මාකදුරේ මධුෂ් එන සතියේ කටුනායකින් බහී..

March 30, 2019 at 2:10 pm | lanka C news
මාකදුරේ මධුෂ් එන සතියේ කටුනායකින් බහී..

ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස ලබන සතියේ ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිතව ඇති බව අද ලංකාදීප පුවත්පත පොලීසියේ ආරංචි මාර්ග උපුටා දක්වමින් සදහන් කර තිබේ.

මෙම පිරිස සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ අවසන් වීමෙන් පසු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට අධිකරණය නියෝග කර ඇතැයි එම පොලිස් නිලධාරියා සඳහන් කර ඇත.

පසුගිය පෙබරවාරි 05දා අත්අඩංගුවට ගත් මෙම පිරිස දින 50 ක පමණ කාලයක් පොලිසිය විසින් රඳවා ප්‍රශ්න කිරීම් සිදු කරනු ලැබීය.

ඩුබායි තරු පන්තියේ හෝටලයක දී සංවිධානය කර තිබූ උපන්දින සාදයක දී මාකඳුරේ මධූෂ් ඇතුලූ 31 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

43 views

One Comment to “මාකදුරේ මධුෂ් එන සතියේ කටුනායකින් බහී..”

  1. Raj says:

    මත්කුඩුජාවාරම තුලින් ශ්‍රීලංකාව ජත්‍යන්තරයටතේ ගෙන ගිය මත්ද්‍රව්‍ය විරුවන්

Main News