මාකදුරේ මධුෂ් පසුපස ලක්‍ෂමන් යාපාලු.. රටින් පන්නා තිබෙන්නේත් ඔහුලු..

February 8, 2019 at 11:07 pm | lanka C news
මාකදුරේ මධුෂ් පසුපස ලක්‍ෂමන් යාපාලු.. රටින් පන්නා තිබෙන්නේත් ඔහුලු..

මාකදුරේ මධුෂ් නිර්මාණය කරන ලද්දේ වත්මන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමණ් යාපා අබේවර්ධන මහතා සහ ඔහුගේ පුත් පසද යාපා අබේවර්ධන විසින් යයි එල්ල වන චෝදනා ප‍්‍රතික්‍ෂෙප කරන බව දකුණු පළාත් සභා මන්ත‍්‍රී පසද යාපා අබේවර්ධන මහතා සදහන් කරයි.

මධුෂ්ට විදෙස්ගත වීම සදහා විදේශ ගමන් බලපත‍්‍ර සකස් කර දී ඇත්තේ තම පියා විසින් යයි එල්ල වන චෝදනාද බැහැර කරන බව ඔහු සදහන් කලේය.

තමනට සහ පියාට එල්ල කරන චෝදනා ඔප්පු කලහොත් එල්ලා මරන දඬුවම ස්ව කැමැත්තෙන් බාර ගැනීමට සූදානම් බවත් ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

182 views
Main News