මාගේ මේ වෑයම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකාධිපතිබව අහෝසි කිරීමටයි- අගමැති රනිල්

September 21, 2016 at 10:40 am | lanka C news
මාගේ මේ වෑයම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකාධිපතිබව අහෝසි කිරීමටයි- අගමැති රනිල්

2016 ජුලි 07 වැනි දින අගමැති රනිල් වික්‍ර‍මසිංහ මහතා මෙසේ ප්‍ර‍කාශ කලේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එච්. එම්. සල්මාන් මහතා නැගූ ප්‍ර‍ශ්නයකට පිලිතුරු දෙමිනි. සල්මාන් මන්ත්‍රීවරයාගේ ප්‍ර‍ශ්නයවූයේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිලිබද අන්තර්ජාතික සම්මුතියට අප අත්සන තබා තිබියදී එය ක්‍රියාත්මක නොවන්නේ මන්ද යන්නයි. එහිදී අගමැතිවරයා ප්‍ර‍කාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති සිංහරාසා නඩු තීන්දුව හේතුවෙන් එය ක්‍රියාත්මක කළ නොහැකිව ඇති බවත් පසුගිය අවාසානවන්ත දේශපාලන කාලපරිච්ඡේදයේදී ‍ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුවේ බලය අභබවමින් ක්‍රියාකර ඇති බවත් ය.

ඒ අනුව So, I am trying to do is to make away the Supreme Court acting as a dictator and bring it into Parliament. යනුවෙන් පැවසූ අගමැතිවරයා ජනාධිපතිවරයා ඇතුළු විධායකය ද පාර්ලිමේන්තුවේ බලයට යටත් බවද ප්‍ර‍කාශ කලේය.

ත්‍ර‍ස්තවාදය වැළැක්වීමේ පණත යටතේ වැරදිකරුවෙකු වූ සිංහරාසා මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තමාට එරෙහිව ලබාදුන් තීන්දුවට එරෙහිව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිලිබද අන්තර්ජාතික සම්මුතිය යටතේ අන්තර්ජාතික මානව හිමිකම් කවුන්සිලට වෙත අභියාචනා කරන  ලදුව එම කවුන්සිලය විසින් ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන තීන්දුව බලරහිත කරන ලෙසට නියෝග කලේය. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කලේ කිසිදු විදේශ අධිකරණයකට මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය අභිබවා තීන්දු ලබාදිය නොහැකි බැවින් එම නියෝගය නොසලකා හරින බවයි. අගමැති වික්‍ර‍මසිංහ මහතා උත්සාහ කරනුයේ ශ්‍රේෂ්ඨාධිකරණය සතු එම බලය අහෝසිකිරීමට වන අතර ශ්‍රී ලංකා නීතීඥ සංගමය ද මේ වෙනුවෙන් සහය දක්වන බව පසුගියදා සන්ඩේ ටයිම්ස් පුවත්පත අනාවරණය කළේය.

– එස්. රිවාරේස්

001 002 003

20 views

12 Comments to “මාගේ මේ වෑයම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකාධිපතිබව අහෝසි කිරීමටයි- අගමැති රනිල්”

  1. SJS says:

    තමුන්ගේම ජාතියට විරුද්ධව වැඩකරන පිරිස් ඕනෑම රටක සිටී. උදාහරණවශයෙන්, පලස්තීනුවන් පෙනී සිටින යුදෙව්වන්ද, ලිබියාව, ඉරාකය සහ සිරියාව වෙනුවෙන් පෙනී සීටින ඇමරිකානුවන්ද සිටිති. මෙම පිරිස් ප්‍රමාණාත්මකව ඉතා කුඩා වන අතර, කිසිසේත්ම එම රටවල ඉහල දේශපාලන තනතුරු හෝ වෙනත් වැදගත් සමිති සමාගම්වල ප්‍රමුඛතා ලබා නොදේ. එම රටවල ජනතාව මෙම පුද්ගලයින්ට එම අදහස් දැරීමේ අයිති පිළිගන්නා අතර, බොහෝ විට මෙම පිරිස් රටේ ප්‍රධාන තීරනාත්මක තනතුරුවලට පත්වීමට ඉඩනොදේ.

    නමුත් මෝඩයින් බහුල වශයෙන් සිටින සිරි ලංකාවේ, කැබිනට් මණ්ඩලයටත් වඩා ඉහලින් ඇති ව්‍යවස්ථාදායක සභාවට වික්‍රමභාහු, සම්බන්ධන් සහ හකීම් වැනි පුද්ගලයින් පත්වෙති. දෙමල බෙදුම්වාදයට සහයෝගය පලකරන කුමාර් ගුනරත්නම් විශ්ව විද්‍යල සිසුන්ගේ ප්‍රධානම සංගමය වන “අන්තරය” මෙහෙයවයි. විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ නායකත්වය, දෙමල ඊලම වෙනුවෙන් පෙනීසිටින නිර්මාල්ලා හසුරුවයි.

    මේවා ගැන කල්පනාකරන විට, “මෝඩ පරපුරේ” නළුවා, තම මවගෙන් අසන ප්‍රශ්නය අපටත් අපේ දෙමව්පියන්ගෙන් ඇසීමට සිතේ…….

