‘මාගේ සහල් මාෆියාව’ ගැන ඩඞ්ලි සිරිසේන කියයි..

February 11, 2019 at 3:00 pm | lanka C news
‘මාගේ සහල් මාෆියාව’ ගැන ඩඞ්ලි සිරිසේන කියයි..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ සහෝදර ප‍්‍රකට ව්‍යාපාරික ඩඞ්ලි සිරිසේන මහතා සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනක් පහත දැක්වෙයි.

ගොඩක් අය මුහුණුපොත ඇතුලෙ මගේ හාල් මාෆියාවක් ගැන කතා කරනවා. එක්කො මගේ හාල් ඒකාධිකාරයක් ගැන කතා කරනවා. ඒ අය මට අපහස කරන්නෙ, ගරහන්නෙ කවුරිහරි කියන දෙයක් අල්ලගෙන මිසක් මේකෙ ඇතුලෙ තියන කඳුලු කතාව සහ කැපකිරීම් ගැන නොදැනයි.. අනික් කාරණය තමයි, මගෙ සහෝදරයා මේ රටේ ජනාධිපති වීම හරි නිසා ගොඩක් අය මගේ ව්‍යාපාරත් දේශපාලනීකරණය කරන්න හදනවා.

ඒක හුදෙක්ම පුද්ගලික කෝන්තරයක්, දේශපාලනමය වශයෙන් පිරිමසා ගැනීමක්.. මගේ අරලිය සහල්, ලංකාවෙ සමස්ථ වෙළඳපොලෙන් නියෝජනය කරන්නෙ 15% ක කොටසක් පමණයි. එහෙව් මටද මේ ඒකාධිකාරයක් තියනව කියන්නෙ ?

අඩුම ගණනෙ මට බණින මිනිස්සු දන්නවද වී කිලෝ 60ක් මම ගත්තොත්, ඒකෙ බොල්, රොඩු, ගල් , වැලි ඉවත් කළාම මට හාල් වශයෙන් අරගන්න පුලුවන් 40KG ක ප්‍රමාණයක් පමණයි කියලා ? ඒ අය දන්නවද දකුණු ආසියාවෙ තියන ඉහළම වගේම මිළ අධිකම තාක්ෂණය යොදා ගෙන වැඩි පිරිවැයකින් සහ උපරිම ප්‍රමිතියෙන් තියෙන්නෙ මගේ සහල් පමණයි කියලවත් ?

මම කාටවත් බලෙන් හාල් කවන්නෙ නෑ.. මිනිස්සු බැණ බැණ මගේ ඒව ගන්නෙ, දැනට වෙළඳපොළේ පවතින හොඳම හාල් “අරලිය” නිසා. ඒ නිසා මම යටතේ ඉන්න සේවකයො දසදහසට සමච්චල් කරන්න එපා. ඒ මිනිස්සු තමයි මාත් එක්ක මේ ගමන එදා ඉඳන් ආවෙ. අද මම යම් තැනක ඉන්නවද, ඒ ඔක්කොම ඒ පොඩි මිනිහ නිසා. ඒකයි මම ඒ අයගෙ ශ්‍රමය සූරගෙන නොකා, එයාලගෙ සුභසාධනය වෙනුවෙනුත් ලොකු මුදලක් මගේ ආයතන වලින් වෙන් කරල තියෙන්නෙ. අනික මම වෙන ව්‍යාපාරිකයො වගේ දේශීය ශ්‍රමයෙන් හම්බ කරන මුදල් පිටරටවල ආයෝජනය කරල නෑ. මගේ සල්ලි මම ව්‍යාපාර වශයෙන් ආයෝජන කරන්නෙ ලංකාවෙ විතරයි. මොකද මම දේශියත්වයට ගරු කරන මිනිහෙක් නිසා.

ඒ නිසා මම ගැන නොදන්න අය මට චරිත සහතික ලියන්න එපා. මම හොඳට ගමේ පාසලට, ගමේ පන්සලට , ගමේ මිනිහට උදව් කළ කෙනෙක්. එයින් නොනැවතී මේ ගමන මම මුලු රට පුරාම ගෙනියන්නයි ඉන්නෙ. ඒ මගේ සල්ලි වලින් මිසක, කවුරුත් පස්සෙන් ගිහින් හොයාගත්ත මුදලින් නෙමෙයි. ඒ නිසා නැවතත් මම කරුණාවෙන් කියන්නම්.., මේ ඩඩ්ලි සිරිසේනගෙ ව්‍යාපාරයි, සහෝදරයගෙ දේශපාලනයයි පටලව ගන්න එපා.

හැමෝටම, තෙරුවන් සරණයි.

