මාකදුරේ මධුෂ් වෙඩි පහරින් මරුට… ආයුද පෙන්වන්න ගිහින් පොලිසියට වෙඩි තබලා..

October 20, 2020 at 7:11 am | lanka C news
මාකදුරේ මධුෂ් වෙඩි පහරින් මරුට… ආයුද පෙන්වන්න ගිහින් පොලිසියට වෙඩි තබලා..

මෙරට මෙරට ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධූෂ් වෙඩි හුවමාරුවකදී මරණයට පත් ව තිබේ.

සගවා තිබූ මත්ද‍්‍රව්‍ය පෙන්වීමට ගිය අවස්ථාවේ එහි සිටි මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් විසින් වෙඩි තබා ඇති අතර එම වෙඩි හුවමාරුවේදී ඔහු මියගිය බවත් පොලිසිය සඳහන් කරයි.

වෙඩි හුවමාරුව නිසා පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලබා රෝහල් රෝහල් ගත කර ඇත.

වෙඩි වැදුනු මාකඳුරේ මධූෂ් තුවාල ලැබීමෙන් පසු මරණයට පත්වූ බව පොලීසිය සඳහන් කරයි.

එම ස්ථානයේ තිබී රුපියල් කෝටි 22ක් පමණ වටිනා මත් ද්‍රව්‍ය කිලෝ 22ක් සොයාගෙන තිබේ. ගිනි අවි දෙකක් හා යතුරු පැදියක්ද එහි තිබී සොයාගෙන ඇත.

147,679 views

70 Comments to “මාකදුරේ මධුෂ් වෙඩි පහරින් මරුට… ආයුද පෙන්වන්න ගිහින් පොලිසියට වෙඩි තබලා..”

  1. HG n.r dinethra says:

    පවතින සමාජ ක්‍රමය අනුව මෙවෙනි අපරාධකරුවන් බිහි වෙනු ඇත. මදුශ් එවැනි පුද්ගලයෙකි. ඔහු මෙවැනි අපරාධ කරුවෙකු වීමට ලංකවේ ප්වතින සමජ ක්‍රමය හේතු වී ඇත. මේ අකාරයට සිරකරුවකු මරා දැමීම දඩුවම් ලැබිය හැකි වරදකි. මේ සම්බන්ධයෙන් කතා කිරීමට කොතනක හෝ යම් අයෙක් සිටිනු ඇතැයි මම සිතමි.

  2. Alapaluwa says:

    දුමින්ද සිල්වාටත් කුඩු ලාන්සටත් ඔය වැඩේම කරන්න බැරිද ස?

  3. උක්කුං මල්ලී says:

    Visaranai කියන දෙමළ film එක බලන්න. පොලිසිය කොච්චර දූෂිත ද කියලා තේරුම් ගන්න පුළුවන්.

Main News