    • Tom says:

      sampoorna eththa

      • හෙළරුවන් says:

        ශ්‍රී ලංකාව තුළ
        රට රැකගත් සිංහල අභිමානය ඡන්දයෙන් යටපත් කරන්න දෙන්න බෑ…
        රටේ ව්‍යවස්ථාවෙන් සිංහල ජාතිය සහ බෞද්ධ ආගම රැකීම අත්‍යාවශ්‍යයි,
        අදට වසර හැට හැත්තෑවක අතීතයකට හිමිකම් කියන
        දේශපාලන පක්ෂ සහ ආගමික අන්තවාදීන්ට
        අභීත සිංහල දේශය විනාශකරන්නට ඉඩ දෙන්න බෑ
        එම නිසා දෙමළ, මුස්ලිම් ජාතීන් සඳහා දරුවන් බිහිකිරීමේ සීමාවක් පැණවිය යුතුයි.
        සිංහලයින්ගේ රටට පැමිණ පදිංචි වූවන්ට
        මේ රටේ මැරෙනතුරා ජීවත් විය හැකි නමුත්
        දරුවන් බිහිකිරීම, දරු උපත් දෙකකට සීමා කළ යුතුමයි
        සිංහල දේශය සිංහලයාගේ උරුමයක් කොට සැළකීමට
        අනෙක් සියළුදෙනාටම ඉගැන්විය යුතුයි.
        ______________________________හෙළරුවන්

  2. gayan says:

    RANIL IS GORBACHEV IN SRI LANKA

    • NAK says:

      Hey mister don’t insult people. Ranil is no Gorbechov,in fact there hasn’t been many idiots like Ranil in the world politics.

  3. SARADIEL says:

    බටලන්දේ කවදාද අපේ රටේ සිංහල ජනතාවට සේවයක් කලේ ..ද්‍රෝහිකමක් මිස .ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකාධිපතිබව අහෝසි කිරීමට අවශ්‍ය නැහැ .. ඔබේ අදහස් වලට මේ රටේ ජනතාවගේ කිසිම සහයෝගයක් නැත ඔබ සිංහල බෞද්ධ විරෝධී දේශද්‍රෝහියක් …කරුණාකර අගමැති කමින් ඉල්ලා අස්වෙන්න
    එය ජනතාවට රටට කරන සේවයක්

  4. උකුස්සා says:

    යමපාලනේ සිටින…. වදුරන්ට දැලි පිහිය දුන්නා වගේ තියෙයි

  5. Kapila gamage says:

    සිංහරාසා නඩු තීන්දුව ආ‌පසු හැරවුවෙහාත් අප යලිත් 72ට කලින් තිබු තත්වයට පත් ෙවනවා ෙන්ද? තකහනියක් මේ කරන්නට යන්නේ විදේශ අධිකරණ හරහා අපේ රනවිරුවන් ටක්කෙටම යුද අපරාධකරුවන් කරන්න නේද? රටේ ස්වාධිපත්‍යයට මො‌කද වෙන්නේ?

    • CAT says:

      ක්‍රෝධයෙන් වියරු වැටුණු, නහර දිගේ ලේ වෙනුවට වෛරය ගලා යන,යහපාලනයේ නරුම පාලකයෙක් වන මොහු තවත් උගුලක් තමයි මේ ගේන්නේ ……..දෙමල ඩයස් පෝරාවේ යෝජනාවක් වගෙයි
      අපේ රණවිරුවන් , සිංහල බෞද්ධයින් සමග පුදුම වෛරයක් රනිල්ට තියෙන්නේ ….සිරිසේන… රනිල්ව අගමැති කර අපේ රටට ම කලේ ලොකු ද්‍රෝහිකමක් විනාශයක් ..බටලන්දේ වාදකයා ගැන ඔහු හොදටම දන්නවා පුදුමය රටේ ජනතාව යහපාලය කරන දේශද්‍රෝහී ක්‍රියා කරන මොවුන්ට එරෙහිව කටයුතු නොකිරීමයි වෙන රටවල මෙවැන්නක් සිදු වූවා නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බල කරමින් මුළු රටවැසියන්ම පාරේ උද්ගෝෂණ කරනවා
      අපේ රටේ ජනතාව තාමත් ඇහැරුණු බවක් නොපෙනේ ……අපේ රටට අබ සරණයි

  6. Dhathusena says:

    අනේ බත් කන හරකුනේ දැන්වත් තේරුම් ගනිල්ලා අපේ රටට මොකක්ද මේ වෙන්න යන්නෙ කියල….කාටද මේව කියන්නෙ…..මහ නායක දෙනම වලඳනව බුදියනව…….රටේ උගත්තු වැඩි කොටසක් දැන් පඩි ගන්නෙ ඩොලර් වලින්. රුපියල් වලින් නෙමෙයි…….රුපියල් වලින් ජීවත්වෙන උගතුන් කීප දෙනෙක් විතරක් රට වෙනුවෙන් කෑගහනව……………සිංහලයගෙ සිංහල කම ජාතික සංහිඳියාව කියන කඩතුරාවෙන් වසා දාල…කාටද මේව කියන්නෙ………

  7. Rupe says:

    මිනුසුනේ නැගිටියව්. හිරැ සම්මාන රාතිුය නොවෙයි, රටට වෙන්න යන සන්තෑසිය ගැන දැනුවත් වෙයව්.

  8. Boo says:

    අපේ මේ වෑයම අපේ රට තොගේ නීච ග්‍රහණයෙන් මුදා ගැනීමට යි.

Main News