මාතර නිලේකා ජුවලරි කොල්ලයට සන්ධාන අපේක්‍ෂිකාවක් අත්අඩංගුවට.. පොලිසිය නාන කාමරයේ දොර කඩා අල්ලා ගනී..

June 24, 2018 at 3:00 pm | lanka C news
මාතර නිලේකා ජුවලරි කොල්ලයට සන්ධාන අපේක්‍ෂිකාවක් අත්අඩංගුවට.. පොලිසිය නාන කාමරයේ දොර කඩා අල්ලා ගනී..

මාතර නිලේකා ජුවලරි ආයතනය කොල්ල කෑමට, සිය නමට ලියා පදිංචි කර තිබෙන යතුරු පැදිය ලබා දුන් බව කියන කොස්ගොඩ, නානතොට පදිංචි කාන්තාවක් කොස්ගොඩ පොලීසිය මගින් අත් අඩංගුව ගෙන තිබේ.

සැකකාරිය ඊයේ (23) බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ඉසෙඩ් පී එම් ලියාකාත් මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු 2018 ජූලි මස 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නියෝග කළේය.

මෙසේ අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ අංක 403ඒ1, නානතොට පළාත, කොස්ගොඩ ලිපිනයේ පදිංචි අගම්පොඩි ජානකී ප්‍රියන්ති ද සොයිසා (51) නැමැති කාන්තාවයි.

පසුගිය පෙරේදා (22) දින මාතර නිලේකා ජුවලරි ආයතනය මංකොල්ල කෑමට කොල්ල කරුවන් පැමිණි එක් යතුරු පැදියක් සැකකාරියට අයත් බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. මේ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා තහවුරු කර ගත් බවද කොස්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. VKC – 6227 අංකය දරණ මෙම යතුරු පැදිය හොණ්ඩා SZ වර්ගයේ එකක් බවද පොලීසිය කියයි.

සැකකාරිය, කොල්ලයේ ප්‍රධානතම සැකකරු වන පාතාල නායක කොස්ගොඩ, නානාතොට පදිංචි ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර (24) නොහොත් කොස්ගොඩ තාරකගේ සහ ඔහුගේ සොහොයුරු මධුක නිර්මාල් පෙරේරා විජේසේකර (22) යන අයගේ මව බවද කොස්ගොඩ පොලිසිය කියයි. මොවුන් දෙදෙනාම කොල්ලයේදී පොලිස් වෙඩි පහරින් බරපතල තුවාල ලබා මේ වන විට ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

සැකකකාරිය අත් අඩංගුවට ගැනීම සදහා පොලීසිය ගොස් ඇත්තේ පෙරේදා (22) සවස 3.00 ට පමණය. ඇය පොලීසිය දුටු සැනින් නිවස තුලට ගොස් දොරවසාගෙන තිබේ. 3.30 වන තෙක් පොලීසිය ඇයට කතා කලත් දොර නෑරිය බව පොලීසිය කියයි. පසුව පොලීසිය විසින් නිවසේ දොර කඩා තිබේ. එවිට ඇය නිවසේ කාමරයකට වී දොරගුළු ලා ගෙන ඇත. පොලිසිය කාමරයේ දොර කඩන විට ඇය එම කාමරයට අයත් නාන කාමරයට වි දොරගුළු ලාගෙන ඇත. පසුව ඇය පොලිසීය විසින් අත් අඩංගුවට ගෙන ඇත්තේ නාන කාමරයේද දොර කැඩීමෙන් පසුව බව පොලීසිය කියයි.

ප්‍රබල ශ්‍රීලනිප පාක්ෂිකයෙකු වන සැකකාරිය, 2018 පෙබරවාරි 10 දින පැවති බළපිටිය ප්‍රාදේශීය සභා ඡන්දයට එජනිසං යටතේ නානාතොට පළාත කොට්ඨාශයට තරග කොට පරාජයට පත් විය. සැකකකාරියගේ ස්වාමිපුරුෂයාද මීට වසර කීපයකට පෙර ගෙවත්තේ ළිදට වැටී මියගොස් තිබේ. ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරන්නේ සැකකාරියගේ ස්වාමිපුරුෂයා කව්රුන් විසින් හෝ ළිදට තල්ලුකර ඝාතනය කර ඇති බවයි.

