මාතර නිලේකා කොල්ලකරුවන් වෙඩි තබා ඇත්තේ ඉහල පෙලේ ප්‍රභූ ආරක්ෂක ගිනිඅවියකින්…
June 25, 2018 at 10:40 am | lanka C news
මාතර නගරයේ පිහිටි ප්‍රසිද්ධ ස්වර්ණාභරණ අලෙවිසලක් කොල්ලකෑමට පැමිණි පාතාල කල්ලිය වෙඩි තැබීමට භාවිත කර ඇත්තේ ඉහළ පෙළේ ප්රභූන්ගේ ආරක්ෂාව සඳහා යොදා ගන්නා මිනිඋෟෂි වර්ගයේ ස්වයංක්‍රිය ගිනිඅවියක් බවට මූලික පොලිස් පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වී තිබේ.
ඉහළ පෙළේ ප්රභූන්ට ආරක්ෂාව සලසන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ ප්‍රභූ ආරක්ෂක අංශයේ නිලධාරීන් සීමිත සංඛ්‍යාවකට සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ හා විශේෂ බළකා සෙබළුන් මෙම විශේෂිත ගිනි අවිය භාවිත කරන බවද ආරක්ෂක අංශ ඉහළ පෙළේ නිලධාරියෙක් පැවැසීය.
මෙරට ආරක්ෂක අංශය සඳහා ඉතා සීමිත සංඛ්‍යාවක් නිකුත් කර ඇති මෙම විශේෂිත ගිනි අවිය පාතාල කල්ලි අතට පත්වූයේ කෙසේද යන්න සෙවීමට විශේෂ පොලිස් පරීක්ෂණයක්ද මේ වන විට මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජී. එච්. මාරපන මහතාගේ අධීක්ෂණය සහ උපදෙස් මත මේ වන විට ආරම්භ කොට තිබේ.
ස්වර්ණාභරණ අලෙවිසල තුළ මෙම ගිනි අවිය භාවිත කර ඇත්තේ පොලිස් වෙඩි පහරින් මියගිය චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර විසින් බවද විමර්ශනවලදී හෙළිවී තිබේ.
දැනට අත්අඩංගුවේ පසුවන කොස්ගොඩ තාරකගේ නායකත්වය මත කොල්ලය සැලසුම් කර ඇති අතර එය ව්‍යර්ථ කිරීමට පැමිණි පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීම සඳහා භාවිත කර ඇත්තේද මිනිඋෟෂි වර්ගයේ මෙම ස්වංක්රිය ගිනි අවිය බවද පොලිසිය පවසයි.
මිනිඋෟෂි වර්ගයේ ස්වංක්රිය ගිනි අවිය සමඟ මිලීමීටර් 9 වර්ගයේ සජීව පතරොම් 18ක් සහිත මැගසින් එකක්ද පොලිස් භාරයට ගැනුණි.
මෙම ගිනි අවිය ශ්‍රී ලංකා පොලිසියේ ගිනිඅවි පිළිබඳ විශේෂඥවරුන් විසින් පෙරේදා (23දා) පරීක්ෂා කර ඇති අතර එහි වාර්තාව මේ සතිය තුළ ලැබීමට නියමිතව ඇතැයිද උසස් පොලිස් නිලධාරියකු සඳහන් කෙළේය.
විදෙස් රටක නිෂ්පාදනය කොට ඇති මෙම ගිනි අවිය පිළිබඳ ඉදිරියේදී අධිකරණ නියෝග මත රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කොට වාර්තාවක් ලබා ගන්නා බවද එම නිලධාරියා පැවසීය.
ඊයේ (24දා) පස්වරුව වන විටත් කොල්ලයට පැමිණි පාතාල සාමාජිකයන්ට මෙම ගිනි අවිය කෙසේ ලැබුණේද යන්න සොයා ගැනීමට නොහැකිවූ බවද එම උසස් නිලධාරියා සඳහන් කළේය.
