a Comment

Main News