– ඩඩ්ලි සිරිසේන FB

23,112 Viewers

10 Comments to “‘මාගේ සහල් මාෆියාව’ ගැන ඩඞ්ලි සිරිසේන කියයි..”

  1. ""දෙවියන් රකි බඩගිනි නිවනා ඔබ"" says:

    පසෙකින් තබා ඔබ ජනපති සහෝදර කම
    බඩ පුරවන්නෙකි රටම බතෙන්ම සරු කම
    රජකමට සුදුසු ගොවි උතුමෙකිය ගරු කම
    දෙවියන් රකි බඩගිනි නිවනා ඔබ ගුණ කම

    • දේවක ඔස්ට්‍රෙලියා. says:

      අනේ තෝ වගේ ගොන් හරකෙක්. ගොවියගෙන් අඩු මිලට වී අරන් පාරිභෝගිකයට වැඩි මිලට හාල් විකුණලා දෙන්නම හූරගෙන කන එකා තොට දෙවියෙක්ද?

      • Nagasinha says:

        හා උබ කියන්නේ ගොවියාගෙන් වැඩි මිලට අරන් ඊටත් වඩා අඩුවෙන් හාල් කරලා විකුණන්න කියලද?
        එතකොට මුගේ කර්මාන්තශාලාවල වැඩ කරන උන්ට පඩි ගෙවන්නේ, ලොරි වලට තෙල් ගහන්නේ, ෆිනෑන්ස් ගෙවන්නේ උබේ සල්ලි වලින්ද?

      • ලංකා- "මුතු සම්බා" says:

        කාටත් හොරෙන් ඔස්ට්‍රේලියාවට පැනලා
        හෝදයි කකුස්සි සුද්දා රීපු නහය වහලා
        ‘දේවක’ කම්කරු අඩුපඩියකට වැඩ කරලා
        පුප්පයි නාඩු හාලේ ඉන්දියන් බත ගිලලා

  2. Dharmapala says:

    ඩඩ්ලි සිරිසේන මහතාණෙනි, මම කලක් පොළොන්නරුවේ එක්තරා මුල්‍ය ආයතනයක වැඩ කළා. ඒ මීට අවුරුදු 23 කට පමණ පෙර.
    මට මතකයි ඔබ මොනතරම් අපහසුතා මැදද ඔබේ ව්‍යාපාරය දියුණු කරගෙන ඉදිරියට ආවේ කියල. ඔබගේ ව්‍යාපාරය නිසා අද කීදෙනෙකුට රෑකියා ලැබිලා තියෙනවාද ඔබ අන් අයටත් ඉතා හොඳ ආදර්ශයක් ඔබේ ව්‍යාපාරය දිනෙන් දිනම දියුණු වේවා !!!!!!!!

  3. desabimanaya says:

    එමෙ නෑ කිනන් බෑ ——- ජඩ මධ්‍ය පිස්සු ගෑනුත් එක්ක මධ්‍ය සාකඡාවලට ගිහල්ල කියපු කරපු දේවල් වලින් දේශපාලනය සහෝදරකම හා සහල්මා පියාව පෙනුනා. මෙි ඔබ මෙි කියන දේ ඇත්ත ටිකයි . තමාගැන පුරසාරමි දොඩවන්නේ නැතිව ක්‍රියාවෙන්ම ඔප්පු කරන්න

    • Nagasinha says:

      මොහු ක්‍රියාවෙන් රටට සේවයක් කර පෙන්නලා තියෙන්නේ.
      දේශීය වියාපාරයක් කරණවා කියන්නේ රටට සේවයක්.
      දේශීය කිරිපිටි නිෂ්පාදන කරුවන් ශක්තිමත් නැති නිසා මොකද වුනේ?
      බහුජාතික බුවල්ලෝ පිටරටින් ගෙනෙන පිටිකළ ඌරු තෙල් බොන්න වෙලා තියනවා.
      දේශීය සහල් නිෂ්පාදකයින් දුර්වල වුනොත් සහල් වලට වෙන්නෙත් ඒ ටිකම තමා.

      • බත් කන විට-ගරු කිරීම says:

        වී ඇටයක් රස බතක් කරන්නට
        විඳින දුක දනී ගොවිය කරන විට
        බඩපුරා රසට අපේ බත් කන විට
        පලමු කට වෙන්කලා ගරු කිරීමට

      • දේවක ඔස්ට්‍රෙලියා. says:

        අනේ ගොන් හරකෝ. ලංකාවෙ වී නිෂ්පාදනය වෙනවනම් ඩඩ්ලියගෙ මෝල නැතුවට ඕන තරම් සුළු පරිමාණ හාල් මෝල් තියෙනවා ඒවා හාල් බවට පත් කරන්න. නැත්නම් ඉල්ලුම අනුව අලුත් ඒවා පටන් ගනී. තෝ ඩඩ්ලි සිරිසේනගෙ අවජාතක දරුවෙක් නේද?

  4. ක්‍රිමිනල් says:

    කොහොමද ඒක ! බයියො රෙදි නැතුව ඩඩ්ලිට කඩේ යනවා , ෆුල් මාවල’ස් !🤣🤣🤣

Leave a Comment

Main News