මෙවැනි ගිනි අවි ඊශ්‍රායලය නිෂ්පාදනය කරන අතර යුද්ධය පැවැති සමයේ එල්.ටී.ටී.ඊ. නායකයන්ද මෙවැනි ගිනි අවි භාවිත කර ඇතැයි වාර්තාවේ.
එසේම මෙවැනි නවීන ගිනි අවි පාතාල කල්ලි අතට පත්වීම මෙරට ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් බවද ආරක්ෂක අංශ පවසයි.
– mawbima
pataleta kade yana emthiyek inne dakune eya gen ahanna yahapalanaya neda tiyenne thuk ratama kew a ayeth dipalla chande me gon hettata
සමහරු කියන විදියට මේ ගිනි අවිය පාවිච්චි කල තැනැත්තා හා ඇමති කෙනෙක් සම්බන්දයක් මේ සිද්දියේ තිබෙනවා .මානව හිමිකම් ගැන
කොල්ල කාරයන්ගේ හිමිකම් ගැන මඥයන් කතා කරන මේ මොනෝ විකාර කාරයා ඇත්තටම ඒ කතා කියන්නේ තමුන්ගේ සගයා වෙනුවෙන් බවයි අපිටත් හිතෙන්නේ .
කුරුදු පොලු නාටකය:
පොලිටික්කා: මල කෙලියයි……. චාමරයව පන පිටින් අල්ල ගත්තද?
පුජිතයා: ඔවු සර්…… ඇයි මොකද?
පොලිටික්කා: මෑන්ස් ලග තියෙන්නේ මගේ වෙපන් එකක්. ඌ ඒක වමාරන්න කලින් එක්මනට ඉවරයක් කරලා දානවා අයිසේ.
පුජිතයා: හොදයි සෑර්. අපි සගවපු බඩු හොයන්න හෙටම මෑන් අරන් යන්නම්.
කැලේට ගෙනිච්චා…. තිබ්බා
පොලිටික්කා හිතනවා: දැන් ඉතින් පාතාලයෝ දැන ගනියිද මම තමා මුව මරන්න ඕඩර් එක දුන්නේ කියලා? පාතාලයින්ගේ බේරෙන්නත් එපැයි.
පොලිටික්ක මාධ්‍ය ඉදිරියේ: මේක යමපාලනයද? මෙහෙම අපරාධකාරයෝ මරල පුලුවන්ද?
Niyama kathava aiya. Elakiri. Mama hithanne meka thamai aththa kathava.
😀 😀 😀
Gamage gen ahuwa nan kiyay. Eyane magulatat sign karai
ඒ මංකොල්ලා කාරයෙක් පොලීසියෙන් වෙඩි තියල මරපු එක ගැන එක්තරා ප්‍රභල ඇමතියෙක් තදින්ම පොලීසියට දොස් කීවා, ප්‍රසිද්ධියේම…දැන් තේරෙනවා ඇයි කියා…
Mini Ushi eken wedi thibba… thuwakkuwa bawitha karanne prabu arakshaka anshe aya…… kolla thuwakkuwa daala giya…. weapon eka police yata ahu una…… chamara kolla gaawa thamai mini ushiya thibbe…. eda hawasama chamara kolla ath bombayak gahanna gihin wedi kewa….. awastha sambandaya nikamata wage penawa…. kelinma sakshiya nethi kala….
Kaageda Mini Ushi eka ????????? Pinsiriyage arakshake ekak da ?
Ehema thama………….. marapan kiyanawa. Pasuwa ප්‍රභල ඇමතියෙක් තදින්ම පොලීසියට දොස් කීවා, ප්‍රසිද්ධියේම……….. meka ithin begal amathi kenek kiyala kawuruth dannawa ne.
Muge waasiyatama ne hamadama weda kalay.
Owuwa ohoma thama……….. Wam thin gannawa… dakunu athin bedanawa.