මාතර-මත්තල අධිවේගී මාර්ග කොටස වසා දමයි…?

December 4, 2019 at 8:40 am | lanka C news
මාතර-මත්තල අධිවේගී මාර්ග කොටස වසා දමයි…?

වරාය හා නාවික කටයුතු සහ මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍ර‍නාන්දු මහතා දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මත්තල දක්වා කොටසෙහි ඉදිකිරීම් වල ප්‍ර‍ගතිය සොයාබැලීම සඳහා එක්විය.

එහිදී වැටිය – මත්තල සහ අන්දර වැව – හම්බන්තොට කොටස අනාරක්ෂිතව විවෘත කර ඇති බවත් එය විවෘත කිරීම සඳහා පසුගිය ආණ්ඩුව බලහත්කාරයෙන් අනුමැතිය ලබාගෙන ඇති බවට ද නිළධාරීන් විසින් අමාත්‍යවරයා දැනුවත් කරන ලදි.

එහිදී මාධ්‍යවේදීන් පිරිසක් අධිවේගී මාර්ගයේ වැඩ අවසන් වීමට ප්‍ර‍ථම විවෘත කිරීම පිළිබඳ අමාත්‍යවරයාගෙන් විමසීමක් කළහ. ඊට පිළිතුරු ලබාදෙමින් ගරු අමාත්‍යවරයා පැවසූයේ, “දැං මං හිතන්නේ ඊයේ හරි පෙරේදා හරි වල් අලි ඉඳලා තියෙනවා අධිවේගී මාර්ගයේ.

මම හිතන්නේ තව වැඩ ගණනාවක් අවසන් කරන්න තියෙනවා. මම දකින්නේ මේ ජීවිත සම්පූර්ණයෙන්ම බිල්ලට අරගන්න බලාගෙන තමයි මේ අධිවේගී මාර්ගය විවෘත කරලා තියෙන්නේ. ඒක ඉතාම වැරදි දෙයක්. මේකෙ ගිනි නිවන හමුදාවක් නැහැ, ඇම්බියුලන්ස් නැහැ, අවශ්‍ය කරන වැඩකටයුතු අවසන් කරලා නැහැ.

ඒ නිසා මම වහාම වාර්තාවක් දෙන්න කිව්වා. ඒ ගැන අපි බලලා ඉවර වෙලා මේක වහන්න සිදු වුණොත් මෙහි වැඩ කටයුතු අවසන් වන තෙක් අපි මේක වහනවා. හේතුව මේකෙ වගකීම, ජනතාවගේ ජීවිත සම්බන්ධව කවුරු හරි වගකීම ගන්නවා නම් එහෙනම් ඒකෙ ප්‍ර‍ශ්නයක් නැහැ. මේ ගැන අපි සොයා බලනවා.

නිළධාරී කිහිපදෙනෙක් මට කිව්වා පසුගිය ආණ්ඩුව විසින් බලහත්කාරයෙන් මේ විවෘත කිරීම ලබාගත්තේ කියලා. ඔවුන් ඒ ගැන ප්‍ර‍කාශ කරලා තියෙනවා පෞද්ගලිකව. ඒ නිසා අපි ඒ ගැන සොයා බලලා නැවැරදි තීන්දුවක් ගන්නවා. අපිට ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරන්න බැහැ…..” යැයි ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

එම අවස්ථාවට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

– මාධ්‍ය ඒකකය

601 views

3 Comments to “මාතර-මත්තල අධිවේගී මාර්ග කොටස වසා දමයි…?”

  1. jackson says:

    Owu, lokka genalla thawa parak viwurtha karala nam gha ganna puluwan.

    • කිරිමෙල් says:

      මහජන මුදලින් මහජනයා සඳහා ඉදිකළ කිසිවක දේශපාලකයන්ගේ නම් අවශ්‍ය නැත.

  2. kiki says:

    Namal baby ge wedding ekata open karaddi weda iwara welada thibbe?

Main News