මාතර ජල පොම්පාගාරයේ වැලි කොට්ට බාධාකය නිසා මොරවක දෙනීයාය අකුරැස්ස ඇතුළු ප්‍රදේශ කිහිපයකම ගංවතුර…
May 26, 2017 at 5:25 pm | lanka C news
ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය විසින් වැලි කොට්ට ගසා මාතර ගග හරස් කිරීම නිසා මාතර දිස්ත්‍රික්යේ විශාල ප්‍රදේශ ගනනාවක්ම ගංවතුරට යට වී ඇත.
පසුගිය කාලයේ ඇති වු නියඟය නිසා මාතර බන්ඩත්තර පිහිටි ජලපොම්පාගරයට කරදිය මුසුවීමේ තර්ජනය අවම කිරීමට මාතර ගගේ ජලපොම්පාගාරය අසල වැලි කොට්ට යොදා විශාල බාධකයක් ඉදි කල අතර මෙය හදීසියේ ඇතිවන ගංවතුර තර්ජනය ගැන කිසිම හැදෑරීමක් නොකොට ජල සම්පාදන මණ්ඩලය විසින් හිතුවක්කාර ලෙස මාස 6 කට පෙර නිසි අධ්‍යයනයකින් තොරව හිතු මතේට ඉදි කොට ඇති බැව් ප්‍රදේශවාසීහු චෝදනා කරයි.
මෙම වැලි කොට්ට බාධකය දැන්වත් වහාම ඉවත් කලොත් සුපුරුදු පරිදි මාතර ගගේ ගංවතුර මුහුදට ගලා යෑමට අවකාශ ලැබෙනු ඇත. එහෙත් මෙතෙක් බලධාරීන් මේ සම්බන්ධව පියවරක් නොගෙන ඉතිරි ප්‍රදේශත් ගංවතුරට යටවීමට ඉඩ දී බලාසිටින බවක් දැනගන්නට ලැබී ඇත. මේ නිසා මේ වනවිට දෙනියාය, මොරවක, අකුරැස්ස, වැලිගම ඇතුළු ප්‍රදේශ ගනනාවක්ම ගංවතුර යටවෙමින් පවති.