මාතර 2019 මරණ 5669යි.. 2020දී 5204යි.. එනිසා කොරෝනා නිසා මරණ වැඩි වී නෑ.. කොරෝනාවලට බයවෙන්න දෙයක් නෑ..

September 22, 2021 at 12:02 am | lanka C news
මාතර 2019 මරණ 5669යි.. 2020දී 5204යි.. එනිසා කොරෝනා නිසා මරණ වැඩි වී නෑ.. කොරෝනාවලට බයවෙන්න දෙයක් නෑ..

ලබන මාසය අවසාන වීමට පෙර පෙරපාසල් දරුවන්ට ද එන්නත් ලබාදී පාසැල් විවෘත කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය.

පාසැල් දරුවන් වසර එකහමාරකට අධික කාලයක් ප්‍රාණ ඇපකරුවන් සේ නිවාස තුළ රඳවා තබා ගන්නට සිදුවීම මෑත කාලයක් කාලයේ දරුවන්ගේ ජීවිතයට සිදු වූ විශාලතම බාධාව යැයිද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ වැලිගම ප්‍රදේශයේ පැවැති විවෘත කිරීමේ අවස්ථාවකින් පසු මාධ්‍ය අමතමිනි.

කොරෝනා බලපෑමක් නොවූ 2019 වසරේ මාතර දිස්ත්‍රික්කයේ මියගිය ජනතාව 5669ක් යයිද පැවසූ ඔහු කොරෝනා පැවැති 2020 වර්ෂයේ මාතර දිස්ත්‍රික්කයේ මියගිය පිරිස 2204ක් යයිද පැවසීය.

එනිසා කොරෝනා නිසා මරණ වැඩිවී නැති බවත් කොරෝනා වලට බිය විය යුතු නැති බව ඔහු සඳහන් කළේය.

23,247 views

26 Comments to “මාතර 2019 මරණ 5669යි.. 2020දී 5204යි.. එනිසා කොරෝනා නිසා මරණ වැඩි වී නෑ.. කොරෝනාවලට බයවෙන්න දෙයක් නෑ..”

  1. Rathnayake says:

    මැරෙන්නෙත් නැත්තන් මොකටද එන්නත්? මේ එන්නත් දීලා ළමයි විනාශ කරන්න එපා

    • කුඹුක්කණ් says:

      මේ හුලස් අලහප්පෙරුමට මොලේ ටිකක් දීපංකො, එන්නත් ගහලා මෙලෝ වැඩක් නැති ලෙඩකට ළමයින්ව විනාශ කරන්න හදන්නෙ.

  2. dil says:

    Oooh. What a fool. Corona death toll occurs in 2021, not in 2020 or 2019. So, compare with 2021. That is also doubtful because, we can’t rely on government sources.

  3. ගෞම් ඊයාරාජ් says:

    ඔය ඩලස්ගේ ඔර්ජිනල් එකෙන් කියන කතා නෙමේ , ඩලස් කියන දේශපාලකයගේ ෆේක් එකෙන් මාතර ඉන්න පුන්නක්කු බෛයො අන්දන්න කරන ගැලරි කතා , උබලා ඔහොම මිනිස්සු අන්දන්න එපා , උන් ඇත්තටම උබලා ඔය කියන බෛලා විශ්වාෂ කරනවා.

  4. Thirana says:

    කොරෝනා මරන පටන්ගත්තේ 2021 නේද. එතකොට මොකක්ද මේ 2020 සහ 2021 සන්සන්දනය.

    • Norata Eka says:

      ඔවු, කොරෝනා මරන පටන් ගත්තේ 2021 කේ , එන්නත්කරනයත් සමග…
      Covid-19 status Sri Lanka , Covid-19 vaccination status Sri Lanka …graph දෙක සසදා බලන්න…
      ලෝකයේ තත්වයත් මේකම තමයි …

      • Delta says:

        If you are against the Vaccination then I challenge you to go and look after a few Covid patients… Will you?

      • WesternDoc says:

        ඔව් බැලුව. doses දෙකම ගත්ත ප්‍රතිශතයත් එක්ක, මරණ ගණනේ අඩුවීමක් තියනවා. එන්නත් කරණය සම්පුර්ණ කරපු අනිත් රටවලත් (මාත්‍රා දෙකම හෝ නියමිත ගණන) ඒ pattern එකම තියනවා. Germany , France වගෙත් බලන්ඩ.

  5. Udayana says:

    He is not education minister now, correction to be done figures.

  6. සවාධීන says:

    ඩලස් අලහප්පෙරුම ගේ ගෑනී දරුවන් දෑනට ජීවත් වෙන්නේ ලංකාවෙ ද, ඇමරිකාවෙ ද?

Main News