– ජයකාන්ත ලියනගේ

24 views

12 Comments to “මාතර නිලේකා ජුවලරි කොල්ලයට සන්ධාන අපේක්‍ෂිකාවක් අත්අඩංගුවට.. පොලිසිය නාන කාමරයේ දොර කඩා අල්ලා ගනී..”

  1. බබා says:

    මටනම් මේ සිදුවීමෙන් මියගිය හා තුවාල ලැබූ පොලිස් නිලධාරීන් ගැන කණගාටුයි. පිට රටවල නම් පොලිස් නිලධාරීන් හැමවිටම බොඩි ආමර් පැලඳගෙන රාජකාරි පිස්තෝලය සහිතව ඉන්නෙ.මේ නිලධාරීන්ටත් බොඩි ආමර් දීල තිබුනනම් ජීවිතය බේරගන්න තිබුන.දැන්වත් බලධාරීන් ඒ ගැන අවධානය යොමුකරන්න.

    • Amda says:

      මෙහෙ බොඩි ආමර් ඇඳන් ඉන්නෙ දේසපාලකයො කියල දන්නෙ නැද්ද

      • බබා says:

        ඒක මම දන්නවා.නමුත් මේ අදහස දුන්නෙ ඉදිරියෙදි හරි මේ වගේ සිදුවීම් වලදි ජීවිත හානි වලක්වාගන්න.

  2. Open mind says:

    පට්ට බොරු….සංධානයේ එහෙම අය නැහැ.

  3. David Milli-banda says:

    Sira ge saha Amaraweera bus condostharayage pinthurath naana kaamare thibila…
    Deiyoooooooooooooo Sakkiiiiiiiiiiiiiiii

  4. kith says:

    Who is this Hitler that gives orders to police to break in to bathroom when a woman is in it?

  5. chandi says:

    mangala ge kalliye ekek hora.

  6. Alapaluwa says:

    බුදු අම්මෝ මෙවැනි අයද ජනතාව පළාත් පාළන චන්දවලින් පත්කර ජනතාවගේ සේවය වෙනුවෙ එවන්නේ.රටට නම් දෙවියන්ගේම පිහිටයි වෙනනම් කිසිම පිළිසරණක් නම් පෙනෙන මානයක නැත.අපේ ගොටභය මැතිතුමා පැමිණෙනතෙක්.

    • එයා ආවත් එච්චරම තමයි. ඒ හයිෆයි පාතාලෙ. එයත් මේ පාතාලය වගේමනෙ. තමන්ට විරුද්ධ අයව ගෝලයො දාල මරවනවා. කොමිස් වලින් කොල්ලකනවා. මහජන මුදල් ⁣කොල්ල කාල ස්මාරක හදනවා. තියෙන දේශපාලන බලයෙන් පාතාල කෙරුම් වහගෙන ඉන්නවා.

      • Boo says:

        ඒ විතරක්ද? ලම්බෝගිනි ගේනවා, ඩුබායි බැංකු ගිණුම් පවත්වනවා, රත්තරං අස්සයෝ ගන්නවා, හෙලිකොප්ටර් සල්ලි දීල ගන්නවා…. අපිට තවම මතකයි ඒ ලැයිස්තුව.

        වැඩේ කියන්නේ අවුරුදු තුනහමාරක් ගිහිල්ලත් පොන්න මහ බැංකු හොරා ඔය කියන එක දෙයක්වත් තවම ඔප්පු නොකර ඉන්න එකයි, ඒ ලනු ගැට පිටින් ගිලින්න පුරුදු කරපු ක්‍රෝටන් කොළ සමඟ තණකොළ සහ පුනක්කු බුදින හරකුන් රැලක් සවසට රුපියල් 1600 ගානේ ගෙවලා ඇතිකරගෙන යන්න පුළුවන් වෙලා තියෙන එකයි තමයි නියම දක්ෂ කම.

        රනිලා නියම දක්ෂ එඬේරා , නැතුව ඔහොම කීකරු හරක් රැලක් ඇතිකර ගෙන ඉන්න ලේසි නෑ.

        • කුනු දතා says:

          ඇයි බූ මතක නැද්ද. මීට මාසයකට ඉස්සර අර කුනු දතා කිව්වෙ ඩුබායි බැන්කු වල තියෙන නාමල්ගෙ සල්ලි ගේනව කියල. මුන්ට බොරු කියල ඉවරයක් නැහැ. යහ පාලනේ ඉන්න කාලකන්නින්ට කියන්න තියෙන්නෙ බොරු විතරයි.

Main News